ඕස්ට්‍රේලියානු ආර්ථිකය ජූනි කාර්තුව තුළදී 0.4% ක වර්ධනයක් සටහන් කරමින් ආර්ථික විද්‍යාඥයන්ගේ පුරෝකථනයන් අභිබවා යාමට සමත් වී තිබෙනවා.
Australian Bureau of Statistics (ABS) හි නවතම දත්තවලට අනුව, ජූනි 30 දක්වා වූ ගතවූ වසර තුළ ඕස්ට්‍රේලියාවේ සමස්ත ආර්ථික වර්ධනය 2.1% ක් ලෙස සටහන් වෙනවා.. මෙය කලින් අපේක්ෂා කළ 1.8% ක අගයට වඩා ඉහළ අගයක් වන අතර, මෙලෙස ආර්ථිකය වේගයෙන් වර්ධනය වීමත් සමඟ Reserve Bank of Australia (RBA) විසින් නැවතත් බැංකු පොලී අනුපාත ඉහළ නැංවීමේ අවදානම දැඩි වී තිබෙනවා.
ආර්ථික දත්තවල ප්‍රධාන සොයාගැනීම්
ලෝකයේ ප්‍රමුඛ රටවල් අතර ඉහළින්ම Treasurer Jim Chalmers පෙන්වා දෙන්නේ පවතින ජාත්‍යන්තර ආර්ථික අර්බුද හමුවේ වුවද ඕස්ට්‍රේලියානු ආර්ථිකය ඇමෙරිකාව (US) වැනි ප්‍රමුඛ රටවලට සමානව ඉතා ශක්තිමත්ව ඉදිරියට යන බවයි.
සැප්තැම්බර් මාසයේ පොලී ඉහළ යාමේ අවදානම 70% දක්වා
ආර්ථිකය වේගයෙන් වර්ධනය වීම නිසා උද්ධමනය පාලනය කිරීමට RBA බැංකුවට සැප්තැම්බර් හෝ නොවැම්බර් මාසවලදී පොලී අනුපාත වැඩි කිරීමට සිදුවනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ පවසනවා.
පොලී අනුපාතය 4.8% දක්වා යා හැකියි
දැනට 4.35% ක් ලෙස පවතින ප්‍රධාන බැංකු පොලී අනුපාතය (Cash rate) ලබන වසරේ මැද වන විට 4.8% දක්වා තවත් අදියර දෙකකින් ඉහළ යනු ඇතැයි වෙළඳපොළ විශ්ලේෂකයෝ ගණන් බලනවා.
ආර්ථිකය වර්ධනය වුවද, ඕස්ට්‍රේලියාවේ Labour Productivity එක වර්ධනය නොවීම ප්‍රධාන ගැටලුවක් ලෙස ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙනවා.
ඕස්ට්‍රේලියානු සේවකයන්ගේ වර්තමාන Productivity එක වසර 7 කට පෙර පැවැති මට්ටමේම පවතින අතර, නව AI තාක්ෂණයන් පැමිණියද සේවක ඵලදායිතාවයේ වර්ධනයක් සිදුවී නැහැ.
සේවකයන්ගේ පැයක ඵලදායිතාව ඉහළ නොගොස් Unit labour cost එක පමණක් ඉහළ යාම ආර්ථිකයේ ස්ථාවරත්වයට බාධාවක්.
ඕස්ට්‍රේලියාවේ Home Loans ලබාගෙන ඇති හෝ ඉදිරියේදී ලබා ගැනීමට බලාපොරොත්තු වන අය, ඉදිරි මාස කිහිපය තුළදී RBA බැංකුව විසින් නැවතත් පොලී අනුපාත ඉහළ නැංවීමට ඇති ඉඩකඩ වැඩි බැවින් තමන්ගේ මාසික ණය වාරික (Repayments) සඳහා පූර්ව සූදානමකින් සිටීම නුවණට හුරුයි.