ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවේ Passport එක Renew කරන්න Apply කරන විදිහ

අපි කලින් article එකකින් කිව්වා ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවේ passport එක renew කරගන්න සපුරාලිය යුතු සුදුසුකම් ගැන. අද අපි බලමු apply කරන විදිහ ගැන.

ඔබගේ අවශ්‍යතාවය අනුව අයදුම්පත් වර්ග කිහිපයක් යටතේ අලුත් විදේශගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කරන්න පුළුවන්.

 

  1. අයදුම්පත ඉදිරිපත් කළ හැකි ක්‍රම (How to Apply)

ඔබට ක්‍රම දෙකකට අයදුම්පත කොන්සුල් කාර්යාලය වෙත භාරදෙන්න පුළුවන්.

 

කාර්යාලයට පැමිණ භාරදීම (In-person):

Consulate General කාර්යාලයේ වෙබ් අඩවිය හරහා Online හෝ Email මඟින් වේලාවක් වෙන් කරවාගෙන යා යුතුයි.

සේවා වේලාවන්: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පෙ.ව. 9.30 සිට ප.ව. 1.00 දක්වා (රජයේ නිවාඩු දින පිළිබඳ වෙබ් අඩවියෙන් පරීක්ෂා කරන්න).

ඔබේ දැනට පවතින Passport එක ඉදිරිපත් කිරීම අනිවාර්ය වන අතර, අයදුම්පත සකස් කිරීමෙන් පසු එදිනම එය ඔබට නැවත ලබාදෙනවා.

 

තැපෑල මඟින් යැවීම (Via Post)

සියලුම වර්ගයේ අයදුම්පත් තැපෑල මඟින් ඉදිරිපත් කරන්න පුළුවන්.

අයදුම්පතේ 2 වන පිටුවේ අලවන ඡායාරූපය, 4 වන පිටුවේ ඉහළ කොටස සහ සියලුම ලේඛනවල පිටපත් ඕස්ට්‍රේලියාවේ බලයලත් නිලධාරියෙකු ලවා (Lawyer, Doctor, Justice of Peace – JP, Police Officer, හෝ Pharmacist) නිල මුද්‍රාව තබා සහතික කර තිබිය යුතුයි.

ඔබගේ දැනට පවතින මුල් Passport එක සහ ශ්‍රී ලාංකික පුරවැසිභාවය සහතික කරන සහතිකයක් තැපෑලෙන් යැවීම අනිවාර්ය වන අතර, නව Passport එක සමඟ ඒවා නැවත ඔබට එවනවා.

 

  1. අයදුම්පත් වර්ග සහ විශේෂ කොන්දේසි (Application Types)

කල් ඉකුත් වන/වූ Passport සඳහා:

Passport එක කල් ඉකුත් වීමට පෙර අයදුම් කළ යුතුයි.

කල් ඉකුත් වීමට වසරකට වඩා වැඩි කාලයක් තිබියදී අලුත් Passport එකක් සඳහා අයදුම් කරන්නේ නම්, ඊට අදාළ හේතුව දැක්වෙන ලිපියක් ඉදිරිපත් කළ යුතුයි.

Passport එක කල් ඉකුත් වූ පසු අයදුම් කරන්නේ නම්, දඩ මුදලක් (Penalty fee) අය කෙරෙනවා.

 

නැතිවූ හෝ සොරකම් කරන ලද Passport (Lost/Stolen):

Passport එක නැතිවූ වහාම ඔබ පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානයට පැමිණිලි කර ඊට අදාළ වාර්තාව ලබාගත යුතුයි.

නැතිවූ බවට වාර්තා කරන Passport පිළිබඳ තොරතුරු ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට සහ INTERPOL (ජාත්‍යන්තර පොලිසිය) වෙත ඇතුළත් කෙරෙනවා.

නැතිවූ Passport එකක් පසුව හමු වුවද එය නැවත භාවිත කරන්න බැහැ. එය Consulate General කාර්යාලය වෙත තැපෑලෙන් යැවිය යුතු අතර, අවශ්‍ය නම් අවලංගු කිරීමෙන් පසු නැවත ලබාගත හැකියි.

ඒ වගේම වෙනත් අයෙකුගේ නැතිවූ ශ්‍රී ලංකා Passport එකක් හමුවුණොත්, ලියාපදිංචි තැපෑලෙන් Consulate General කාර්යාලයේ ලිපිනයට යවන්නත් අමතක කරන්න එපා; Consulate General of Sri Lanka Melbourne, No 432, Level 9, St Kilda Road, Melbourne, VIC 3004)

 

වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා (Minor Applicants):

අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා අලුත් Passport ලබාගැනීමට මව්පියන් දෙදෙනාගේම කැමැත්ත (Consent) අනිවාර්යයි..

 

හදිසි ගමන් සඳහා වන තාවකාලික ලේඛන

NMRP (Non-Machine Readable Passport): Passport එක කල් ඉකුත් වී හෝ නැතිවී ඇති අවස්ථාවක හදිසියෙන් ලංකාවට යාමට පමණක් ලබාදෙන එක්වරක් පමණක් භාවිතා කළ හැකි තාවකාලික ගමන් බලපත්‍රයක්.

TTD (Temporary Travel Documents): Australian Government හෝ IOM මඟින් සංවිධානය කරන “Unlawful non-citizens” ලෙස වර්ගීකරණය වූ ශ්‍රී ලාංකිකයන් නැවත මව්බිමට යැවීමේ වැඩසටහන් සඳහා නිකුත් කරනු ලබනවා.

තැපෑලෙන් හෝ සෘජුව පැමිණ අයදුම් කරන විට සහතික කිරීම් (Attestations) සහ මුල් ලේඛන (Original Documents) නිසි පරිදි ඇමුණුම් කර ඇත්දැයි නැවත පරීක්ෂා කරගැනීමෙන් ඔබගේ අයදුම්පත ප්‍රමාදයකින් තොරව සකස් කරගැනීමට හැකියි!

වඩාත් නිවැරදිම තොරතුරු දැනගන්න ඔයා ජීවත් වෙන ප්‍රදේශයට අදාළ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට කතා කරන්න, එහ්මත් නැත්නම් අදාළ වෙබ් අඩවිය පරීක්ෂා කරන්න.

 

Image credit: www.onlanka.com

Don't forget to share this post!

Recent Posts