ඕස්ට්‍රේලියාවේ Working Holiday Visa නීති වෙනස් වෙයි! Apply කරන්න කලින් දැනගන්න.

ඕස්ට්‍රේලියාවේ Working Holiday Maker (WHM) වීසා බලපත්‍රලාභීන් සඳහා ඉදිරියේදී සිදුවීමට නියමිත වැදගත් නීතිමය වෙනස්කම් කිහිපයක් පිළිබඳව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (Department of Home Affairs) විසින් නිවේදනය කර තිබෙනවා. දෙවන (Second) සහ තුන්වන (Third) WHM වීසා (Subclasses 417 සහ 462) සඳහා අයදුම් කරන පිරිසට මෙම නව නීති ඍජුවම බලපානවා.

මෙම නව වෙනස්කම් සිදුවන ආකාරය සහ ඒ සඳහා සූදානම් විය යුතු ආකාරය 

1. නව Registration සහ Invitation ක්‍රියාවලිය
මෙතෙක් පැවති සෘජු අයදුම් කිරීමේ ක්‍රමය වෙනුවට, ඉදිරියේදී නව ලියාපදිංචි වීමේ (Registration) සහ ආරාධනා ලබා දීමේ (Invitation) ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිතව තිබෙනවා.

ලියාපදිංචිය ආරම්භය: 2026 දෙසැම්බර් 1 වන දින සිට දෙවන සහ තුන්වන WHM වීසා සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව විවෘත වෙනවා.

නව නීතිය ක්‍රියාත්මක වීම: 2027 මාර්තු 1 වන දින සිට, තවත් WHM වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට නම් අයදුම්කරුවන් පළමුව Register වී, ඒ සඳහා තේරී පත් වී (Selected), අදාළ Specified work අවශ්‍යතා සම්පූර්ණ කර තිබීම අනිවාර්ය වෙනවා.

Next Year Regional Work Guarantee: ඔබට වීසා අයදුම් කිරීමට ආරාධනාවක් (Invitation) ලැබුණහොත්, එමගින් ‘Next Year Regional Work Guarantee’ එකක් හිමිවෙනවා. ඒ අනුව, Specified work ඇතුළු අනෙකුත් සියලුම සුදුසුකම් සපුරාලීමෙන් පසු ඔබට ඊළඟ වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලැබෙනවා.

විශේෂ නිදහස් කිරීමක්: එක්සත් රාජධානියේ ගමන් බලපත්‍ර හිමියන් (UK passport holders) මෙම නව Registration සහ Invitation ක්‍රියාවලියෙන් නිදහස් කර තිබෙනවා.

2. සංක්‍රාන්ති කාලසීමාව (Transitional Application Process)
නව නීති ක්‍රියාත්මක වීමට පෙර දැනටමත් සුදුසුකම් සපුරමින් සිටින අයදුම්කරුවන් වෙනුවෙන් විශේෂ සහන කාලයක් (Transitional period) ලබා දී තිබෙනවා.

2027 පෙබරවාරි 28 දක්වා පැරණි ක්‍රමයට අයදුම් කළ හැකියි: ඔබ පහත සඳහන් කොන්දේසි සපුරාලන්නේ නම්, 2027 පෙබරවාරි 28 වන දින හෝ ඊට පෙර පැවති ආකාරයටම සෘජුවම දෙවන හෝ තුන්වන WHM වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට හැකියාව තිබෙනවා.

2027 පෙබරවාරි 28 වන විට අදාළ Specified work ප්‍රමාණය සම්පූර්ණ කර තිබීම.

2027 පෙබරවාරි 28 වන විට වලංගු වීසා අයදුම්පතක් (Valid visa application) යොමු කර තිබීම.

අනෙකුත් සියලුම වීසා සුදුසුකම් සපුරා තිබීම.

මෙම දිනයට පෙර වීසා අයදුම්පත යොමු කිරීමට නොහැකි වන සියලු දෙනා අනිවාර්යයෙන්ම නව Registration සහ Invitation ක්‍රියාවලියට යටත් වෙනවා.

3. Specified Work දින ගණන වෙනස් වීම
දෙවන වීසා බලපත්‍රය ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු වැඩ කරන දින ගණන (Specified work requirement) ද ඉහළ දමා තිබෙනවා.

දෙවන WHM වීසා (Second Visa): 2027 මාර්තු 1 වන දින සිට දෙවන WHM වීසා බලපත්‍රය සඳහා සම්පූර්ණ කළ යුතු Specified work දින ගණන දින 88 සිට දින 120 (120 days) දක්වා ඉහළ යනවා.

පෙර කළ වැඩ ගණන් ගැනීම: 2027 මාර්තු 1 වන දිනට පෙර ඔබ විසින් සම්පූර්ණ කරන ලද සුදුසුකම් ලත් Specified work දින ගණන, මෙම නව දින 120 ක සීමාව සඳහා ද වලංගු වන අතර එයට ගණන් ගනු ලබනවා.

තුන්වන WHM වීසා (Third Visa): තුන්වන WHM වීසා බලපත්‍රය සඳහා අවශ්‍ය වන Specified work දින ගණනේ කිසිදු වෙනසක් සිදු වන්නේ නැහැ.

4. නව Invitation ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද?
ඕනෑම තැනක සිට ලියාපදිංචි විය හැකියි: 2026 දෙසැම්බර් 1 වන දින ලියාපදිංචිය විවෘත වූ පසු, ඕස්ට්‍රේලියාව තුළ සිටින හෝ ඉන් පිටත සිටින ඕනෑම අයදුම්කරුවෙකුට තම Specified work සම්පූර්ණ කිරීමට පෙර වුවද මේ සඳහා Register වීමට හැකියාව තිබෙනවා.

පළමු Invitation round එක 2027 ජනවාරි මස මැද භාගයේදී පැවැත්වීමට අපේක්ෂා කරනවා.

අයදුම් කිරීමට මාස 12 ක කාලයක්: ඔබ ඒ සඳහා තේරී පත් වුවහොත් (Selected), අනෙකුත් සියලුම සුදුසුකම් සපුරාලීමට යටත්ව වීසා අයදුම්පත ඉදිරිපත් කිරීම සඳහා ඔබට මාස 12 ක කාලයක් හිමිවෙනවා.

සැලකිලිමත් විය යුතු කරුණු: නිකම්ම Register වීමෙන් ඔබව තෝරා ගන්නා බවට සහතිකයක් ලැබෙන්නේ නැහැ. එමෙන්ම Invitation එකක් ලැබීමෙන් ඔබට වීසා බලපත්‍රය අනිවාර්යයෙන්ම හිමිවන බවට සහතික වීමක් හෝ ඔබගේ දැනට පවතින වීසා කාලය දීර්ඝ වීමක් හෝ සිදුවන්නේ නැහැ. යම් හෙයකින් ඔබ තේරී පත් නොවුණහොත්, ඔබගේ දැනට පවතින වීසා කාලය අවසන් වීමට පෙර ඕස්ට්‍රේලියාවෙන් පිටව යාමට සිදුවෙනවා.

වැඩිදුර තොරතුරු දැනගන්න පිවිසෙන්න:

https://immi.homeaffairs.gov.au/news-media/archive/article?itemId=1464

 

Don't forget to share this post!

Recent Posts