අද අපි කියන්නේ ඕස්ට්‍රේලියාවේ හොඳ ඉල්ලුමක් තිබෙන තවත් වෘත්තියක් ගැන. ඒ තමයි Primary School Teacher. ඔයත් ඕස්ට්‍රේලියාවේ Primary School Teacher
කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්නවනම් මේක ඔයාට ගොඩක් වැදගත් වෙයි.
වයස අවුරුදු 5 ත් 13 ත් අතර දරුවන්ට උගන්වමින්, ඔවුන්ගේ බුද්ධිමය, ශාරීරික, මානසික සහ සමාජීය සංවර්ධනයට සහාය වීම ප්‍රාථමික පාසල් ගුරුවරයෙකුගේ ප්‍රධාන වගකීම වෙනවා..
පාසල් විෂයමාලාවට අනුව ඉගෙනුම් අත්දැකීම් සහ ද්‍රව්‍ය නිර්මාණය කරන ගුරුවරුන්, ක්‍රීඩා කණ්ඩායම් පුහුණු කිරීම සහ අධ්‍යාපනික චාරිකා වැනි විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහාද නායකත්වය ලබාදෙනවා.. rural, suburban and urban areas වල පාසල්වල සේවය කිරීමට සිදුවන අතර, පාසල් වේලාවෙන් පසු වැඩ කිරීමට සහ විෂය භාහිර කටයුතු සඳහා ගමන් කිරීමට ද බොහෝ විට සිදු වෙනවා.. දරුවන් සමඟ උද්‍යෝගයෙන් කටයුතු කළ හැකි, හොඳ සන්නිවේදන කුසලතා ඇති අයට මෙය හොඳින් ගැළපෙන වෘත්තියක්.
රජයේ www.yourcareer.gov.au වෙබ් අඩවිය දක්වන ආකාරයට 167,100 ක පමණ පිරිසක් Primary School Teachers ලා විදිහට කටයුතු කරනවා.
මේ සඳහා අනාගත ඉල්ලුම ස්ථාවර මට්ටමක පවතිනවා.
Primary School Teacher කෙනෙක්ගේ සතියක සාමාන්‍ය ආදායම $2000 ක් පමණ වෙනවා.
65% ක් පමණ Full-time මේ රැකියාවේ යෙදෙනවා.
මෙහි කාන්තා නියෝජනය 85.0% ක්
ප්‍රාථමික පාසල් ගුරුවරයෙක් වන්නේ කෙසේද? (අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්)
මෙම වෘත්තියට පිවිසීම සඳහා නිශ්චිත අධ්‍යාපන මට්ටමක් සම්පූර්ණ කළ යුතුයි.
- Bachelor of Education majoring in Primary Education
- ඔබ දැනටමත් අදාළ ක්ෂේත්‍රයකින් උපාධියක් ලබා ඇත්නම්, (Graduate Diploma in Education එකක් කිරීමෙන් සුදුසුකම් ලැබිය හැකියි.
- අදාළ state එකේ හෝ territory එකේ education board එකේ ලියාපදිංචිය සහ Working with children check එක අත්‍යවශ්‍යයි.
අවශ්‍ය වන අනෙකුත් සහතික:
- National police check
- First aid certificate
- anaphylaxis and/or asthma management පිළිබඳ පුහුණුව