බැති සිතින් සමරන වෙසක් පොහොයේ ඔබ නොදන්නා වැදගත්කම

  • Home
  • /
  • Blog
  • /
  • බැති සිතින් සමරන වෙසක් පොහොයේ ඔබ නොදන්නා වැදගත්කම

වෙසක් පොහොය දිනය බෞද්ධයන්ට අතිශය වැදගත් පුණ්‍යමය දවසක්. බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය ලබාගැනීම සහ පිරිනිවන් පෑම යන සුවිශේෂී සිදුවීම් 3ම සිදුවී ඇත්තේ වෙසක් පෝය දිනකදීයි. එම නිසා වෙසක් දිනය ලොව පුරා බෞද්ධයන් ඉතාමත් ගෞරවයෙන් සමරනු ලබන පොහොය දිනයක්.

ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනක් දෙමින් විචිත්‍රවත් සංස්කෘතික ලක්ෂණ සහිත ආමිස පූජාවන්ද සමඟ සමරන වෙසක් මංගල්‍යය වෙසක් උත්සවයේ සුවිශේෂීත්වය තවත් වැඩි කරනවා. දන්සැල්, වෙසක් කූඩු, තොරණ සහ භක්ති ගීත ආදිය වගේම සීල් සමාදන් වීම්, භාවනා වැඩසටහන්, දානමය කටයුතු ආදිය පෙරටු කරගෙන ලොව පුරා බොදුනුවන් මෙවරත් අප මහා ගෞතම බුදු රජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී තෙමඟුල සමරනවා.

1950 ශ්‍රී ලංකාවේ පැවති ලෝක බෞද්ධ සමුළුවේදී බෞද්ධ රටවල් කිහිපයක්ම එක්ව වෙසක් පොහොය විධිමත්ව සැමරීමට තීරණය කල අතර එය බොහෝ බෞද්ධ රටවල රජයේ නිවාඩු දිනයක්ද වෙනවා. 

2000 වසරේ සිට එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN)ද වෙසක් උත්සවය ජාත්‍යන්තර වශයෙන් සැමරීමට තීරණය කළා.

ශ්‍රී ලංකාවේ මෙන්ම ඕස්ට්‍රේලියාවේ සිටින බොදුනුවන්ද මෙවර වෙසක් උත්සවය මහත් හරසරින් සමරන අතර ඕස්ට්‍රේලියාව පුරා විවිධ ස්ථාන වල අති දැවැන්ත දන්සල් ආදී පින්කම් රැසක් මේ වන විටත් සංවිධානය කර තිබෙනවා.

බුදු තෙමඟුලට අමතරව සුමේධ තාපසයා දීපංකර බුදුරාජානන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම, සතර පෙරනිමිතිවල ව්‍යාධි රූපය දැකීම, යමා මහා පෙළහර පෑම, ආනන්ද හිමියන් පිරිනිවන් පෑම, බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය ලෙස කැලණියට වැඩම කිරීම සහ සුමන සමන් දිවය රාජයාගේ ආරාධනයෙන් සමනල කන්ද මුදුනට වැඩම කර ශ්‍රී පතුල පිහිටුවීම, විජය කුමරුගේ ලංකාගමනය, දේවානම්පියතිස්ස රජුගේ දෙවන රාජාභිෂේකය සිදුවීම, රුවන්වැලි සෑයේ වැඩ ආරම්භ කිරීම සහ මහා විහාරයේ උපසම්පදා උත්සවය මුල්ම වරට ආරම්භ වීම වැනි සිදුවීම් ද සිදුවුණේ වෙසක් පොහොය දිනයක දීයි.

Don't forget to share this post!

Recent Posts

861
May 29, 2026