“ඔයත් මැතකදී electronic vehicale (EV) එකක් මිලදී ගත ඕස්ට්‍රේලියානුවන් අතර සිටින කෙනෙක්ද ? එහෙම නැත්තම් ගන්න හිතාගෙන ඉන්න කෙනෙක්ද ? එහෙනම් මේක ඔයාට ගොඩක් වැදගත් වෙයි. EV එකක battery එක ඉක්මනින් බහින්නෙ නැතුව, වැඩි දුරක් යන්න පුළුවන් ලේසිම ක්‍රම කිහිපයක් ගැන ඕස්ට්‍රේලියාවේ විශේෂඥයින් කිහිප දෙනෙක් පැහැදිලි කරනවා.
පළවෙනි දේ තමයි ‘One-pedal driving’ කියන එක. ඒ කියන්නේ නිතරම බ්‍රේක් පාගන්නේ නැතුව accelerator වාහනේ වේගය පාලනය කරන එක. මේකෙන් වාහනේ වේගය අඩුවෙන වෙලාවට වාහනේම තියෙන ‘Regenerative braking’ තාක්ෂණය හරහා ආයෙත් බැටරිය චාර්ජ් වෙනවා. ඒ වගේම ට්‍රැෆික් ලයිට් එකක් ළඟින් රේස් කරගෙන එකපාරටම වාහනේ ඉස්සරහට ගන්නේ නැතුව, හිමින් වේගය වැඩි කරන එකත් බැටරිය ඉතුරු කරගන්න හොඳම ක්‍රමයක්.

ඊළඟ කාරණය තමයි Freeway වල රිය පැදවීම. ඕස්ට්‍රේලියාවේ Freeway වල දුර ගමන් යද්දී EV එකක බැටරිය ටිකක් ඉක්මනින් බහිනවා. මේකට විසඳුමක් විදිහට Cruise control සහ Eco mode පාවිච්චි කරන්න පුළුවන්. බැරිවෙලාවත් මඟදි චාර්ජ් කරගන්න තැනක් නැතිවෙයි, බැටරිය බහිවී කියලා බයක් දැනුනොත් කරන්න තියෙන හොඳම දේ තමයි වාහනේ වේගය අඩු කරන එක. පැයට කිලෝමීටර් 100ට යනවා වෙනුවට 90ට හෝ 70ට වගේ වේගය අඩු කළොත් ඔබට තවත් සෑහෙන දුරක් යන්න පුළුවන්.
අනිත් වැදගත්ම දේ තමයි වාහනේ ටයර් වල ප්‍රෙෂර් එක. ටයර් වල හුළං අඩු වුනාමත් බැටරිය ඉක්මනින් බහිනවා. ඒ නිසා මාසෙකට සැරයක්වත් ටයර් ප්‍රෙෂර් එක චෙක් කරන්න. ඒ වගේම වාහනේට අනවශ්‍ය බරක් පටවන්නේ නැතුව ඉන්නත්, පාවිච්චි කරන්නේ නැති Roof racks වගේ දේවල් ගලවලා තියන්නත් අමතක කරන්න එපා.
අවසාන වශයෙන් බැටරියේ ආයු කාලය ගැනත් අපි හිතන්න ඕනේ. දුර ගමනක් යන්නේ නැති සාමාන්‍ය දවස් වලදී බැටරිය 20% ත් 80% ත් අතර ප්‍රමාණයක තියාගන්න එක තමයි වඩාත් සුදුසු. ගෙදරදීම slow charge කරගන්න එක බැටරියට ගොඩක් හොඳයි.

විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ ගොඩක් ගෙවල් වල Solar තියෙන නිසා, දවල් කාලයේ Solar වලින් EV එක චාර්ජ් කරගන්න පුළුවන් නම් ඔයාට ඉන්ධන සඳහා යන විශාල මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. මේ විශේෂඥයන් පෙන්වා දෙන විදිහට සාමාන්‍ය වාහනයකට අවුරුද්දකට ඩොලර් 3000ක් විතර යද්දී, Solar වලින් EV එකක් පදින්න යන්නේ ඩොලර් 100ක් වගේ බොහොම සුළු මුදලක්.
ඉතින් මේ සරල පුරුදු ටික ජීවිතයට එකතු කරගත්තොත් ඔයාගේ EV එකෙනුත් අඩුම වියදමකින් වැඩිම දුරක් යන්න පුළුවන් වෙනවා.”