Rent එක, Bills ශේප් කරගෙන ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න ලේසිම විදිහ!

ඕස්ට්‍රේලියාවේ තිබෙන විවිධ නිවාස වර්ග ගැන අපි සන්නස Digital හරහා කතා කළා.

අද අපි කියන්නේ මේ දිනවල නගරවල සහ අධ්‍යාපන මධ්‍යස්ථානවල ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන ජීවන රටාවක් ගැනයි. ඒ තමයි Share Accommodation එහෙමත් නැත්නම් “හවුලේ නවාතැන් ගැනීමේ ක්‍රමය”.

සරලවම කිව්වොත්, එකම නිවෙසක හෝ ස්ථානයක විවිධ පුද්ගලයන් කිහිප දෙනෙක් පොදු පහසුකම් කිහිපයක් එකට පාවිච්චි කරමින් ජීවත් වෙන ස්ථානයකට තමයි Shared Accommodation එකක් කියලා කියන්නේ.

නගරවල ජීවත් වන අයට සහ උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට මේ වගේ ක්‍රම මඟින් ගොඩක් පහසු, ජීවන රටාවක් ලබා දෙනවා.

Share Houses කියන්නේ මොකක්ද?

Share houses කියන්නේ එකිනෙකට සම්පූර්ණයෙන්ම සම්බන්ධයක් නැති, වෙනස් පුද්ගලයන් කිහිප දෙනෙක් එකම සාමාන්‍ය නිවෙසක ජීවත් වන ක්‍රමයකටයි. මෙතැනදී හැම කෙනෙක්ම වගේ තමන්ටම වෙන් වුණු පෞද්ගලික නිදන කාමරයක් (private bedroom) කුලියට ගන්නවා.

මේවායේ විශේෂ ලක්ෂණ:

  • පෞද්ගලික කාමර සහ පොදු ඉඩකඩ: නිදන කාමරය තමන්ට පෞද්ගලික වුණත්, මුළුතැන්ගෙය, නාන කාමරය සහ living areas එක අනෙක් අයත් සමඟ එකට පාවිච්චි කරන්න වෙනවා.
  • විවිධ නිවාස වර්ග: මේවා detached houses, townhouses හෝ විශාල apartments වෙන්නත් පුළුවන්.
  • පොදු වියදම් සහ ඉඩකඩ: මෙහි සිටින අය සාමාන්‍යයෙන් පොදු ඉඩකඩ වගේම වතුර, කරන්ට් එක වගේ බිල්පත් සහ අනෙකුත් පිරිවැයත් එකට බෙදාගන්නවා.
  • නම්‍යශීලී බව: නිවෙසේ ජීවත් වන පිරිස අවස්ථානුකූලව වෙනස් වෙන්න පුළුවන් වගේම, ජීවත්වීමේ විලාසයත් ගොඩක් නම්‍යශීලී එකක්.

ඉතින් අපි ඉදිරියේදී කතා කරමු ඔයාට ඕස්ට්‍රේලියාවේ ලබාගන්න පුළුවන් විවිධ Share Houses වර්ග ගැන. 

Don't forget to share this post!

Recent Posts