Phone, Cards ඕනෙ නැහැ! ඕස්ට්‍රේලියාවේ මූණ පෙන්නලා බිල ගෙවන්නේ මෙහෙමයි!

ඔයා කඩේකට යද්දී කාඩ් එකක් අතේ තබාගැනීම වෙනුවට, කැමරාවකට හිනාවී හෝ අත පෙන්වා බිල ගෙවන්න පුළුවන් වුණොත් කොහොමද?

ඕස්ට්‍රේලියාව පුරා EFTPOS යන්ත්‍ර ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක හිමිකාරීත්වය දරන Verifone සමාගම, අලුත්ම තාක්ෂණයත් සමඟ කඩේකින් බඩු ගැනීමේ අත්දැකීම සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සූදානම් වෙනවා. මොවුන් හඳුන්වා දෙන මෙම ක්‍රමය හරහා ගනුදෙනුකරුවන්ට තමන්ගේ මුහුණ හෝ palm-vein scan කර, ඉතා ඉක්මනින් මුදල් ගෙවීමේ හැකියාව ලැබෙනු ඇත.

 

මෙහි විශේෂතා මොනවාද?

ඉක්මන් ගෙවීම්: කඩේකට ගිය විට loyalty card එකක් ටැප් කර, නැවත ගෙවීම් card එකක් tap කිරීම වැනි කාලය නාස්ති වන දේවල් මේ හරහා මඟහරවා ගන්න පුළුවන්.

ටිකෙන් ටික හැඩගැසීම: අවන්හල් සහ අනෙකුත් වෙළඳසැල්වල දැනට ඇති උපකරණ අලුත් කිරීමට සිදුවන නිසා, මෙම තාක්ෂණය පුළුල් ලෙස ව්‍යාප්ත වීමට ටික කාලයක් ගත වෙන්න පුළුවන්. කෙසේ වෙතත්, දැනට භාවිත කරන යන්ත්‍රවල කාලය අවසන් වන විට වෙළඳසැල් විසින් නව Verifone Victa devices ක්‍රමයෙන් භාවිතයට ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ආරක්ෂාව: අපේ මුහුණුවරේ ඡායාරූප Verifone සමාගම විසින් store කරගන්නේ නැහැ.. ඒ වෙනුවට ඒවා tokens බවට පත් කරන අතර, මෙම biometric profiles කළමනාකරණය කරන්නේ වෙළඳසැල්, බැංකු හෝ digital wallets සපයන්නන් විසින්.

වංචා වැළැක්වීම: වෙනත් කෙනෙකුගේ මුහුණක් හෝ අතක් මවාපාමින් සිදු කළ හැකි වංචා වැළැක්වීම සඳහා විශේෂ ආරක්ෂක ක්‍රමවේද මෙහි සූදානම් කර තිබෙනවා..

 

මිනිසුන් මේකට කැමති වෙයිද?

නව තාක්ෂණයක් එන විට මුලදී යම් පැකිලීමක් හෝ විරුද්ධත්වයක් මතුවීම ස්වභාවිකයි.. නමුත් Verifone ආසියා පැසිෆික් කලාපීය සභාපති Paris Tsounias සිහිපත් කරන්නේ, මුල් කාලයේ Contactless payments ක්‍රමය හඳුන්වා දුන් විටත් විශාල විරෝධතා මතු වූ බවයි.

නමුත් අද වන විට ගනුදෙනුවලින් 90%කට වඩා සිදුවන්නේ contactless ක්‍රමයටයි. ඒ වගේම, ඕස්ට්‍රේලියානු මහ බැංකුවේ (RBA) වාර්තාවලට අනුව, භෞතික කාඩ්පත් භාවිතය අඩුවී ජංගම දුරකථන හෝ ස්මාර්ට් ඔරලෝසු මඟින් ගෙවීම් කිරීමේ ප්‍රවණතාවද මේ වන විට වේගයෙන් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, සුපුරුදු පරිදි කාඩ්පතින් හෝ දුරකථනයෙන් ගෙවීම් කිරීමට කැමති අයෙකුට ඉදිරියටත් ඒ ආකාරයෙන්ම ගෙවීම් කරන්න පුළුවන්.

Don't forget to share this post!

Recent Posts