Melbourne නගරයේ වේගයෙන් වර්ධනය වන ජනගහනයට සහ පවතින නිවාස අර්බුදයට විසඳුමක් ලෙස, නගරයේ වයඹදිග මායිමේ සම්පූර්ණයෙන්ම අලුත් Suburb එකක් නිර්මාණය කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
Melton East ලෙස නම් කර ඇති මෙම අලුත් නගරය මෙල්බර්න් CBD එකේ සිට කිලෝමීටර් 35 ක පමණ දුරින් පිහිටි හෙක්ටයාර් 1,005 ක දැවැන්ත භූමි භාගයක ඉදිවීමට නියමිතයි.
36,000 ක පිරිසකට සෙවණ සැලසීම සඳහා අලුත්ම නිවාස 12,000 ක් ඉදි කිරීමට නියමිතයි. පාසල් 7 ක් මෙන්ම MCG 5 ක විශාලත්වයට සමාන Parks & reserves මෙයට ඇතුළත් වෙනවා.
ඒ වගේම ප්‍රදේශය තුළ නව රැකියා 1,600 ක් උත්පාදනය කිරීමට සැලසුම් කර තිබෙනවා..
kindergartens, community meeting rooms, cycling සහ pedestrian paths, arterial roads 3ක් සහ bridges 5ක් සැලසුමට ඇතුළත්.
දීර්ඝකාලීන දැක්ම සහ ඉදිරි සැලසුම්
මෙල්බර්න් නගරයේ ජනගහනය 2051 වන විට මිලියන 9 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන අතර, මෙම නගර ව්‍යාපෘතිය අදියර දෙකකින් වසර 20 සිට 30 දක්වා වූ කාලයක් තුළ සම්පූර්ණයෙන්ම සංවර්ධනය කිරීමට නියමිතයි.
මීට අමතරව, මෙල්බර්න්හි උතුරු මායිමේ Merrifield North නමින් තවත් උපනගරයක් ඉදි කිරීමටද සැලසුම් සකස් වෙමින් පවතිනවා.
“Melton East සහ Merrifield North නගර සැලසුම්වල ප්‍රධාන අරමුණ වන්නේ වික්ටෝරියානු වැසියන්ට එකිනෙකට සම්බන්ධ වූ, සතුටින් ජීවත් විය හැකි සහ රැකියා කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමයි.”
– Sonya Kilkenny (වික්ටෝරියානු නාගරික සැලසුම් අමාත්‍ය)
වික්ටෝරියානු රජයේ ඉදිරි වසර 10 සැලසුම අනුව, මෙල්බර්න් නගර සීමාවෙන් පිටත පිහිටි මෙවැනි සංවර්ධනය නොකළ Greenfields යොදාගනිමින් 2036 වන විට අලුත් නිවාස 180,000 ක් ඉදිකිරීමට ඉලක්ක කර තිබෙනවා..