අපි කලින් articles කිහිපයකින්ම කතා කළා ඕස්ට්‍රේලියාවේ තිබෙන විවිධ නිවාස වර්ග ගැන. අද අපි කතා කරන්නේ ඕස්ට්‍රේලියාවේ තිබෙන තවත් Residential Rental Properties වර්ගයක් වෙන Duplexes සහ Semi-Detached Homes ගැන.
Duplexes and Semi-Detached Homes තනි පොදු බිත්තියකින් සම්බන්ධ වෙන නිවාස දෙකකින් සමන්විත වෙනවා.
මේ නිවාස වල ප්‍රධාන ලක්ෂණ වෙන්නේ;
- තනි ව්‍යුහයක් ලෙස ඉදිකර තිබෙන නිවාස 2ක්
- සෑම නිවසකටම වෙනම පිවිසුමක්
- Privacy එක apartments වලට වඩා වැඩි නමුත් detached houses වලට වඩා අඩුයි
- Established residential neighborhoods වල නිතර දැකගන්න පුළුවන්
Semi-detached House එකක් කියන්නේ මොකක්ද?
Semi-detached House එකක් කියන්නේ එක බිත්තියක් තවත් වාසස්ථානයක් සමඟ බෙදා ගන්නා single-family home එකක්. සෑම නිවසකටම සාමාන්‍යයෙන් තමන්ගේම entrance එකක්, driveway එකක්, garden එකක් හෝ yard එකක්, සහ land title එකක් තිබෙනවා. බොහෝ අවස්ථාවන් වලදී, මෙම නිවාස එකිනෙකට pair and mirror layout එකකින් නිම කරලා තිබෙනවා.
Semi-detached House බොහෝ විට suburban areas වල දැකගන්න පුළුවන්. මෙම නිවාස detached houses වල තිබෙන ඉඩ ප්‍රමාණය වගේම සහ townhouse මෙන් දැරිය හැකි මිල ගණන් වලට ලබාගන්න පුළුවන්.
ඕස්ට්‍රේලියාවේ, Semi-detached House සාමාන්‍යයෙන් Torrens ලෙසත් හඳුන්වනවා. මෙයින් අදහස් කරන්නේ සෑම පැත්තක්ම නීත්‍යානුකූලව තමන්ගේම ඉඩමක් සහ හිමිකමක් ඇති වෙනම දේපලක් වන අතර, strata agreements නොමැතිවත් හිමිකරුවන්ට සම්පූර්ණ පාලනය ලබා දෙනවා.
Duplex කියන්නේ මොකක්ද?
Duplex කියන්නේ නිවාස 2ක් අඩංගු නේවාසික ගොඩනැගිල්ලක්. මේවා එකිනෙකට යාබදව, තට්ටු ලෙස හෝ වෙනත් ආකාරවලින් සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. Duplex, Torrens titled, strata titled හෝ company titled ලෙස නම් කර තිබෙන්න පුළුවන්. එක් එක් හිමිකරුට දේපළ කෙරෙහි කොපමණ පාලනයක් තිබේද යන්න title එකේ වර්ගය මත තීරණය වෙනවා.
උදාහරණයක් විදිහට, Torrens title duplex එකක්, සෑම හිමිකරුටම ඔවුන්ගේ භාගයේ සහ එය පිහිටා ඇති ඉඩමේ සම්පූර්ණ අයිතිය ලබා දෙනවා. Strata title duplexes, driveways, gardens හෝ roofs වැනි common areas බෙදා ගන්නවා. මෙම අවස්ථාවේ දී Ownersලා, shared spaces සහ insurance කළමනාකරණය කිරීම සඳහා body corporate එකක් සාදාගන්නවා.
Duplex බොහෝ විට ඉදිකරනු ලබන්නේ සමීපව නමුත් ස්වාධීනව ජීවත් වීමට කැමති ආයෝජකයින් හෝ multi-generational families සඳහායි. සමහර councils වල, Duplexes ලෙස සුදුසුකම් ලබන dual occupancy designs, කුලී ආදායම වැඩි කර ගැනීමට හෝ එක් කොටසක අමතර ආදායමක් උපයා ගැනීමට අවස්ථාව සලසා දෙනවා.