අලුතෙන් Job එකක් හොයනවද? මෙන්න Sydney ඉන්න ඔයාට නියම විසඳුම

ඔබ අලුත් රැකියාවක්, රැකියාවේ වෙනසක්, course එකක් හෝ සුදුසු වෘත්තීය මාර්ගයක් සොයමින් සිටින කෙනෙක්ද? එසේ නම්, Sydney West Careers & Employment Expo ප්‍රදර්ශනය ඔබට මඟ හැරිය නොහැකි කදිම අවස්ථාවක්!

 

Sydney Showground (Olympic Park) හිදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සඳහා ඇතුළුවීම සම්පූර්ණයෙන්ම නොමිලේ. සියලුම වයස් කාණ්ඩවලට ගැළපෙන රැකියා අවස්ථා රැසක් සමඟ Organisations & Employersලා සහභාගී වන සංවිධාන 100 කට අධික සංඛ්‍යාවක් මෙහිදී ඔබට හමුවෙන්න පුළුවන්.

මෙම අවස්ථාව පාසල් සිසුන්, දෙමාපියන්, ගුරුවරුන්, උපාධිධාරීන්, රැකියා අපේක්ෂකයින්, පාඨමාලා සොයන්නන් සහ නව අවස්ථා අපේක්ෂා කරන සේවකයින් සඳහා විශේෂයි.

 

ප්‍රදර්ශනයෙන් ඔබට ලබාගත හැකි දේවල්:

  • Organisations & Employersලා 100 කට අධික පිරිසක් හමු වෙන්න.
  • STEM (විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත) මාර්ග සම්බන්ධයෙන් උපදෙස් ලබාගන්න.
  • ආකර්ෂණීය රොබෝ ප්‍රදර්ශනයක් සහ Live Robot Wars නැරඹීමේ අවස්ථාව.
  • Free Career Advice ලබාගන්න.
  • අනාගතයේ බිහිවන නව රැකියා අවස්ථා සොයා ගන්න.
  • ප්‍රමුඛ පෙළේ ආයතන සමඟ පුහුණු වැඩසටහන් සහ Apprenticeships පිළිබඳව සාකච්ඡා කරන්න.
  • නොමිලේ පැවැත්වෙන Career Seminars වලට සහභාගී වන්න.
  • සාර්ථක සහ ආකර්ෂණීය Resume එකක් සකස් කරගන්නේ කෙසේදැයි ඉගෙන ගන්න.

 

විස්තර මෙන්න:

දිනය: 2026 අගෝස්තු 28 සහ 29

ස්ථානය: Sydney Showground, Olympic Park

ඇතුළුවීම: සම්පූර්ණයෙන්ම නොමිලේ

 

ඔබේ අනාගත වෘත්තීය ජීවිතයට මංපෙත් විවෘත කර ගැනීමට මෙම අවස්ථාව මඟ හැරගන්න එපා. වැඩි විස්තර සඳහා ඔවුන්ගේ නිල වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වන්න!👇

https://www.careersemploymentexpo.com.au/Sydney%20West.html 

Don't forget to share this post!

Recent Posts