ඉදිරියට එන නත්තල් උත්සව සමයේ බෙදාහැරීමට සිදුවෙන අධික පාර්සල් සහ තැපැල්පත් ප්‍රමාණය කාර්යක්ෂමව බෙදාහැරීම වෙනුවෙන් Australia Post සහ එහි අනුබද්ධ StarTrack ආයතනය විසින් අලුතින් සේවකයන් 3,500 දෙනෙකු බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.
විශේෂම දේ තමයි, මේ රැකියා අතරින් බොහොමයකට Previous experience එකක් අවශ්‍ය නොවීම!
ඇති රැකියා ඇබෑර්තු සහ සුදුසුකම්
වඩාත්ම ඉල්ලුමක් පවතින රැකියා;
- Truck Drivers
- Forklift Operators
මීට අමතරව අත්දැකීම් නැති අයට පවා apply කළ හැකි රැකියා:
- Parcel Sorters
- Freight Handlers
- Van Drivers
“පසුගිය නත්තල් සමයේදී අපි පාර්සල් මිලියන 111 ක වාර්තාගත ප්‍රමාණයක් බෙදාහැරියා. ඒ වගේම, මේ සමය වෙනුවෙන් එකතු වෙන බොහෝ දෙනෙක් පසුව අපේ ආයතනයේ ස්ථිර, දීර්ඝකාලීන රැකියා ගොඩනගා ගැනීමටත් සමත් වෙනවා.”
– Sue Davies (Australia Post)
ගෙවීම්
Mail officer, parcel sorter: පැයකට $35.83 සිට
Licensed roles: පැයකට $40.12 දක්වා
අමතර දීමනා: සති අන්ත, රාත්‍රී සේවා සහ Overtime වැඩ කිරීමෙන් මීටත් වඩා වැඩි ආදායමක් ලබාගත හැකියි.
වැඩ පටන්ගන්නා දින
ට්‍රක් රථ රියදුරන් සඳහා සැප්තැම්බර් මුලදීත්, parcel processing, freight handling, van driving, සහ forklift operator roles සඳහා ඔක්තෝබර් මැද භාගයේදීත් වැඩ ආරම්භ වෙනවා.
ප්‍රාන්ත අනුව රැකියා ඇබෑර්තු බෙදී ඇති ආකාරය
Victoria: 1,100 කට වැඩි ප්‍රමාණයක්
New South Wales (NSW): 900 කට වැඩි ප්‍රමාණයක්
Queensland: 900 කට වැඩි ප්‍රමාණයක්
South Australia: 300 කට වැඩි ප්‍රමාණයක්
Western Australia: 300 කට වැඩි ප්‍රමාණයක්
Tasmania: 20 කට වැඩි ප්‍රමාණයක්
ACT: 20 කට වැඩි ප්‍රමාණයක්
Northern Territory: 20 කට වැඩි ප්‍රමාණයක්
Apply කරන්නේ කොහොමද?
ඔබත් ඕස්ට්‍රේලියාවේ වෙසෙන, තාවකාලිකව හොඳ ආදායමක් උපයා ගැනීමට කැමති කෙනෙක් නම් දැන්ම apply කරන්න.
වැඩි විස්තර දැනගන්න පහත link එකෙන් auspost.com.au වෙබ් අඩවියට පිවිසෙන්න.