ඕස්ට්‍රේලියානු Citizenship Test එකේදී අහන අනිවාර්ය ප්‍රශ්න 5 දන්නවද?

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියානු Citizenship Test එකේදී අහන අනිවාර්ය ප්‍රශ්න 5 දන්නවද?

ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය ඕනෑම කෙනෙක්ගේ ඊළඟ ලොකුම හීනය තමයි රටේ පුරවැසිභාවය (Citizenship) ලබාගන්න එක. මේ සඳහා වැදගත් වෙන Residence requirement එක සහ Character requirement එක ගැන අපි කලින් Articles වලින් කතා කරලා තියෙනවා. 

Citizenship එක ලබාගන්න මේ දේවල් විතරක් මදි. ඒකට ඔයාට ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් කියන්නේ කවුද, එහි වගකීම් මොනවාද කියලා හොඳ අවබෝධයක් තියෙන්නම ඕනේ. මේක හරියටම මැනලා බලන්න තමයි ඕස්ට්‍රේලියානු රජයෙන් විශේෂ “පුරවැසිභාවය පිළිබඳ පරීක්ෂණයක්” හෙවත් Citizenship Test එකක් පවත්වන්නේ.

 

ඔයා Citizenship Interview එකට යනකොට ඔයා ළඟ මේ කියන සුදුසුකම් ප්‍රධාන වශයෙන්ම තියෙන්න ඕනේ:

  • ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මූලික දැනුම
  • ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් වීම කියන්නේ මොකක්ද කියන එක ගැන ඔයාට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ.
  • ඕස්ට්‍රේලියාව ගැන මූලික තොරතුරු වගේම, පුරවැසියෙකුට ලැබෙන වරප්‍රසාද සහ පැවරෙන වගකීම් ගැන ඔයා දැනුවත් වෙන්න ඕනේ.
  • නිදහස, අන්‍යෝන්‍ය ගෞරවය සහ සමානාත්මතාවය මත පදනම් වූ ඕස්ට්‍රේලියානු සමාජ වටිනාකම් පිළිගන්න, ඒවට කැපවෙන්න ඔයා සූදානම් වෙන්න ඕනේ.

 

Citizenship Test එකෙන් සමත් වෙන්නේ කොහොමද?

මේ test එකෙන් පාස් වෙන්න නම් ඔයා මුළු ලකුණු ප්‍රමාණයෙන් 75%ක් හෝ ඊට වඩා ලබාගන්න ඕනේ. හැබැයි මෙතන ලොකුම අභියෝගය තියෙන්නේ වෙන තැනක. Australian values ගැන අහන ප්‍රශ්න 5ක් මේ විභාගයට ඇතුළත් වෙනවා. ඒ ප්‍රශ්න 5ටම ඔයා නිවැරදිව පිළිතුරු දෙන්නම ඕනේ. 

 

මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕනේ නම් පහත link එකෙන් ඕස්ට්‍රේලියානු රජයේ immi.homeaffairs.gov.au නිල වෙබ් අඩවියේ Citizenship test and interview පිටුවට පිවිසෙන්න.

https://immi.homeaffairs.gov.au/citizenship/test-and-interview 

 

Don't forget to share this post!

Recent Posts

900
June 22, 2026