ඕස්ට්‍රේලියාවේ ඔයාගේ ජීවන වියදම ඔයාටම බලාගන්න රජයෙන් Free Calculator එකක්

ඔයා ඕස්ට්‍රේලියාවට එන්න හිතාගෙන ඉන්න කෙනෙක්නම්, ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න යන සාමාන්‍ය වියදම කොච්චරක්ද කියලා කලින්ම දැනගෙන, මූල්‍යමය පැත්තෙන් සූදානම් වෙන එක ගොඩක් වැදගත්. ඒ සඳහා ඔයාට උදව් වෙන්න ඕස්ට්‍රේලියානු රජයෙන් web portal එකක් හඳුන්වලා දීලා තියෙනවා. මේ Cost of Living Calculator එක පාවිච්චි කරලා ඔයාට ඕස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රධාන නාගරවල ජීවත් වෙන්න යන වියදම ඔයාගේ අවශ්‍යතා වලට ගැලපෙන විදිහට calculate කරලා බලන්න පුළුවන්.

මේ කැල්කියුලේටර් එක හරහා ඔයා සල්ලි වියදම් කරන්නේ කොහොමද කියලා කල්පනා කරලා බලන්නත්, ඔස්ට්‍රේලියාවේදී දරන්න සිදුවෙන ආසන්න වියදම් පිළිබඳ පුළුල් අදහසක් ලබා ගන්නත් පුළුවන්.

 

Cost of Living Calculator එකෙන් කරන්නේ මොකක්ද?

ඔස්ට්‍රේලියාවේදී ඔයාට අවශ්‍ය lifestyle එක පවත්වාගෙන යන්න මාසිකව කොපමණ මුදලක් අවශ්‍ය වේවිදැයි පුරෝකථනය කරගන්න මෙම මෙවලම උපකාරී වෙනවා. මෙහිදී ඔයාට පහත දේවල් සංසන්දනය කරලා බලන්න පුළුවන්;

Accommodation arrangements

Transportation options

Other lifestyle choices

 

පහත link එකෙන් ඔයාටත් පුළුවන් ඔයා ජීවත් වෙන ප්‍රදේශයට අදාලව සතියකට/මාසයකට/අවුරුද්දකට යන වියදම බලාගන්න.

https://costofliving.studyaustralia.gov.au/ 

 

හැබැයි මේ මෙවලම මඟින් ලබා දෙන වියදම් ඇස්තමේන්තුව ආසන්න මාර්ගෝපදේශයක් පමණක් වන අතර, මෙහි දත්ත අවසන් වරට යාවත්කාලීන කරලා තියෙන්නේ 2025 නොවැම්බර් මාසයේදීයි. ඉතින් ඒ නිසා මේ පෙන්වන මිල ගණන් ටිකක් වෙනස් වෙන්නත් පුළුවන්. 

 

Image: costofliving.studyaustralia.gov.au

Don't forget to share this post!

Recent Posts