ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බොහෝ දෙනෙක් තමන්ගේ විදුලි සහ ගෑස් බිල්පත් (Energy Bills) අඩුකර ගැනීම සඳහා නිවස සම්පූර්ණයෙන්ම fully electric කිරීමට උත්සාහ කරනවා.
නමුත් මෙහිදී බොහෝ දෙනෙක් කරන ලොකුම වැරැද්දක් තමයි පටන් ගන්නකොටම අධික පිරිවැයක් දරා Home Battery එකක් මිලදී ගැනීමට යාම. Melbourne හි නිවාස ඇසුරින් කරන ලද අලුත්ම පර්යේෂණයකට අනුව, බිල අඩුකරගැනීමට නම් වැඩේ පටන්ගත යුතු Right order එකක් තිබෙනවා.
නිවස Electric කිරීමේදී යා යුතු නිවැරදි පිළිවෙල
- බලශක්ති නාස්තිය පාලනය කිරීම (Reduce Demand)
නිවසේ ජනේල/දොරවල් අසලින් හුළං එන හිඩැස් සීල් කිරීම (Draught sealing), roof insulation වැඩි කිරීම සහ අව්ව කෙලින්ම වැටෙන ස්ථාන වැසීම. මෙයින් නිවස ඇතුළත උෂ්ණත්වය පාලනය වෙලා ලොකු AC/Heater සඳහා තිබෙන අවශ්‍යතාවය නැති වෙනවා.
- Solar Panels සවිකිරීම
නිවසේ සියල්ල ඉදිරියේදී විදුලියට මාරු කරන නිසා, හැකි තරම් ලොකු Solar system එකකට (උදා: 10kW – 11.76kW) යාම වඩාත් වාසිදායකයි. එතකොට EV Car, Hot Water system දහවල් කාලයේදී Solar බලයෙන් Charge කරගන්න පුළුවන්.
- ගෑස් භාවිතයෙන් ඉවත් වීම
ප්‍රථමයෙන් ගෑස් Heater වෙනුවට efficient Reverse-Cycle AC එකක් දාගන්න.
ඊළඟට ගෑස් Hot Water වෙනුවට Heat Pump එකක් දාගන්න.
අවසානයට ගෑස් කුකර් එක වෙනුවට Induction Cooktop එකකට මාරු වෙන්න.
- Home Battery එකක් ගැනීම (අවසානයටම)
ගෑස් සහ පෙට්‍රල් භාවිතය සම්පූර්ණයෙන්ම නතර කර නිවස fully electric කළ පසු පමණක් Battery එකක් ගැන සිතන්න.
Pathway 3 කින් ලැබෙන වාසි සහ පිරිවැය
Melbourne Household Model – Solar, All-electric, EV Car සහිත නිවසක් සඳහා
Pathway 1: Battery නැතිව Solar + Electric + EV
අවුරුද්දක ඉතිරිය: $4,400 විතර (Gas, Petrol බිල් zero වේ)
වියදම (Rebates එක්ක): ඩොලර් 23,900 ක් විතර. (වසර 5.4 කින් මුදල් ආපසු cover වේ)
Pathway 2: Solar + Medium Battery (13.5kWh) + Electric + EV
අවුරුද්දක ඉතිරිය: $5,300 විතර
වියදම (Rebates එක්ක): ඩොලර් 35,800 ක් විතර. (වසර 6.8 කින් cover වේ)
Pathway 3: Solar + Large Battery (27kWh) + Electric + EV
අවුරුද්දක ඉතිරිය: $5,900 විතර
වියදම (Rebates එක්ක): ඩොලර් 41,800 ක් විතර. (වසර 7.4 කින් cover වේ)
බැටරිය අන්තිමට තියන්න කියන්නේ ඇයි?
පර්යේෂණවලින් හෙළිවී ඇත්තේ පළමු බැටරිය හරහා වසරකට $852 ක අමතර ඉතිරියක් ලැබුණද, බැටරි ධාරිතාව දෙගුණ කළ විට (Large battery) ලැබෙන්නේ තවත් $355 ක තරම් කුඩා ඉතිරියක් පමණක් බවයි.
එබැවින් බැටරියකට විශාල මුදලක් යටකිරීමට පෙර ගෑස් ලිප්, ගෑස් හීටර් ඉවත් කර Solar මඟින් සෘජුවම විදුලිය පාවිච්චි කිරීමට හුරු වීම වඩාත් නුවණට හුරුයි.
Victoria ඇතුළු ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් මඟින් Solar, Heat Pump සහ Air Conditioners සඳහා $6,000 කට ආසන්න සහන (Rebates) ලබා දෙනවා.. ඕනෑම උපකරණයක් සවිකිරීමට පෙර ඔබේ ප්‍රාන්තයේ රජයේ සහන ලබාගත හැකිදැයි පරීක්ෂා කරන්න.