Asian Games යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි! වසර 5කට පසු දික්වැල්ලත් කණ්ඩායමට

Asian Games 2026 සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා පිරිමි T20 ක්‍රිකට් සංචිතය අඟහරුවාදා නම් කර තිබෙනවා. මෙවර කණ්ඩායමේ නායකත්වය සහන් ආරච්චිගේ හට හිමිව ඇති අතර, කඩුළු රකින්නා ලෙස නම් කර ඇති නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට එකතු වන්නේ 2021 වසරට පසුවයි.

 

තරගාවලිය පිළිබඳ වැදගත්ම තොරතුරු මෙන්න

තරගාවලිය පවැත්වෙන්නේ කොහෙද?

කණ්ඩායම් 10 ක් සහභාගී වන මෙම T20I තරගාවලිය සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 3 දක්වා ජපානයේ Aichi ප්‍රාන්තයේ Nisshin හි පිහිටි Kōrogi Sports Park ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ජපානය බලා පිටත්ව යාමට නියමිතයි.

 

සංචිතයේ විශේෂතා

මෙවර සංචිතය ප්‍රබල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සහ දක්ෂ නැගී එන ක්‍රීඩකයින්ගේ එකතුවකින් සමන්විත වෙනවා.

මෑතකදී නිමාවූ එංගලන්ත T20I තරගාවලියට සහභාගී වූ සංචිතයට වඩා මෙය වෙනස් වන අතර, නුවන් තුෂාර සහ තරිඳු රත්නායක පමණක් සංචිත දෙකටම ඇතුළත් වී තිබෙනවා.

 

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා වාර්තාව

2010 දී ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ඇතුළත් කළ පසු ශ්‍රී ලංකාව පෙන්වූ දක්ෂතා

2010 (Guangzhou): ලෝකඩ පදක්කම (Bronze Medal).

2014 (Incheon): රන් පදක්කම – අවසන් තරගයේදී ඇෆ්ගනිස්ථානය පරාජය කරමින්.

2023 (Hangzhou): පදක්කමක් හිමි වූයේ නැහැ..

 

ශ්‍රී ලංකා සංචිතය

සහන් ආරච්චිගේ (නායක), ලසිත් කෲස්පුල්ලේ, නිරෝෂන් දික්වැල්ල (wk), සිනෙත් ජයවර්ධන, නුවනිඳු ප්‍රනාන්දු, සොහාන් ද ලිවේරා, අශේන් බණ්ඩාර, චාමික කරුණාරත්න, තරිඳු රත්නායක, වනූජ සහන්, විජයකාන්ත් වියස්කාන්ත්, දුශාන් හේමන්ත, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු, ගරුක සංකේත් 

 

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලෙන් ලංකාවට පදක්කමක් දින දෙන්න ශ්‍රී ලංකා කණ්ඩායමට පුළුවන් වෙයිද? 

 

Image credit: www.cricinfo.com 

Don't forget to share this post!

Recent Posts