රිය පැදවීමේදී Mobile phones භාවිතා කිරීම නිසා සිදුවන අනතුරු වළක්වා ගැනීමට ඕස්ට්‍රේලියාවේ සෑම state එකකම සහ territory එකකම ඉතා තදින් නීති ක්‍රියාත්මක වෙනවා. පොලිසිය විසින් ඔබ වාහනය නිසි පාලනයකින් තොරව ධාවනය කරන බව නිරීක්ෂණය කළහොත්, ඔබට විශාල දඩ මුදලකට සහ Demerit points අහිමි වීමකට මුහුණ දීමට සිදු විය හැකියි.
Transport for NSW ආයතනය මඟින් සිදු කරන ලද පර්යේෂණයකට අනුව හෙළි වී ඇත්තේ, රිය පදවන අතරතුර දුරකථනයක් භාවිත කිරීමෙන් අනතුරක් වීමේ අවදානම හතර ගුණයකින් ඉහළ යන බවයි. එමෙන්ම, තත්පර 2ක් වැනි සුළු කාලයකට වුවද පාරෙන් දෑස් ඉවතට ගැනීම, අනතුරක් සිදුවීමේ ප්‍රවණතාව දෙගුණයකින් වැඩි කරනවා.
Distracted driving ගැන අපි articles කිහිපයකින්ම ගොඩක් දේවල් කතා කළා. අද අපි බලමු මේ හා සම්බන්ධ නීති රීති.
ජංගම දුරකථන භාවිතය සම්බන්ධයෙන් පනවා ඇති මූලික රීති
පූර්ණ රියදුරු බලපත්‍රයක් සහිත රියදුරන් සඳහා:
- රිය පදවන අතරතුර කිසිදු විටෙක දුරකථනය අතින් අල්ලාගෙන සිටීම තහනම් වෙනවා.
- දුරකථනය භාවිත කළ හැක්කේ Hands-free භාවිතා කර හෝ වාහනයේ නිසි පරිදි සවි කරන ලද Cradle එකක තබා තිබේ නම් පමණයි.
- එවැනි අවස්ථාවකදී වුවද, දුරකථනය භාවිත කළ හැක්කේ දුරකථන ඇමතුම් ලබා ගැනීමට, සංගීතයට සවන් දීමට හෝ Navigation සඳහා පමණයි.
- රිය පදවන අතරතුර Text පණිවිඩ යැවීම, Email බැලීම, Social media භාවිතය, ඡායාරූප හෝ වීඩියෝ ලබා ගැනීම සහ අනෙකුත් Apps භාවිත කිරීම සපුරා තහනම්.
Learner, P1 & P2 රියදුරන් සඳහා;
- Learner සහ P1 රියදුරන්: NSW, QLD, SA, TAS සහ VIC යන ප්‍රාන්තවල රිය පදවන අතරතුර කිසිදු ආකාරයකින් (Hands-free ඇතුළුව) ජංගම දුරකථන භාවිත කිරීම සපුරා තහනම්.
- P2 රියදුරන්: එක් එක් ප්‍රාන්තයේ පවතින නීති රීතිවලට අනුකූලව දුරකථන භාවිත කළ යුතුයි. NSW ප්‍රාන්තය තුළ P2 රියදුරන්ටද රිය පදවන අතරතුර ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. VIC හි GPS navigation සඳහා දුරකථනය භාවිතා කළ හැකි නමුත් රිය පදවන අතරතුර කිසිම විදිහකින් දුරකථනය ඇල්ලීමට අවසර නැහැ.
ඔබේත්, පාරේ ගමන් ගන්නා අනෙකුත් පිරිස්වලත් ආරක්ෂාව වෙනුවෙන් සැමවිටම අවධානයෙන් යුතුව රිය පදවන්න!
ඔයා Learner කෙනෙක් හෝ P-Plater කෙනෙක්නම් මේ සුළු වැරද්දකින් ඔයාගේ licence එක පවා අහිමි වෙන්න පුළුවන්. මේ නීති අදාළ වෙන අවස්ථා සහ එක එක states/ territory වලට අදාළ දඩ මුදල් ගැන ඉදිරියේදී වෙනත් article එකකින් කතා කරමු.