නාගරික කාර්යබහුල ජීවිතයෙන් මිදිලා නිදහස් නිස්කලංක පරිසරයක ලස්සන දසුනක් දැකගන්න කැමතිද? එහෙනම් මේක ඔයාට.
Winter එකේදී Tasmania වල සංචාරකයන්ට දැකගත හැකි අපූරුම සංසිද්ධියක් තමයි Southern Lights හෙවත් Aurora Australis කියන්නේ.
රාත්‍රී අහසේ දම්, කොළ සහ රෝස පැහැයෙන් විහිදෙන මෙම මනරම් ආලෝක ධාරාවන් නැරඹීමට සහ ඡායාරූපයට නැගීමට Tasmania වල ඇති හොඳම ස්ථාන 5 කුත් අද අපි කියනවා.
Southern Lights නැරඹීමට හොඳම ස්ථාන 5:
- Bruny Island
Hobart නගරයේ සිට විනාඩි 30 කින් ළඟාවිය හැකි මෙම දූපත Light pollution එකෙන් තොර ප්‍රදේශයක්. මෙහි ඇති ‘The Neck’ හි පඩිපෙළ නැඟ දකුණු දෙසට කැමරාව යොමු කිරීමෙන් Southern Lights වල සුපිරි දර්ශනයක් ලබාගත හැකියි.
- Satellite Island (සුඛෝපභෝගී සංචාරයන් සඳහා): තාරකා නැරඹීමටම සුදුසු හෙක්ටයාර 34 කින් යුත් මෙම පෞද්ගලික දූපත, සුඛෝපභෝගී නවාතැන් පහසුකම්වලින් සමන්විතයි. අහසේ ආලෝක රටා නරඹමින් රාත්‍රිය ගතකිරීමට මෙයට වඩා හොඳ තැනක් තවත් නැහැ..
- Cradle Mountain-Lake St Clair National Park: Cradle Lake හෝ Dove Lake හි නිශ්චල ජල තලයට ඉහළින් විහිදෙන Southern Lights හි අලංකාරය වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලස්සනයි. ආලෝක රටා නොමැති රාත්‍රියක වුවද අවුරුදු මිලියන 60 ක් පැරණි වනගහනය සහ කඳු පංතිය නිසා විශිෂ්ට දර්ශනයක් දැකගන්න පුළුවන්..
- Bathurst Harbour: ලෝක උරුම ටැස්මේනියානු වනාන්තර ප්‍රදේශයේ පිහිටි මෙහි ඇති Southwest Wilderness Camp වෙත ළඟාවිය හැක්කේ ගුවන් යානයකින් සහ පසුව බෝට්ටුවකින් පමණයි.. ළඟම නගරයේ සිට කිලෝමීටර 100 ක් දුරින් පිහිටි නිසා සම්පූර්ණ අඳුරු අහසක ආලෝක රටා නැරඹිය හැකියි.
- The Central Highlands: “Land of a Thousand Lakes” ලෙස හැඳින්වෙන මෙම ප්‍රදේශය තැනිතලා සහ ග්ලැසියර මඟින් නිර්මාණය වූ විල්වලින් සමන්විතයි. ක්ෂිතිජය පැහැදිලිව පෙනෙන බැවින් Southern Lights නැරඹීමට ඉතා සුදුසුයි.
ඉතින් ඔයත් ටැස්මේනියාවට යනවා නම් Southern Lights නැරඹීමට යාමට පෙර කාලගුණ වාර්තා සහ Aurora Alerts පරීක්ෂා කර බලන්න. ආලෝක දූෂණයෙන් තොර, නගරයේ ආලෝකයන්ගෙන් ඈත්වූ දකුණු දිශාව පැහැදිලිව පෙනෙන ස්ථානයක් තෝරාගැනීමෙන් වඩාත් පැහැදිලි දර්ශනයක් ලබාගත හැකියි.
Image credit: www.abc.net.au