ඔබ ඔබගේ වාහනය රක්ෂණය කිරීම සඳහා ගෙවන මුදල රක්ෂණ වාරිකයක් හෙවත් Premium එක ලෙස හැඳින්වෙනවා. මෙම මුදල සිදුවන අනතුරු සඳහා වන්දි ගෙවීමට මෙන්ම රක්ෂණ සමාගමේ කාර්ය මණ්ඩලය, කාර්යාල පහසුකම් සහ වෙබ් අඩවිය පවත්වාගෙන යාම වැනි දෛනික වියදම් පියවා ගැනීමටත් දායක වෙනවා.
ඉතින් අද අපි කියන්නේ ඔයා ගෙවිය යුතු premium එක තීරණය කරන්නේ කොහොමද කියලා.
රක්ෂණ වාරිකයක් තීරණය කරන්නේ කොහොමද?
සෑම රක්ෂණලාභියෙකුගේම වාරිකය වෙනස් වන අතර, ඒ සඳහා ඔවුන්ගේ පෞද්ගලික තත්වයන්, තෝරාගත් cover එක, අනතුරක් සිදු වීමට ඇති ප්‍රවණතාව සහ විය හැකි වියදම් පදනම් වෙනවා. වාරිකය ගණනය කිරීම සඳහා පහත සඳහන් Risk factors භාවිත කරනවා.
- වාහනය භාවිත කරන ආකාරය: වාහනය පෞද්ගලික අවශ්‍යතා සඳහා පමණක් ද නැතහොත් ව්‍යාපාරික කටයුතු සඳහා ද යන්න මෙහිදී සැලකිල්ලට ගන්නවා. ගමන් කරන දුර ප්‍රමාණය සහ වාර ගණන මත අනතුරක් වීමේ අවදානම් මට්ටම තීරණය කෙරෙනවා.
- අවශ්‍ය වන cover එක: CTP (Compulsory Third Party) කියන්නේ වාහනයක් ලියාපදිංචි කිරීමට අත්‍යවශ්‍ය වන නීතිමය ආවරණයක්. මීට අමතරව, තවත් අයෙකුට සිදුවන හානි සඳහා පමණක් වන Third-party ආවරණ සහ ඔබේ වාහනයට මෙන්ම අනෙක් අයට සිදුවන හානි දෙකම ආවරණය වන Comprehensive (පූර්ණ) ආවරණ පවතිනවා. ආවරණ මට්ටම වැඩි වන විට රක්ෂණ ගාස්තුවද ඉහළ යනවා..
- අමතරව ගෙවන මුදල (Excess): රක්ෂණ හිමිකම් පෑමකදී ඔබ විසින් ගෙවීමට එකඟ වන මුදල මෙයින් අදහස් කෙරෙනවා. ඔබ වැඩි Excess මුදලක් තෝරා ගත් විට, රක්ෂණ ගාස්තුව සාමාන්‍යයෙන් අඩු වෙනවා.
- රියැදුරන්ගේ වයස සහ රියැදුරු බලපත්‍රය ලබාගෙන ඇති කාලය: අද්දැකීම් අඩු රියැදුරන් වැඩි වශයෙන් අනතුරුවලට මුහුණ දෙන නිසා ඒ බවත් සලකා බලනවා.
- Claims history එක: මීට පෙර අනතුරු සිදු කර ඇති රියැදුරන් යළිත් එවැනි අවස්ථාවලට මුහුණ දීමට ඇති ඉඩකඩ වැඩියි.
- වාහනයේ Make and Model: වාහනයේ අමතර කොටස්වල මිල, අලුත්වැඩියා වියදම්, ආරක්ෂක විශේෂාංග සහ සොරකම් කිරීමට ඇති ඉඩකඩ වැනි දේ මෙහිදී සැලකිල්ලට ගන්නවා.
- වාහනයේ වටිනාකම: රක්ෂණය කරන ලද වාහනයේ වටිනාකම අඩු වන විට, සාමාන්‍යයෙන් රක්ෂණ ගාස්තුවද අඩු වෙනවා.
- Financing: ණය පහසුකම් යටතේ ලබාගත් වාහනවල හිමිකරුවන් වැඩි වශයෙන් රක්ෂණ හිමිකම් ඉල්ලන බව දත්ත පෙන්වා දෙනවා. ඒ නිසා මේකත් premium එකට බලපානවා.
- Overnight Parking: රාත්‍රී කාලයේ වාහනය නවතා තබන ප්‍රදේශය සොරකම් හෝ අනතුරු බහුල ප්‍රදේශයක්ද යන්න රක්ෂණ ගාස්තුවට බලපානවා.
- රජයේ බදු සහ ගාස්තු: Stamp Duty සහ GST වැනි රජයේ අත්‍යවශ්‍ය බදු මුදලුත් රක්ෂණ ගාස්තුවට එකතු වෙනවා.
ඉතින් මේ දේවල් තමයි ඔයාගේ premium එක තීරණය කරන්නේ. ඔයාගේ premium එකත් එකත් සාක්කුවට බර වැඩියි වගේනම් මේ දේවල් ගැන හිතලා බලන්න.