නිවසකට ඉදිරිපිටින් පිහිටි තණකොළ සහිත භූමි ප්‍රදේශය (Verge / Nature Strip) සාමාන්‍යයෙන් Local Council එකට අයත් පොදු ඉඩමක් වුනත්, එහි තණකොළ කැපීම වැනි දෛනික නඩත්තු කටයුතු සිදුකරනු ලබන්නේ අසල නිවසේ පදිංචිකරු විසින්.
එහෙත්, මෙම පාර අයිනේ එළවළු, පළතුරු හෝ ඖෂධීය පැළෑටි වගා කිරීමට ඔබට අවසර තිබේද යන්න ඔබ ජීවත්වන ප්‍රදේශයේ Local Council එකේ නීතිරීති මත තීරණය වෙනවා.. ඇතැම් කවුන්සිල මඟින් ඊට අවසර ලබාදෙන අතර, තවත් සමහර කවුන්සිල මඟින් එය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා..
නිවසේ ඉඩ නැත්නම් හොඳම විසඳුම: Community Gardens
ඔබට නිවසේ වගා කිරීමට ප්‍රමාණවත් ඉඩක් නොමැති නම්, Community Garden එකකට එකතු වීම ඊට ඇති හොඳම විකල්පයක්.
වගාව ගැන උනන්දුවක් දක්වන ආධුනිකයන්ට පළපුරුදු ගොවීන්ගෙන් උපදෙස් ලබාගැනීමට මෙය අගනා අවස්ථාවක්.
කෘෂිකාර්මික දැනුම ලැබීම: පස සකස් කරන ආකාරය, කොම්පෝස්ට් සෑදීම, සුදුසු පැළ වර්ග තේරීම සහ ඒවා නඩත්තු කරන ආකාරය පිළිබඳ මනා පුහුණුවක් මෙහිදී ලැබෙනවා..
තමන්ගේ රටේ එළවළු වගා කිරීම: සාමාන්‍ය supermarkets වල ගන්න නැති, තමන්ගේ මව් රටට ආවේණික එළවළු සහ පලා වර්ග වගා කරගැනීමට මෙය හොඳම මඟක්.
නොමිලේ උපකරණ ලැබීම: බොහෝ community garden මඟින් වගාවට අවශ්‍ය මූලික උපකරණ පවා ලබාදෙනවා.
ප්‍රජා උද්‍යානයකින් සමාජයට ලැබෙන වාසි:
මෙම උද්‍යාන යනු හුදෙක් එළවළු වගාකරන ස්ථානයක් පමණක් නෙවෙයි. මුළු සමාජයම එකතු කරන සුන්දර මධ්‍යස්ථානයක්.
සැමට විවෘත වීම: කුඩා දරුවන් සඳහා පොත් කියවීමේ වැඩසටහන්, Zero Waste, Composting සහ Permaculture පිළිබඳ දැනුවත් කිරීමේ පාඨමාලා මෙහිදී පැවැත්වෙනවා.
විශේෂ අවශ්‍යතා සහිත පිරිස් වෙනුවෙන්: Neurodivergent පුද්ගලයන්ට මනස සැහැල්ලු කරගනිමින් වගා කටයුතුවල නිරත වීමටද මෙහි වෙනම ඉඩකඩ වෙන්කර තිබෙනවා..
ඔබේ නිවස ඉදිරිපිට පාර අයිනේ වගා කිරීමට පෙර අනිවාර්යයෙන්ම ඔබේ Local Council එකෙන් අවසර ලබාගන්න. ඒ වගේම, වෙනත් අයෙකුගේ වත්තක හෝ පාර අයිනක වගා කර ඇති පළතුරු හෝ එළවළු නෙලා ගැනීමට පෙර අයිතිකරුගෙන් අවසර ගැනීමට මතක තබාගන්න.