ඕස්ට්‍රේලියාවේ දූපතක Rent-free ජීවත් වෙන්න කැමතිද?

නගරයේ තදබදයෙන් සහ දෛනික ජීවිතයේ ආතතියෙන් මිදී, කිසිම Rent එකක් නොගෙවා දූපතක නිදහසේ ජීවත් වෙන්න ලැබෙනවා නම් ඔයා කැමතිද?

North Queensland වල Mackay සිට කිලෝමීටර් 125 ක් ගිනිකොන දෙසින් පිහිටි Middle Percy Island නමැති සුන්දර දූපත, එහි නඩත්තු කටයුතු සිදුකිරීම සඳහා අලුතින් Live-in Caretakersලා සොයමින් සිටිනවා.

වර්ග කිලෝමීටර් 20 ක පමණ විශාලත්වයකින් යුත් මෙම දූපතේ දැනට ජීවත් වන්නේ පුද්ගලයන් දෙදෙනෙකු පමණයි!

 

දූපතේ ජීවිතය ඇත්තටම මොන වගේද?

දැනට මෙම දූපතේ ජීවත් වන Martin Papay (වසර 15 ක් තිස්සේ සිටින) සහ Ralph Ender පවසන්නේ මෙහි ජීවිතය ඉතා සුන්දර නමුත් එය දැඩි කැපවීමක් අවශ්‍ය වන එකක් බවයි.

දූපතේ ජීවත් වීමට නම් තමන්ට අවශ්‍ය එළවළු, පලතුරු වගා කරගැනීමට, එළුවන් සහ කුකුළන් ඇති කිරීමට, මී මැසි පාලනයට සහ වඩු වැඩ (Carpentry) වැනි ශිල්පීය හැකියාවන්ට දක්ෂ විය යුතුයි.

වැසි ජලය පම්ප් කිරීම, වත්තට වතුර දැමීම, මී පැණි එකතු කිරීම සහ එළුවන් දඩයම් කර මස් සකසා ගැනීම වැනි දැඩි ශාරීරික වෙහෙසක් දරන වැඩ දිනපතා සිදුකල යුතුයි..

මැයි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ සංචාරක යාත්‍රා (Yachts) සිය ගණනක් දූපතට පැමිණෙන අතර, එම කාලයට අමුත්තන්ට සංග්‍රහ කිරීම සහ දූපතේ නිපදවන මීපැණි සහ සම් භාණ්ඩ අලෙවි කිරීම සිදුකෙරෙනවා. නමුත් වසරේ ඉතිරි කාලයේදී මාස ගණනක් තනිවම සිටීමට සිදු වෙනවා.

 

Caretaker වීමට අවශ්‍ය සුදුසුකම්:

  • Percy Island Conservation Group මඟින් පාලනය වන මෙම දූපතේ Volunteer Caretaker කෙනෙකු ලෙස එක්වීමට පහත කොන්දේසි සපුරාලිය යුතුයි;
  • අවම වශයෙන් වසර 1 ක කාලයක් දූපතේ රැඳී සිටීමට කැමති විය යුතුයි.
  • දූපතේ නවාතැන් සම්පූර්ණයෙන්ම නොමිලේ හිමිවන අතර, තමන්ගේ අමතර පෞද්ගලික වියදම් සපයා ගැනීමට තමන්ට හැකියාව තිබිය යුතුයි.
  • දූපතේ පවතින හුදෙකලා බව සහ හදිසි දුක් කරදරතනිවම දරාගැනීමේ හැකියාව තිබිය යුතුයි.

 

ඔයා සොබාදහමට ආදරය කරන, නගරයේ යාන්ත්‍රික ජීවිතයෙන් මිදීලා නිදහසේ ඉන්න කැමතියිද? මේ volunteering service එකට ඔයත් කැමතිනම් කරන්න තියෙන්නේ Percy Island Conservation Group Inc. එක contact කරන එක.

 

Image credit: weareexplorers.co

Don't forget to share this post!

Recent Posts