South Australia හි පාසල් කලාප වල වේග සීමාවන් පැනවීමෙන් පසු සති කිහිපයක් තුළ රියදුරන් 12000 කට වැඩි පිරිසකට දඩ නියම කර ඇති අතර එම මුදල $700,000 කට ආසන්නයි.
පාසල් අසල ප්‍රධාන මාර්ගවල 40km/h ක නව කලාප, ප්‍රාන්තය පුරා ක්‍රියාත්මක කිරීමෙන් දඩ මුදල් පැනවෙන අතර, පාසල් දිනවල පෙ.ව. 8 සිට 9:30 දක්වා සහ ප.ව. 2 සිට ප.ව. 4 දක්වා නියමිත වේලාවන් තුළ දැඩි ලෙස ක්‍රියාත්මක වෙනවා.
නිරීක්ෂණය කරන ලද ස්ථාන 2ක දිනකට රියදුරන් 24 දෙනෙකුට සාමාන්‍යයෙන් දඬුවම් ලබා දී ඇති අතර, සති 11 ක් තුළ මෝටර් රථ හිමියන් 1,200 කට ආසන්න සංඛ්‍යාවකට දඩ නියම කර තිබෙනවා.
එම මුළු මුදල ආසන්න වශයෙන් $649,037 ක්.
ඇතැම් අය පවසන්නේ පාසල් යන වයසේ දරුවන් නොමැති අයට මෙම නීති අර්ථකථනය කිරීමට අපහසු බවයි. තවත් සමහරු රියදුරන් මත පැටවෙන මානසික බර පෙන්වා දෙනවා.
ඔවුන් පවසන්නේ එම මාර්ග සංඥාව දුටු විට වෙලාව පරීක්ෂා කිරීම සහ එය පාසල් දවසක්ද නැත්ද යන්න සලකා බැලීම අපහසු බවයි.
RAA නව නීතිරීතිවලට සහාය දී ඇති අතර, ඉහළ වාහන තදබදයක් ඇති ප්‍රදේශවල අවදානම අඩු කිරීම සඳහා අඩු වේග සීමාවන් අනිවාර්ය කර ඇති බව ඔවුන් තර්ක කරනවා.
අනතුරු දත්ත පෙන්වා දෙන්නේ ළමුන් සම්බන්ධ තුවාල සිදුවීම් වලින් ආසන්න වශයෙන් 40% ක් පමණ සිදුවන්නේ පාසල් වෙත යන එන කාලවලදී බවයි.
පාසල් 160 කට වැඩි සංඛ්‍යාවකට නව සීමාවන් යෙදීමට නියමිත අතර, ආසන්න වශයෙන් 60 ක් දැනටමත් ක්‍රියාත්මක වෙනවා.
නිරීක්ෂණය කරන ලද ස්ථාන දෙකක flashing signs සවි කර ඇති අතර, rollout locations 60 න් බොහොමයක් static signage මත රඳා පවතිනවා.
South Australian මෝටර් රථ හිමියන් මෙම සංඥා, විශේෂයෙන් flashing හෝ electronic displays වලින් වෙනස් කරන ලෙස ඉල්ලා සිටිනවා.
කෙසේ වෙතත්, school zones සහ දඩ මුදල් වසර ගණනාවක් තිස්සේ අනෙකුත් states සහ territories වල ක්‍රියාත්මක කර ඇති අතර, දැන් South Australia ඊට අනුකූල වෙමින් පවතිනවා.
Image credit: www.news.com.au