ඕස්ට්‍රේලියාවේ තිබෙන විවිධ නිවාස වර්ග ගැන අපි කලින් articles ගණනාවකින් කතා කළානේ. අද කියන්න හදන්නේ Boarding Houses ගැන.
Boarding Houses සහ Rooming Accommodation කියන්නේ තනි කාමරයක් කුලියට ගනිමින්, kitchens, bathrooms, සහ living spaces වැනි පහසුකම් අනෙක් අය සමඟ බෙදාහදාගෙන ජීවත් වෙන, දැරිය හැකි මිලකට ලබාගත හැකි නවාතැන් වර්ගයක්.
මේවා කෙටිකාලීන හෝ දිගුකාලීන අවශ්‍යතා සඳහා වඩාත් සුදුසුයි. ශිෂ්‍යයන්, අඩු ආදායම්ලාභීන්, seasonal workersලා සහ තාවකාලික පදිංචිකරුවන් වැනි විවිධ පාර්ශ්වයන් මෙම නවාතැන් පහසුකම් වැඩි වශයෙන් භාවිත කරනවා.
මේ Boarding Houses වල පදිංචිකරුවන්ගේ සහ operatorsලාගේ ආරක්ෂාව, අයිතිවාසිකම් සහ පහසුකම් තහවුරු කිරීම සඳහා මේවා ඕස්ට්‍රේලියානු රජය විසින් zoning laws, building codes, සහ tenancy legislation යටතේ දැඩි ලෙස නියාමනය කරනවා.
Boarding House සහ Rooming Accommodation වල ප්‍රධාන වර්ග
- Traditional Boarding Houses
පුද්ගලික මට්ටමින් හෝ community organisations මඟින් පවත්වාගෙන යනු ලබන, තනි කාමර සහ පොදු පහසුකම් සහිත ස්ථානයි.
මූලික අවශ්‍යතා සහිත කාමර, පොදු මුළුතැන්ගෙය සහ නාන කාමර මෙන්ම Low-cost rental options ලබාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට සිඩ්නි නගරයේ Newtown හි පිහිටි බෝඩිං නිවාස දක්වන්න පුළුවන්.
- Purpose-Built Rooming Accommodation
නවීන පහසුකම් සහිතව, rooming purposes සඳහාම විශේෂයෙන් ඉදි කරන ලද ගොඩනැගිලි.
En-suite පහසුකම් සහිත Private rooms සහ පොදු recreational areas සහ study spaces මෙහි දැකගන්න පුළුවන්. බ්‍රිස්බන් හි Fortitude Valley හි ඇති Co-living spaces මීට හොඳ උදාහරණයක්.
- Student Housing
Educational institutions අසලම පිහිටි, විශේෂයෙන් සිසුන් සඳහාම වෙන් වූ Boarding පහසුකම්.
සිසුන්ට ගැළපෙන Affordable rent එක, විශ්වවිද්‍යාල සහ ප්‍රවාහන සේවාවලට ආසන්න වීම වගේම පාඩම් කිරීමට සුදුසු පරිසරයක් මෙහි තිබෙනවා..
- Worker Accommodations
Rural හෝ industrial areas වල seasonal හෝ transient workersලා සඳහා සකස් කළ කෙටිකාලීන නවාතැන්.
රැකියා ස්ථානවලට පහසුවෙන් ළඟා විය හැකිවීම සහ අඩු ආදායම්ලාභීන්ට දැරිය හැකි මිලකට ලබාගත හැකි වීම විශේෂත්වයක්.
- Supported Housing
අසරණ වූ හෝ විශේෂ උපකාර අවශ්‍ය පුද්ගලයන් සඳහා අමතර සේවාවන් සමඟ සපයන කාමර පහසුකම්.
උපදේශන, සෞඛ්‍ය සේවා හෝ රැකියා ආධාර ලබා ගැනීමට ඇති පහසුකම සහ රජයේ හෝ ලාභ නොලබන සංවිධානවල කළමනාකාරීත්වය යටතේ ක්‍රියාත්මක වීම මෙහිදී සිදු වෙනවා.
- Co-living Spaces
තරුණ වෘත්තිකයන් සහ සිසුන් ඉලක්ක කළ නවීන, community-focused rooming accommodation ක්‍රමයක්.
නවීන විලාසිතාවෙන් යුතු shared spaces, private rooms මෙන්ම පදිංචිකරුවන් අතර සම්බන්ධතා වැඩි දියුණු කෙරෙන සමාජීය වැඩසටහන් මෙහි පවතිනවා.