කුලී නිවසක ජීවත් වන කෙනෙක්ට inspection notice එකක් සඳහා ලිපියක් ලැබුණු ගමන් බොහෝ දෙනා තුළ යම්කිසි නොසන්සුන්තාවයක් ඇති වෙනවා..
නිවසේ හිමිකරුට (Landlord) හෝ Property Managerට නිවස ඇතුළට ඇවිත් බලන්න පුළුවන් මොනවද? ඔවුන්ට අල්මාරි ඇරලා බලන්න පුළුවන්ද? ඔයාගේ පෞද්ගලික දේවල් වල photos ගන්න පුලුවන්ද? මේවා ඕස්ට්‍රේලියාවේ කුලී නිවසක ජීවත් වෙන ඔයාට නිතරම තියෙන ප්‍රශ්න. ඉතින් අද අපි කියන්නේ මේ දේවල් ගැන.
ඔයා ඉන්නේ කුලී නිවසක වුණත් ඒක ඔයාගේ ගෙදර. ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම පවතින කුලී නිවාස නීති යටතේ, නිවෙස් හිමියන්ට නිවසට ඇතුළු වීමට ඇත්තේ සීමිත සහ පැහැදිලිව නිර්වචනය කළ අයිතිවාසිකම් කිහිපයක් පමණයි.. එම සීමාවන් පිළිබඳව දැනුවත් වීමෙන් අනවශ්‍ය මානසික ආතතියෙන් සහ පෞද්ගලිකත්වයට සිදුවන බලපෑම්වලින් ආරක්ෂා වෙන්න පුළුවන්.
බොහෝ ප්‍රාන්තවල routine inspection එකකට එනවනම්, Landlord විසින් අවම වශයෙන් දින 7 කට පෙර ලිඛිත දැනුම්දීමක් ලබා දිය යුතුයි.
NSW, WA, SA සහ ACT ප්‍රාන්තවල වසරකට සිදු කළ හැකි පරීක්ෂණ වාර ගණන 4 කට සීමා කර තිබෙනවා.. VIC ප්‍රාන්තයේ මාස 6 කට වරක් පරීක්ෂාවක් කළ හැකි අතර, QLD සහ TAS ප්‍රාන්තවල එය මාස 3 කට වරක්.
නිවාස හිමියන්ට නීත්‍යානුකූලව කළ හැකි දේ
- නිසි ලිඛිත දැනුම්දීමකින් පසු නිවසට ඇතුළු වන හිමිකරුට පහත සඳහන් දේ සිදු කරන්න පුළුවන්;
- නිවසේ සාමාන්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා සියලුම කාමර හරහා ඇවිදීම.
- උපකරණ, සවිකිරීම් සහ smoke alarms නිසි පරිදි ක්‍රියාත්මක වේදැයි පරීක්ෂා කිරීම.
- නඩත්තු කළ යුතු යම් තැනක් හෝ හානියක් ඇත්නම් සටහන් කර ගැනීම.
- නිවසේ තත්ත්වය වාර්තා කර ගැනීම සඳහා බිත්ති, බිම් සහ fixtures වල photos ගැනීම (සීමාවන්ට යටත්ව).
- ඔබ වාර්තා කළ අලුත්වැඩියාවන් සිදු කිරීමට හෝ පරීක්ෂා කිරීමට.
- අනාගත කුලී නිවැසියන්ට හෝ ගැනුම්කරුවන්ට නිවස පෙන්වීමට (සාමාන්‍යයෙන් කුලී කාලය අවසන් වන අවස්ථාවලදී පමණි).
නිවාස හිමියන්ට කරන්න තනහනම් දේවල් මොනවද කියලා අපි තවත් article එකකින් කතා කරමු.