ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවේ Police Clearance එක ගන්න කීයක් යනවද?

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා Consulate General කාර්යාලය හරහා ශ්‍රී ලංකාවේ පොලිස් සහතිකයක් සඳහා අයදුම් කරන විදිහ, ඒ සඳහා අවශ්‍ය වෙන documents මොනවද කියන එක අපි කලින් articles කිහිපයකින් කතා කළා. අද අපි කියන්නේ, ඒ police clearance certificate එක ලබා ගැනීම සඳහා කළ යුතු ගෙවීම්, අයදුම්පතෙහි status එක පරීක්ෂා කිරීම සහ සහතිකය ලබාගැනීමේ පියවර ගැනයි.

 

Payment details

මේ සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් 90 ක් (AUD 90) අය කෙරෙනවා. අයදුම්පත භාරදෙන අවස්ථාවේදීම ගෙවීම් කළ යුතු අතර, Receipt එක ළඟ තබා ගැනීම අනිවාර්ය වෙනවා.

කාර්යාලයට පැමිණ ගෙවනවා නම්, Debit Card මඟින් ගෙවීම් කරන්න පුළුවන්.. Tap & Pay, Credit Cards හෝ Personal/Company Cheques භාරගනු ලබන්නේ නැහැ.

තැපෑලෙන් අයදුම් කරන්නේ නම් (South Australia අයදුම්කරුවන්): “Consulate General of Sri Lanka in Melbourne” නමට ගත් Postal Money Order එකක් (Australia Post) හෝ Bank Draft එකක් එවීමට සිදුවෙනවා. අයදුම්පත සකස් කළ පසු ඊට අදාළ receipt එක Email එකක් මඟින් එවනවා.

 

අයදුම්පතෙහි Status එක පරීක්ෂා කිරීම

කාර්යාලයට භාරදෙන අයදුම්පත් සහතිකය නිකුත් කිරීම සඳහා කොළඹ පොලිස් මූලස්ථානය වෙත යොමු කෙරෙනවා. සහතිකය නිකුත් කිරීමට නියමිත නිශ්චිත කාලසීමාවක් ලබාදිය නොහැකි බවයි කොන්සියුලර් කාර්යාලය පවසන්නේ.

Online අයදුම් කළ අයට, Police Clearance Status Link එක හරහා අයදුම්පතෙහි තත්ත්වය පරීක්ෂා කරන්න පුළුවන්.

 

සහතිකය ලබාගැනීම (Collection)

කොළඹින් සහතිකය ලැබුණු පසු කොන්සියුලර් කාර්යාලය විසින් Email පණිවිඩයක් මඟින් ඔබව දැනුවත් කරනවා.

 

පැමිණ ලබාගැනීම

සහතිකය ලබාගැනීමට කලින් Appointments ගැනීමට අවශ්‍ය නැහැ. ඕනෑම රජයේ වැඩකරන දිනයක පෙරවරු 9.15 – 9.30 අතර හෝ පස්වරු 1.30 – 1.45 අතර කාලයේදී පැමිණ සහතිකය ලබාගත හැකියි. 

 

තැපෑලෙන් ලබාගැනීමට නම්

Registered Post මඟින් සහතිකය නිවසටම ගෙන්නා ගැනීමට අවශ්‍ය නම්, ඔබේ නම, Passport/NIC අංකය, Reference අංකය සහ ලිපිනය, mail@slcgmel.org වෙත Email කරන්න. එවිට Tracking number එක ඔබට Email මඟින් එවනු ලබනවා.

කොන්සල් ජනරාල් කාර්යාලය වෙත පැමිණෙන විට නියමිත වේලාවට පැමිණීමටත්, අවශ්‍ය සියලුම ලියකියවිලි  නිවැරදිව සූදානම් කරගෙන පැමිණීමටත් වගබලා ගන්න. යම් ගැටලුවක් ඇත්නම් පැමිණීමට පෙර කාර්යාලය අමතා විමසන්න.

 

Image credit: immigrationconsultancies.com

Don't forget to share this post!

Recent Posts