කෘත්‍රිම බුද්ධිය (AI), සයිබර් ප්‍රහාර සහ බලවත් රාජ්‍යයන්ගේ බලපෑම් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවට නව තර්ජන එල්ල වී ඇති බැවින් AI පාලනය සහ නීති සම්පාදනය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව ලෝක නායකයෙකු ලෙස ඉදිරියට පැමිණිය යුතු බව විදේශ අමාත්‍ය Penny Wong පවසනවා. “Securing Australia’s future in a changing world” යන තේමාවෙන් සෙනෙට් සභාව අමතමින් ඇය මේ බව ප්‍රකාශ කිරීමට සුදානම් වෙනවා. 2029–30 කාලසීමාව සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ (UN Security Council) ස්ථිර නොවන අසුනක් දිනා ගැනීම සඳහා වන ඕස්ට්‍රේලියාවේ අපේක්ෂකත්වය වෙනුවෙන් ද ඇය එහිදී කරුණු දැක්වීමට සුදානම්.

වර්තමානයේ අමෙරිකාව සහ චීනය වැනි බලවතුන් ජාත්‍යන්තර නීතිරීති නොසලකා හරිමින් කටයුතු කිරීම නිසා ගෝලීය ආයතන අඩපණ වී ඇති බවත්, වෙළඳාම, සැපයුම් ජාල, මුහුදු යට කේබල් (undersea cables) සහ AI තාක්ෂණය පවා අද වන විට ආයුධ ලෙස (weaponised) භාවිතා වන බවත් ඇය පෙන්වා දෙනවා. විශේෂයෙන්ම ප්රජාතන්ත්රවාදී රටවල මැතිවරණවලට බලපෑම් කිරීම සඳහා රුසියාව AI මගින් නිර්මාණය කළ බොරු තොරතුරු (deepfakes and disinformation) භාවිතා කරන බවත්, AI දත්ත මධ්‍යස්ථානවලට විදේශීය බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බවත් ඇය අවධාරණය කරනවා.

මෙම අභියෝග හමුවේ ලෝකයෙන් හුදෙකලා වීම වෙනුවට අමෙරිකාව සමඟ ඇති සන්ධානය ශක්තිමත්ව තබා ගනිමින්ම අග්නිදිග ආසියාව, පැසිෆික් කලාපය සහ ජපානය, ඉන්දියාව, කැනඩාව වැනි මධ්‍යම පෙළ බලවතුන් (middle powers) සමඟ එක්ව ජාත්‍යන්තර නීති පද්ධතිය ආරක්ෂා කිරීමට ඕස්ට්‍රේලියාව කටයුතු කළ යුතු බව Penny Wong වැඩිදුරටත් සඳහන් කරනවා.