Qantas වෙතින් දැවැන්ත Sale එකක් – මිලියන 1.4කට අවස්ථාව

  • Home
  • /
  • News
  • /
  • Qantas වෙතින් දැවැන්ත Sale එකක් – මිලියන 1.4කට අවස්ථාව

ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන අපේ අයට සුපිරි ආරංචියක් තමයි මේ අරගෙන ආවේ. ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම ගුවන් සේවයක් වෙන Qantas සමාගම, ඔවුන්ගේ domestic economy seats මිලියන 1.4ක මිල ගණන් අතිවිශාල ලෙස අඩු කරලා තියෙනවා.

මෙහි විශේෂම දේ තමයි සමහර ගමනාන්ත වලට One-way ටිකට් එකක් $105ක් තරම් අඩු මුදලකට ලබා ගන්න පුළුවන් වීම.

 

මොන වගේ ගමන් වලටද මේ වාසිය ලැබෙන්නේ?

මෙම දැවැන්ත sale එක යටතේ routes 33ක් සඳහා $150ට වඩා අඩුවෙන් සහ තවත් routes 59ක් සඳහා $200ට වඩා අඩුවෙන් One-way tickets නිකුත් කරලා තියෙනවා.

 

ප්‍රධාන වශයෙන්ම මිල අඩු වෙලා තියෙන Routes කිහිපයක් මෙන්න:

  • Sydney සිට Byron Bay දක්වා – $105
  • Melbourne සිට Adelaide/Hobart දක්වා – $129
  • Sydney සිට Gold Coast දක්වා – $129
  • සිඩ්නි සිට Armidale, Tamworth, Coffs, Dubbo, Port Mac, Wagga Wagga, Albury යන regional service areas දක්වා – $149

මේ ඇතුළු මුළු ගමනාන්ත 60කට ආසන්න ප්‍රමාණයක Routes 190ක් මේ Sale එකට ඇතුළත් කරලා තියෙනවා.

 

මේ වට්ටම් කවදා වෙනකන් ගන්න පුළුවන්ද?

මේ ටිකට් පත් මිලදී ගන්න පුළුවන් වෙන්නේ 2026 ජූලි 22 වෙනිදා සිට 2027 මැයි 23 වෙනිදා දක්වා අතර කාලසීමාවේ කෙරෙන ගුවන් ගමන් සඳහායි.

Qantas Domestic හි ප්‍රධාන විධායක Markus Svensson පවසන්නේ, “ඉදිරියේදී එන පාසල් නිවාඩු කාලය, නත්තල් හෝ පාස්කු නිවාඩු සඳහා කලින්ම Plan කරන අයට මේක සුපිරි අවස්ථාවක්” බවයි. 

 

කාලය සීමිතයි!

මෙම විශේෂ දීමනාව ජූනි 16 වැනිදා රාත්‍රී 11.59 දක්වා පමණක් වලංගු වන අතර, ඊට පෙර ටිකට් පත් විකිණී අවසන් වුවහොත් දීමනාව අවසන් වීමට ඉඩ තිබෙනවා.

ඉතින් ඔබත් ඔස්ට්‍රේලියාව ඇතුළත සංචාරය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, සල්ලි ඉතුරු කරගෙන ලාභෙට travel කරන්න මේක තමයි හොඳම වෙලාව!

Don't forget to share this post!

Recent Posts

881
June 10, 2026