Northern Territory (NT) Government එකට 2026-27 program year එක සඳහා Australian Government එකෙන් full allocation එක ලැබිලා තියෙනවා. ඒ අනුව NT nomination applications 2026 අගෝස්තු 21 වන දා සිට onshore සහ selected offshore streams සඳහා නැවත open වෙනවා.
Apply කරන්න කලින් ඔයාගේ stream එකට අදාළ eligibility criteria එක හොඳට check කරගන්න. මේ අලුත් program year එක සඳහා criteria වෙනස් වෙලා තියෙනවා කියන එක මතක තියාගන්න. Apply කරන විදිහ ගැන විස්තර australiasnorthernterritory.com.au වෙබ් අඩවියෙන් බලාගන්න පුළුවන්.
NT Government එකට visa deadlines වලට කලින් nomination එකක් guarantee කරන්න බැහැ. Onshore ඉන්න, visa එක expire වෙන්න ළඟ අයට Registered Migration Agent කෙනෙක් හෝ Legal Practitioner කෙනෙක්ගෙන් advice ගන්න කියලා ඔවුන් strongly recommend කරනවා.
NT Government Nomination එකක් කියන්නේ මොකක්ද?
NT Government එක skilled visa schemes දෙකකට participate වෙනවා:
- Skilled Work Regional (Provisional) subclass 491
- Skilled Nominated subclass 190
NT Government එකෙන් ඔයාව nominate කරන්න පුළුවන් වෙන්නේ ඔයා:
Australian Government එකේ standard requirements සම්පූර්ණ කරනවා නම්
NT Government එකේ nomination eligibility සම්පූර්ණ කරනවා නම්
Visa එක grant වුනාට පස්සේ, අවම වශයෙන් වසර 3ක් ඔයාගේ skilled occupation එකේ NT එක තුළ ජීවත් වෙලා වැඩ කරන්න commit වෙනවා නම්.
Subclass 491 – Skilled Work Regional (Provisional) Visa
මේක වසර 5ක provisional visa එකක්. ඔයාට සහ dependant family members ලාට NT වගේ regional area එකක ජීවත් වෙන්න, වැඩ කරන්න සහ study කරන්න ඉඩ දෙනවා.
NT Government එකෙන් 491 visa එකට nominate වුනොත්, permanent residency pathway එකට qualify වෙන්න නම්, ඔයත්, family members ලාත් අවම වශයෙන් වසර 3ක් NT එක තුළ ජීවත් වෙලා වැඩ කරන එක අවශ්‍යයි.
Department of Home Affairs එකේ reporting commitments තියෙන්න පුළුවන්.
ඔයා මෙහි ජීවත් වෙනවා / වුනා කියලා prove කරන්න supporting evidence දෙන්න හෝ interview එකකට සහභාගී වෙන්න සිද්ධ වෙන්න පුළුවන්.
NT Government එකෙන් independent compliance checks සහ/හෝ surveys conduct කරන්නත් පුළුවන්. ඒ මගින්, ඔයා තාමත් NT තුළ ජීවත් වෙනවද කියලා ඔවුන් confirm කරගන්නවා.
Subclass 190 – Skilled Nominated Visa
මේක permanent visa එකක්, ඔයාට ඕස්ට්‍රේලියාවේ දිගටම ඉන්න පුළුවන්.
NT Government එකෙන් 190 visa එකට nominate වුනොත්, ඔයාත් dependent family members ලාත් visa grant එකෙන් පස්සේ අවම වශයෙන් වසර 3ක් NT එක තුළ ජීවත් වෙලා වැඩ කරන්න ඕනේ.
ඔයාට ගැලපෙන visa එක හොයාගන්න Australian Government එකේ visa finder tool එක use කරන්න පුළුවන්.
දැනගන්න ඕන කරන වැදගත් කරුණු
Nomination එකක් offer කරනවද කියලා තීරණය කරන්නේ NT Government එකයි.
Nomination එකට condition එකක් විදිහට, visa grant එකෙන් පස්සේ වසර 3ක්වත් NT තුළ වැඩ කරලා, ජීවත් වෙලා, settle වෙන්න ඔයා එකඟ වෙනවා.
Nomination එකක් දෙනවද කියලා තීරණය කරන්න කලින්, ඔයාගේ employment prospects NT industries එකේ අවශ්‍යතා වලට match වෙනවද කියලා NT Government එකෙන් බලනවා.
NT Government nomination එකක් කියන්නේ job guarantee එකක් නෙවෙයි. NT Migration Occupation List එකේ තියෙන occupations කියන්නේ job vacancies නෙවෙයි. Jobs සහ accommodation හොයාගන්න එක ඔයාගේ වගකීමක්. NT Government එකෙන් දෙන්නේ information සහ යම් සහයෝගයක් විතරයි.
Apply කරන්න කලින් මේවත් හොඳට තේරුම්ගන්න:
- NT Government එකේ support එක NT එක තුළට විතරයි. එතනින් එහාට අදාළ වෙන්නේ නැහැ.
- Employment, accommodation හෝ financial assistance හොයාදෙන වගකීම NT Government එකට නැහැ.
- ඔවුන් දෙන information වල inaccuracies හෝ omissions තිබ්බොත්, ඒ ගැන NT Government එකට හෝ එහි employees ලාට liability එකක් නැහැ.
- වෙන states/territories වලට transfer වෙන්න release letters නිකුත් කරන්නේ නැහැ.
Visa එක Grant කරන්නේ කවුද?
Visa එක grant කරන්නේ Australian Government එකේ Department of Home Affairs එකයි. NT Government එකෙන් visas approve කරන්නේ හෝ grant කරන්නේ නැහැ. ඒ decision එක සම්පූර්ණයෙන්ම Home Affairs එක අතේ තියෙන්නේ.
NT Government Nomination එකකින් permanent visa pathway එකක් හදාගන්න බලාපොරොත්තු වෙනවා නම්, ඔයාගේ stream එකට අදාළ අලුත් eligibility criteria එක check කරගන්න.
Eligibility criteria එක, NT Offshore Migration Occupation List එක සහ apply කරන විදිහ ඇතුළු වැඩිදුර තොරතුරු දැනගන්න පහත link එකෙන් australiasnorthernterritory.com.au වෙබ් අඩවිය පිවිසෙන්න.
https://australiasnorthernterritory.com.au/move/migrate-to-work/nt-government-visa-nomination