Dashcam එකෙන් ලැබෙන ඔබ නොදන්න වාසි මෙන්න

ඔයා ඕස්ට්‍රේලියාවේ වාහනයක් පදවන කෙනෙක් නම්, Dashcam (Dashboard Camera) එකක් කියන්නේ අනිවාර්යයෙන්ම තිබිය යුතුම උපාංගයක්. වාහනයේ ඉදිරිපස හෝ පසුපස වීදුරුවේ සවිකරන මෙම කුඩා කැමරාව මඟින්, වාහනය පණගැන්වූ මොහොතේ සිට පාරේ සිදුවන සියලු දේ වීඩියෝ ගත වෙනවා.

හදිසි අනතුරක් වූ විටෙක Car Insurance Claim එකක් ඉතා ඉක්මනින් සහ නිවැරදිව ලබාගැනීමට මෙම Dashcam වීඩියෝ විශාල උපකාරයක් වෙනවා.

 

ඉතින් අද අපි බලමු Dashcam එකකින් ලැබෙන ප්‍රධාන වාසි 5 මොනවද කියලා

  1. සැබෑ සාක්ෂිකරුවෙකු ලෙස ක්‍රියා කිරීම: අනතුරක් වූ විට අනෙක් රියදුරා ඔබේ පිට වරද පටවන්න හැදුවොත්, කිසිදු පක්ෂපාතීත්වයකින් තොරව සැබෑ ලෙසම සිදු වූයේ කුමක්දැයි පෙන්වීමට Dashcam වීඩියෝවට පුළුවන්. 

 

  1. Claim එක ඉක්මනින් Approve කරගැනීමට හැකිවීම: පාරවල්වල තියෙන CCTV දර්ශන ලබා ගැනීමට දින ගණනක් යනවා. නමුත් ඔබේ කැමරාවේ වීඩියෝව Insurance සමාගමට දීමෙන් දිගින් දිගටම කෙරෙන පරීක්ෂණ අඩුවී ඉක්මනින්ම වන්දිය ලබාගන්න පුළුවන්.

 

  1. හොර Claim (Fraudulent Claims) වැළැක්වීම: ඇතැම් අය වෙනත් අයගේ පිට වරද පටවා වන්දි ගැනීමට බොරු අනතුරු (Staged accidents) සිදුකරනවා. Dashcam වීඩියෝ හරහා එවැනි බොරු නිවැරදිව අසුකර ගන්න පුළුවන්.

 

  1. වාහනය Park කර තිබියදීත් ආරක්ෂාව ලැබීම: Parking mode සහ Motion sensors ඇති Dashcam එකක් මඟින්, ඔබ නැති වෙලාවට වාහනයට හානියක් කළොත් හෝ කඩා භාණ්ඩ සොරකම් කළොත් ඒ සියල්ල සටහන් කරගන්නවා.

 

  1. පාරේ ආරක්ෂාව වැඩිවීම (Road Safety): අන්තරායකර ලෙස වාහන පදවන අයගේ වීඩියෝ පොලිසියට ලබාදී දඩ ගැසීමට පහසු වන අතර, නවීන Dashcam වල ඇති ADAS system එක මඟින් ඉදිරියෙන් ඇති අනතුරු ගැන ඔබට කලින්ම Warning ලබාදෙනවා.

 

Dashcam එකක වීඩියෝ තිබුණද, අනතුරක් වූ පසු අනෙක් රියදුරාගේ නම, දුරකථන අංකය සහ වාහන අංකය (License plate) ලබාගැනීමට අමතක කරන්න එපා. එමෙන්ම අනතුර වූයේ ඔබේ වරදින් නම්, Dashcam වීඩියෝවෙන් එයද හෙළිවිය හැකි බව මතක තබාගන්න!

Don't forget to share this post!

Recent Posts