ඔස්ට්‍රේලියාවේ Denmark සහ Walpole කියන නගර අතර පිහිටලා තියෙන Valley of the Giants Tree Top Walk කියන්නේ ලෝක ප්‍රසිද්ධ, මාරම ස්වභාවික සංචාරක ආකර්ෂණයක්. Western Australia වල සංචාරයක් ගැන හිතනවා නම් මේ පුරාණ red tingle කැලෑව නම් අනිවාර්යයෙන්ම බලන්නම වටින තැනක්!
ඉතින් අද අපි කියන්නේ මෙන්න මේ අපූරු තැන ගැන.
ගොඩක් ඈත අතීතයකට දිවෙන ඉතිහාසයක්
මෙම අපූරු කැලෑවේ තියෙන සමහර ශාක සහ දැවැන්ත tingle ගස්වල ආරම්භය මිලියන 65කට පෙර Gondwana මහා මහද්වීපය, එහෙමත් නැත්නම් supercontinent එක දක්වා ඈතට දිවෙනවා. ඒ කාලේ ඔස්ට්‍රේලියාව කියන්නේ අප්‍රිකාව, ඉන්දියාව, ඇන්ටාක්ටිකාව සහ දකුණු ඇමරිකාව කියන රටවල් එක්ක එකතු වෙලා තිබුණු මහා භූමි ප්‍රදේශයක්!
මේ supercontinent එකෙන් වෙන් වෙලා ඕස්ට්‍රේලියාව බිහි වුණ විදිහ අපි කලින් කියල තියෙනවා.
මේ කැලෑවේ තියෙන ගොඩක් පැලෑටි වර්ග දකුණු-බටහිර ඔස්ට්‍රේලියාවට පමණක් ආවේණික වන අතර, විශේෂයෙන්ම මේ tingle ගස් හොඳින් හැදී තිබෙන්නේ Walpole නගරය වටා ඇති සීමිත ප්‍රදේශයක පමණයි.
ගස් අතරින් අහස උසට: Tree Top Walk
මෙහි ඇති Tree Top Walk කියන්නේ කැලෑවේ උඩම වියන (canopy එක), ඒ කියන්නේ බිමට වඩා මීටර් 40ක් ඉහළින් ඉදි කරපු මාරම මාර හැඟීමක් දෙන walkway එකකටයි.
මීටර් 600ක් දිග මේ walkway එක රෝද පුටු සහ prams වල යන අයට වුණත් ඉතා පහසුවෙන් යන්න පුළුවන් විදිහට හදලා තියෙනවා.
බිම ඉඳන් බලද්දී තවත් ලස්සනයි
Tree Top Walk එකෙන් බැස්සට පස්සේ, Ancient Empire කියන ප්‍රදේශයට යන ප්‍රවේශය ලැබෙනවා.
මේ හරියේදී මීටර් 550ක loop trail එකක් හරහා අවුරුදු 400ක් පරණ දැවැන්ත රතු tingle ගස් අතරින් බිම දිගේ ඇවිදගෙන යන්න පුළුවන්.
මේ trail එකේ මීටර් 150ක පමණ කොටසක පඩිපෙළවල් තියෙනවා.
Gondwana සහ Mesozoic යුගයේ කතාව මේ මාවත දිගේ ඇවිදගෙන යද්දී ඔයාට දැනගන්න පුළුවන්.
උඩින් බලද්දී වගේම, ඇතුළ හිස් වුණ මේ දැවැන්ත ගස් කඳන් බිම ඉඳන් බලද්දීත් මාරම සුන්දරයි!
ඉතින් ස්වභාව සෞන්දර්යය විඳගන්න කැමති කෙනෙක්ට නම් මේ තැන කවදාවත් මගහැර ගන්න එපා!
Image credit: exploreparks.dbca.wa.gov.au