ඕස්ට්‍රේලියාවේ ඉහළම වටිනාකමක් තියෙන මේ පෞරාණික නිවාස ගැන දන්නවද?

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියාවේ ඉහළම වටිනාකමක් තියෙන මේ පෞරාණික නිවාස ගැන දන්නවද?

අපි කලින් articles කිහිපයකින්ම  ඕස්ට්‍රේලියාවේ තිබෙන විවිධ නිවාස වර්ග ගැන. අද අපි කතා කරන්නේ ඒ වගේම තවත් වැදගත් නිවාස වර්ගයක් ගැන. ඒ තමයි ඕස්ට්‍රේලියානු වාස්තු විද්‍යාවේ අතීත උරුමය සංකේතවත් කරන Terrace Houses.

 

ටෙරස් නිවාස (Terrace Houses)

ඕස්ට්‍රේලියාවේ නාගරික භූ දර්ශනය දෙස බලන විට, විශේෂයෙන්ම සිඩ්නි සහ මෙල්බර්න් වගේ නගරවල පැරණි වීදිවල එක පේළියට ඉදිකළ අලංකාර නිවාස පේළි ඔයා දැකලා ඇති. මේවා Terrace houses ලෙස හඳුන්වනවා. අද වන විට ඉතා ඉහළ වටිනාකමකින් යුත්, ආකර්ෂණීය නිවාස ලෙස සැලකෙන මෙම ගොඩනැගිලි පිටුපස තිබෙන්නේ සිත්ගන්නාසුලු ඉතිහාසයක්.

19 වැනි සියවසේ මුල් භාගයේදී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ලන්ඩනය සහ අනෙකුත් බ්‍රිතාන්‍ය නගරවල තිබූ නිවාස ආකෘතීන් මෙරටට හඳුන්වා දුන්නා. 1850 දශකයේ ඇති වූ Gold Rush හෙවත් රන් ආකර යුගයේදී ඕස්ට්‍රේලියාවේ ඇති වූ ජනගහන වැඩිවීමත් සමඟ, නාගරික ප්‍රදේශවල අඩු ඉඩක වැඩි පිරිසකට පදිංචි විය හැකි ආකාරයට මෙම Terrace නිවාස විශාල වශයෙන් ඉදිකෙරුණා.

1890 දශකයේ ආර්ථික අවපාතය තෙක් පැවති මෙම කාලය තුළ සිඩ්නි සහ මෙල්බර්න් නගරවල මෙම නිවාස බහුලව දක්නට ලැබුණා.

 

Terrace නිවාසවල ඇති සුවිශේෂතා

ඕස්ට්‍රේලියානු Terrace නිවාස බ්‍රිතාන්‍ය ආකෘතියෙන් පටන් ගත්තද, කාලයත් සමඟ ඒවාටම ආවේණික වූ ඕස්ට්‍රේලියානු අනන්‍යතාවයක් ලැබුණා.

Filigree Style: මෙම නිවාසවල දැකිය හැකි Cast iron කැටයම් සහිත බැල්කනි සහ වැරැන්ඩා ඕස්ට්‍රේලියානු ටෙරස් නිවාසවල ඇති සුවිශේෂී සුන්දරත්වයයි.

ගොඩනැගිලි ද්‍රව්‍ය: බොහෝ නිවාස ගඩොලින් ඉදිකර, පිටතින් stucco ආලේප කර තිබෙනවා.

විවිධත්වය: මේවා පන්තිය අනුව වෙනස් වෙනවා. expensive middle-class houses සඳහා මහල් තුන හතරක විශාල නිවාස තිබූ අතර, සාමාන්‍ය කම්කරු පන්තිය සඳහා තනි මහලේ cottages තිබුණා.

20 වැනි සියවසේ මුල් භාගය වන විට, මිනිසුන් නගර මධ්‍යයෙන් පිටත විශාල ඉඩකඩ සහිත නිදහස් නිවාස (Detached Homes) වලට කැමති වීම නිසා ටෙරස් නිවාසවල ජනප්‍රියතාවය අඩු වුණා. 1950 දශකයේදී මේවා ඉවත් කළ යුතු පැල්පත් ලෙස පවා ඇතැම් පිරිස් සැලකුවා.

කෙසේ වෙතත්, 1960 සහ 70 දශකවල සිට මෙම නිවාසවල තිබූ පෞරාණික වටිනාකම සහ නගර මධ්‍යයට ආසන්නව පිහිටා ඇති නිසා නැවතත් ඒවාට දැඩි ඉල්ලුමක් ඇති වුණා. අද වන විට මේවා ඕස්ට්‍රේලියාවේ වඩාත්ම මිල අධික සහ ඉහළ ඉල්ලුමක් ඇති නිවාස ලෙස සලකන්න පුළුවන්. අද ඉදිකරන නවීන townhouse පවා බොහෝ විට මෙම පැරණි Terrace නිවාසවල ආකෘතියෙන් ආභාෂය ලබා තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ කොටසක් වන මෙම නිවාස, අතීත නාගරික සංස්කෘතියේ ජීවමාන සාක්ෂියක් ලෙස අදටත් පවතිනවා.

 

Image credit: en.wikipedia.org

Don't forget to share this post!

Recent Posts

891
June 15, 2026