Car Insurance එක වැඩිද? ඔබ නොහිතන හේතු 5ක්!

රක්ෂණ සමාගමකට ගෙවන්න වෙන Claims ගණන සහ ඒ සඳහා යන වියදම ඉහළ යද්දී, සමාගම්වලට සිදුවෙනවා හැමෝගෙම රක්ෂණ වාරික ගාස්තු වැඩි කරන්න.

අපේ Claims වියදම් ඉහළ යන්න බලපාන ප්‍රධාන හේතු කිහිපයක් අද අපි බලමු.

 

  1. නවීන වාහන තාක්ෂණය (New Vehicle Technology)

අලුත් වාහනවල තියෙන Crash avoidance sensors සහ Advanced braking systems වැනි ආරක්ෂිත තාක්ෂණයන් නිසා අනතුරු සිදුවීමේ ප්‍රවණතාව අඩුවෙනවා. ඒක හොඳ දෙයක් වුණත්, මෙහි අනිත් පැත්තකුත් තියෙනවා. 

අනතුරු අඩුවෙන නිසා Claims ගණන අඩුවෙනවා. නමුත්, එවැනි technologies තිබෙන වාහනයක් අනතුරකට ලක්වුවහොත් එය පිළිසකර කිරීමට යන වියදම ඉතාම අධිකයි.

 

  1. පාරේ ධාවනය වන වාහන සංඛ්‍යාව ඉහළ යාම

පාරේ වාහන වැඩිවෙන්න වැඩිවෙන්න අනතුරු සහ එකිනෙක ගැටීම් සිදුවීමේ අවදානම ඉහළ යනවා. එමඟින් රක්ෂණ සමාගම් වෙත ලැබෙන Claims ගණන මෙන්ම ඒ සඳහා ගෙවීමට සිදුවන මුදලද ඉහළ ගොස්, අවසානයේ රක්ෂණ වාරික ගාස්තු ඉහළ යාමට බලපානවා.

 

  1. වාහනවල සාමාන්‍ය මිළ ඉහළ යාම (Average Price of Cars)

වෙළඳපොළේ වාහනවල මිළ ගණන් ඉහළ යන විට, අනතුරකදී වාහනයක් අලුත්වැඩියා කිරීමට හෝ සම්පූර්ණයෙන්ම වෙනත් වාහනයක් ලබාගැනීමට යන වියදම (Repair/Replacement Cost) ඉහළ යනවා. මෙම අවදානම සහ පිරිවැය පියවා ගැනීමට රක්ෂණ සමාගම්වලට සිදුවනවා.

 

  1. Claims Inflation

කාලයත් සමඟ Claims සඳහා යන වියදම වැඩිවීමට හේතු ගණනාවක් බලපානවා:

  • අමතර කොටස් සහ උසස් තාක්ෂණික ද්‍රව්‍යවල මිල ඉහළ යාම.
  • සැපයුම් Supply Chains වල ඇතිවන බාධා.
  • රජයේ නීති සහ රෙගුලාසිවල සිදුවන වෙනස්කම්.

 

  1. පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟය (Labour Shortages)

කාර්මිකයන් (Mechanics) සහ අලුත්වැඩියා තාක්ෂණික ශිල්පීන්ගේ හිඟයක් පවතින විට වාහනයක් හදාගැනීමට යන කාලය වැඩි වන අතර, ඒ සඳහා යන Labour Cost එකද ඉහළ යනවා. මෙම අමතර වියදම් පියවා ගැනීමට රක්ෂණ ගාස්තු ඉහළ දැමීමට සමාගම්වලට සිදුවෙනවා.

 

ඉතින් ඔයාගේ රක්ෂණ වාරිකය තීරණය වෙන්නේ ඔයා වහනය පදවන ආකාරය මත විතරක් නෙවෙයි. සමස්ත වෙළඳපොළේ වාහන මිළ, අමතර කොටස්වල මිළ සහ තාක්ෂණික වෙනස්කම් යන සියල්ලම ඒකට එකතු වෙනවා!

Don't forget to share this post!

Recent Posts