ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයා අනිවාර්යෙන්ම මේ දේ පිලිබදව දැන ගෙන ඉන්න වෙනවා. 2026 නොවැම්බර් 30 වෙනිදායින් පසුව ATO (Australian Taxation Office) ආයතනය වෙත tax ගෙවීමේදී Credit Cards භාවිතා කිරීමට නොහැකි වන බව ඔවුන් දැනුම් දී තිබෙනවා. රජය විසින් මෙම තීරණය ගෙන තිබෙන්නේ Credit Cards සඳහා අයවන ගාස්තු (merchant fees) මහජනතාව මත පැටවීම සුදුසු නොවන නිසයි.
ඔයා මේ දක්වා බදු ගෙවීම් සිදු කළේ Credit Cards වලින් නම්, ඊළඟට කුමක් කළ යුතුද කියා ඔයාට සිතෙනවා ඇති. ඉතා පහසු විකල්ප ගෙවීම් (Alternative payment) ක්‍රම කිහිපයක්ම ATO ආයතනය විසින් හඳුන්වා දී තිබෙනවා.ඒ මොනවද කියලා බලමු. පලවෙනි එක ,
01.BPAY (බී-පේ) හරහා ගෙවීම
මෙය බොහෝ දෙනෙක් භාවිතා කරන ඉතා පහසු සහ ආරක්ෂිතම ක්‍රමයක්. ඔයාට ඔයාගේ Online banking වෙත පිවිස BPAY හරහා ගෙවීම් සිදු කළ හැකියි.
Biller code එක- 75556
Reference එක-මෙහිදී අනිවාර්යයෙන්ම ඔයාගේ PRN (Payment Reference Number) එක ඇතුළත් කිරීමට මතක තබා ගන්න.
- Online Services සහ ඩෙබිට් කාඩ් (Debit Cards) භාවිතය
Credit Cards භාවිතය නැවැත්වූවත් ඔයාට Debit Cards භාවිතා කරමින් (Visa, Mastercard, Amex ඩෙබිට් කාඩ්පත්) දිගටම ගෙවීම් සිදු කිරීමේ හැකියාව තිබෙනවා. ඔයාට ඔයාගේ myGov ගිණුම හරහා හෝ ඔයා ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ නම් Online services for business හරහා ගෙවීම් කළ හැකියි. එසේම Government EasyPay සේවාවද මේ සඳහා භාවිතා කිරීමට ඔබට පුළුවන්.

- ඍජුවම බැංකුව හරහා මුදල් යොමු කිරීම (EFT / Bank Transfer)
ඔයාට අවශ්‍ය නම් ඍජුවම මුදල් හුවමාරු කිරීමේ පහසුකමද (Electronic funds transfer) ලබා දී තිබෙනවා.
BSB: 093 003
Account Number- 316385
Account name- ATO direct credit account
මෙහිදී ද Reference එක ලෙස ඔයාගේ PRN අංකය පමණක් ඇතුළත් කරන්න. වෙනත් කිසිදු වචනයක් එහි ඇතුලත් කරන්න එපා.
- Australia Post වෙත ගොස් ගෙවීම
ඔයාට ළඟම පිහිටි Australia Post කාර්යාලයක් වෙත ගොස් මුදලින් (Cash), EFTPOS හරහා හෝ චෙක් පතක් මගින්ද මෙම ගෙවීම් සිදු කළ හැකියි. නමුත් මේ සඳහා යන විට ඔයාගේ බදු ලියවිල්ලේ ඇති payment slip එක අරන් යන්න අමතක කරන්න එපා.
- Direct Debit ක්‍රමය
ඔයාට ඔයාගේ ඉතුරුම් (savings) හෝ චෙක් (cheque) ගිණුමකින් නියමිත දිනට මුදල් අය කරගැනීමේ ක්‍රමය (Direct debit) සකස් කර ගත හැකියි. මෙය සක්‍රීය වීමට දින 7ක් පමණ ගතවන බැවින් කල්වේලා ඇතිව එය සකස් කර ගැනීම වඩාත් සුදුසුයි.
ඉතා වැදගත් කරුණු 2
PRN අංකය අනිවාර්ය වීම. ඔයා කුමන ක්‍රමයක් භාවිතා කළත් ඔයාගේ PRN (Payment Reference Number) අංකය අනිවාර්යයෙන්ම භාවිතා කළ යුතුයි. එසේ වුනේ නැත්නම් ඔයාගේ මුදල් නිවැරදිව ඔයාගේ ATO ගිණුමට බැර නොවී ප්‍රමාද වීමට ඉඩ තිබෙනවා. ඒ වගේම බදු වර්ගය අනුව මෙම PRN අංකය වෙනස් වන බවද මතක තියාගන්න.
මේ සදහා ගතවන කාලය.
මෙම ගෙවීම් ATO ආයතනය වෙත ලැබීමට සාමාන්‍යයෙන් කාර්යාලීය දින 4ක් (4 business days) පමණ ගත විය හැකියි. ඒ නිසා අවසන් මොහොත දක්වා නොසි, දින කිහිපයකට පෙරම ගෙවීම් සිදු කිරීම වඩාත් නුවණට හුරුයි.

ඔයා දැනටමත් ක්‍රෙඩිට් කාඩ්පතක් මගින් ස්වයංක්‍රීයව ගෙවීම් සිදුවන ආකාරයට (payment plan) සකස් කර ඇත්නම්, 2026 නොවැම්බර් 30 වන දිනට පෙර එය වෙනත් ගෙවීම් ක්‍රමයකට වෙනස් කර ගැනීමට කටයුතු කරන්න. මේ පිළිබඳව තවදුරටත් විස්තර දැනගන්න.
https://www.ato.gov.au/media-centre/ato-to-stop-accepting-credit-cards-after-30-november-2026 වෙබ් අඩවියට යන්න.