ඕස්ට්‍රේලියාවේ eBay, FB Marketplace එකේ බඩු විකුණුවොත් Tax වදිනවද? ATO එක Hobby vs Business මනින හැටි!

eBay, Facebook Marketplace, Depop හෝ Vinted වැනි online platforms හරහා පාවිච්චි කළ ඇඳුම් හෝ ගෘහභාණ්ඩ විකිණීම අද වන විට ඉතා පහසු කටයුත්තක් වී තිබෙනවා. නමුත් මෙලෙස අන්තර්ජාලය හරහා බඩු විකුණන බොහෝ දෙනෙක් තම බදු වගකීම් සම්බන්ධයෙන් වැදගත් කරුණක් මගහැර සිටින බව අනාවරණ වී තිබෙනවා. 

Online sales සඳහා බදු ගෙවීම ආරම්භ වන නිශ්චිත minimum sales threshold එකක් ඕස්ට්‍රේලියාවේ නැහැ..

විශාලතම online platforms වන eBay සහ Amazon ආයතන දත්ත මිලියන ගණනක් බදු කාර්යාලය වෙත ලබා දීමට නීතියෙන් බැඳී සිටිනවා.. ATO එක වාර්ෂිකව පුද්ගලයන්ට අදාළ ගනුදෙනු මිලියන 600 කට අධික ප්‍රමාණයක් නිරීක්ෂණය කරන අතර, Stripe හෝ Square වැනි ඩිජිටල් ගෙවීම් ක්‍රම හරහා ද මෙම තොරතුරු හසුරුවනවා. බැංකු තොරතුරු මෙන්ම මෝටර් රථ, බෝට්ටු සහ කලා කෘති වැනි වත්කම් පරීක්ෂා කිරීම හරහාද බදු කාර්යාලය මේවා නිරීක්ෂණය කරනවා.  

 

මේක Hobby එකක්ද? නැත්නම් Business එකක්ද?

විනෝදාංශයක් නම්;

ඔයා ඩොලර් 250 කට ගත් ඇඳුමක් එක් වරක් ඇඳ එය ඩොලර් 100 කට online විකුණුවහොත්, ඔබ ලැබූ ආදායමකට වඩා පාඩුවක් කරගෙන තිබෙනවා. මෙවැනි පුද්ගලික, කලාතුරකින් සිදුවන සහ පාඩු ලැබෙන ක්‍රියාකාරකම් බදු කාර්යාලය සලකන්නේ hobby එකක් විදිහට. මෙයින් සාමාන්‍යයෙන් tax bill එකක් ලැබෙන්නේ වන්නේ නැහැ.  

 

ව්‍යාපාරයක් නම්;

ඔයා නිතරම මිතුරන්ගෙන්, පවුලේ අයගෙන් හෝ පාවිච්චි කළ භාණ්ඩ අළෙවිසැල් වලින් vintage ඇඳුම් මිලදී ගෙන ලාභයක් තබාගෙන විකිණීමේ ක්‍රමවේදයක් පවත්වාගෙන යනවා නම්, ATO එක එය business එකක් ලෙස දකිනවා. 

ව්‍යාපාරයක් සඳහා නිශ්චිත ඩොලර් සීමාවක් නොමැති වුණත්, විශේෂයෙන්ම eBay හෝ Amazon හරහා වසරකට ඩොලර් 12,000 කට වඩා වැඩි භාණ්ඩ විකුණන පුද්ගලයන් බදු කාර්යාලයේ විශේෂ අවධානයට ලක් වෙනවා. ඔබ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා නම්, ආදායම ප්‍රකාශ කළ යුතු අතර ABN අංකයක් සහ GST ලියාපදිංචිය අවශ්‍ය දැයි බැලිය යුතුයි.  

 

මිල අධික භාණ්ඩ විකිණීමේදී සැලකිය යුතු දේ

ඔයා කලාතුරකින් විකුණුවත්, ඩොලර් 500 කට වඩා වැඩි මුදලකට ගත් ස්වර්ණාභරණ හෝ ඩොලර් 10,000 කට වඩා වැඩි පුද්ගලික භාණ්ඩයක් මුල් මිලට වඩා වැඩි මිලකට විකුණා ලාභයක් ලැබුවහොත් එය බදු වලට යටත් වෙනවා. 

මේක බදු උපදෙසක් නෙවෙයි. මේ විස්තර ඔයාගේ සාමාන්‍ය දැනුවත්භාවය සඳහායි. ඒ නිසා ඔයාගේ online sales හුදු විනෝදාංශයක්ද නැත්තන් ව්‍යාපාරයක් විදිහට සීමාව ඉක්මවා ගිහින් තියෙනවද කියන එක ඔයාට හරියටම හිතාගන්න බැරිනම්, ලියාපදිංචි බදු උපදේශකයෙකුගෙන් (tax practitioner) උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුයි. 

Don't forget to share this post!

Recent Posts