ඕස්ට්‍රේලියාවේ බොහෝ දෙනෙක් තමන්ගේ නිවාස ණය සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි පොලියක් ගෙවමින් සිටින බවට අනාවරණ වී තිබෙනවා.
මෙහිදී Offset Account එකක් සමඟ සම්බන්ධ කර ඇති බැංකු ගිණුම්වලින් ලැබෙන බවට පොරොන්දු වූ ඉතුරුම් මුදල් බැංකු විසින් නිසි ලෙස ලබා දී නොමැති බව corporate regulator ASIC පෙන්වා දෙනවා. මේ වන විටත් මෙම අත්වැරැද්දීම් හේතුවෙන් පාරිභෝගිකයන්ට ඩොලර් මිලියන 55 ක වන්දි මුදලක් ගෙවා ඇති අතර, ඉදිරියේදී තවත් වන්දි හිමිවීමට ඉඩ තිබෙනවා..
එසේ නම්, ඔයාටත් මේකෙන් පාඩු වී ඇද්දැයි සොයා ගන්නේ කොහොමද? ඔබේ මුදල් ආපසු ලබා ගැනීමට කළ යුත්තේ කුමක්ද?
මුලින්ම අපි බලමු Offset Account එකක් කියන්නේ මොකක්ද කියලා.
මෙය සාමාන්‍ය බැංකු ගිණුමක් මෙන් ක්‍රියා කරන නමුත්, එය ඔබේ නිවාස ණය (Home Loan) සමඟ සම්බන්ධ කර තිබෙනවා..
ඔබේ Offset Account එකේ වැඩි මුදලක් තිබෙන තරමට, ඔබ ඔබේ mortgage එක සඳහා ගෙවන පොලිය අඩු වෙනවා..
උදාහරණයක් විදිහට, ඔයාට $500,000 ක ණයක් තියෙනවා නම් සහ, ඔයාගේ Offset Account එකේ $50,000 ක් තිබේ නම්, ඔයා මුළු $500,000 කටම අදාළව වාරික ගෙව්වත්, පොලිය අය වන්නේ $450,000 කට පමණයි.
Reserve Bank of Australia (RBA) එකට අනුව, උකස් ණය වලින් 55% කට Offset Account එකක් සම්බන්ධ කර ඇති අතර, Offset Accounts වල ඇති මුදල් ප්‍රමාණය වාර්තාගත ලෙස ඩොලර් බිලියන 349 ක් පමණ ඉහළ ගොස් තිබෙනවා..
ඔබට නිසි ප්රතිලාභ ලැබෙන බව තහවුරු කර ගන්නේ කොහොමද?
නිවාස ණයට Offset Account එකක් සම්බන්ධ කරලා තියෙනවා නම්, සියලුම සැකසුම් නිවැරදිව ක්‍රියාත්මක වනවාදැයි බලන්න සෑම මාස කිහිපයකට වරක්ම Health Check එකක් සිදු කිරීම වැදගත්.
Online Banking භාවිතා කරන්න
ඔයාගේ Offset Account එක සහ නිවාස ණය නිවැරදිව එකිනෙකට linked වී ඇද්දැයි Online Banking හරහා බලාගන්න. බැංකු මඟින් ණය සහ ගිණුම් සකස් කරන විට සමහර අවස්ථාවල ඒවා එකිනෙකට link කිරීම අමතක වන අවස්ථා තිබෙනවා..
බැංකුවට කතා කරන්න
Online බලාගැනීමට අපහසු නම්, කෙලින්ම ඔබේ බැංකුවට දුරකථන ඇමතුමක් දීලා විමසන්න. සාක්ෂි සඳහා දුරකථන ඇමතුමෙන් පසු email පණිවිඩයක් යැවීම ද වැදගත්. ඔයා මේ ගැන සෑහීමකට පත් වෙන්නේ නැතිනම්, Australian Financial Complaints Authority (AFCA) වෙත සම්බන්ධ විය හැකියි.
Offset Account එකක් තබා ගැනීම වටිනවාද?
සමහරුන්ට මෙය ඉතා ප්‍රයෝජනවත් වුවත්, තවත් සමහරුන්ට එතරම් වාසිදායක නොවෙන්න පුළුවන්.
මෙයට ඉහළ ගාස්තු සහ පොලී අනුපාත සම්බන්ධ වී තිබිය හැකි නිසා, ඔබේ ගිණුමේ ප්‍රමාණවත් තරම් මුදලක් නොමැති නම්, එම වැඩිපුර ගාස්තු නිසා ඔබට ප්‍රතිලාභයක් නැති වෙන්න පුළුවන්.
වෙනත් විකල්ප මොනවාද?
Offset Account එකක් සෑම කෙනෙකුටම ගැළපෙන්නේ නැහැ.
මෙන්න වෙනත් ක්‍රම කිහිපයක්:
Extra Repayments: ඔබේ අතිරේක මුදල් ණය ගිණුමටම අමතර වාරික ලෙස ගෙවා, අවශ්‍ය විටක Redraw Facility හරහා ආපසු ලබා ගැනීම. මෙය නිවාස හිමියන්ට පහසු වුවත්, ආයෝජකයින්ට බදු ගැටලු මතු විය හැකි නිසා accountant කෙනෙක්ගේ හෝ tax adviser කෙනෙක්ගේ උපදෙස් ලබා ගැනීම වැදගත්.
ණය කොටස් වලට බෙදීම (Splitting the mortgage): ණයෙන් කොටසක් ස්ථාවර පොලී අනුපාතිකයකට (fixed rate) හෝ පොලිය පමණක් ගෙවන ක්‍රමයකට (interest-only) සකස් කරගෙන ගෙවීම පහසු කරගන්න පුළුවන්.
මේ දේවල් අතරින් ඔයාට ගැලපෙනම විකල්පය මොකක්ද කියල වෘත්තිමය පළපුරුද්ද තිබෙන mortgage broker කෙනෙක්ගේ හෝ tax advisor කෙනෙක්ගේ උපදෙස් ලබාගන්න අමතක කරන්න එපා.