ඕස්ට්‍රේලියානු Immigration System එක ඉදිරියේදී තාවකාලිකව නවතී! Visa apply කරන්න කලින් දැනගන්න

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (Department of Home Affairs) විසින් සිදුකරනු ලබන පද්ධති නඩත්තු කටයුත්තක් (Systems Maintenance) හේතුවෙන් ImmiAccount ඇතුළු ප්‍රධාන online සේවාවන් රැසක් තාවකාලිකව අක්‍රිය වීමට නියමිත බව නිවේදනය කර තිබේ.

ඕස්ට්‍රේලියානු වීසා (Visa) හෝ පුරවැසිභාවය (Citizenship) සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන අයටත්, දැනටමත් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින වීසා හිමියන්ටත් මෙම නිවේදනය ඉතා වැදගත් වේ.

සේවාවන් අක්‍රිය වන කාලසීමාව
ආරම්භය: 2026 නොවැම්බර් 27 (සිකුරාදා) රාත්‍රී 8:00 (AEDT)

අවසානය: 2026 නොවැම්බර් 28 (සෙනසුරාදා) දහවල් 12:00 (AEDT)
වීසා කල් ඉකුත් වන අයට විශේෂ දැනුම්දීමක්!
වැදගත්: ඔබගේ දැනට පවතින ඕස්ට්‍රේලියානු වීසා බලපත්‍රය 2026 නොවැම්බර් 27 දිනෙන් කල් ඉකුත් වීමට නියමිත නම් සහ ඔබ තවදුරටත් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට බලාපොරොත්තු වන්නේ නම්, පද්ධති නඩත්තුව ආරම්භ වීමට පෙර එනම් 2026 නොවැම්බර් 27 (සිකුරාදා) රාත්‍රී 8:00 (AEDT) ට පෙර ඔබගේ නව වීසා අයදුම්පත අනිවාර්යයෙන්ම යොමු කළ යුතුය.

තාවකාලිකව අක්‍රිය විය හැකි Online සේවාවන්
මෙම පැය 16ක නඩත්තු කාලසීමාව තුළ පහත සඳහන් සේවාවන් භාවිත කිරීමට නොහැකි විය හැකිය:

ImmiAccount

eLodgement (Online visa සහ citizenship අයදුම්පත් යොමු කිරීම)

My Health Declarations (MHD) සේවාව

eMedical

Visa Entitlement Verification Online (VEVO)

Visa Pricing Estimator

Online Payment Portal

LEGENDcom

Australian Trusted Trader

Employment Suitability Clearances

Detention Visitor Application

APEC Business Travel Card (ABTC)

Humanitarian Entrants Management System (HEMS)

Adult Migrant English Program Reporting and Management System (ARMS)

Education Provider Report (eBIT)

MSI Register

Australian Migration Status (AMS) Training Portal

Registration Gateway


මෙම කාලය තුළ ඉහත සේවාවන් භාවිත කිරීමට යාමේදී ‘Service Temporarily Unavailable’ යන පණිවිඩය දිස්වුවහොත් කලබල නොවී, නඩත්තු කටයුතු අවසන් වූ පසු (නොවැම්බර් 28 දහවල් 12:00 AEDT න් පසු) නැවත උත්සාහ කරන ලෙස දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

වැඩිදුර තොරතුරු සඳහා ඕස්ට්‍රේලියානු Department of Home Affairs නිල වෙබ් අඩවියට පිවිසිය හැකිය: https://www.homeaffairs.gov.au/news-media/archive/article?itemId=1463

Don't forget to share this post!

Recent Posts