ඔයත් Relationship එක ඇතුළේ financially Unsafe ද? අනිවාර්යයෙන්ම කියවන්න!

අලුතින් relationship එකක් පටන් ගත්තම හරි, ගොඩක් කල් ආදරේ කරන couple එකක් වුනත් හරි financial පැත්ත ගැන හිතනවා ටිකක් අඩුයි නේද?

මීට අවුරුදු 52කට කලින් ඒ කියන්නේ 1984 දී Australia වල Sex Discrimination Act එක ගේනකම්, කාන්තාවකට තනියම bank එකකින් mortgage එකක්වත් ගන්න බැරුවයි තිබුණේ. අනිවාර්යයෙන්ම පිරිමි කෙනෙක්ගේ අත්සන ඕනේ වුණා. දැන් කාලේ එහෙම නැති වුණාට ඒ කාලේ ඉඳන් ආපු සමහර පුරුදු තාමත්  relationships ඇතුලේ තියෙනවා.

ඔයාගේ relationship එක කොච්චර පරණ වුනත් financially safe වෙන්න පාවිච්චි කරන්න පුළුවන් practical tips 4ක් මේ තියෙන්නේ

1. Keep your own bank account

ගොඩක් couples බැන්දට පස්සේ Joint accounts පාවිච්චි කරනවා. ඒක හොඳයි, හැබැයි ඔයාට විතරක් access තියෙන, ඔයාගේ නමින් විතරක් තියෙන bank account එකක් තියෙන එක අනිවාර්යයි. මේක partner ගෙන් හංගන්න ඕනේ නෑ, හැබැයි passwords ශෙයා කරගන්න එපා.
මේකේ වාසි දෙකක් තියෙනවා.
ඔයාට partner ගෙන් අහන්නේ නැතුව වියදම් කරන්න පුළුවන් personal සල්ලි ටිකක් මේකේ තියෙනවා.
මොකක් හරි ප්‍රශ්නයක් වෙලා relationship එකෙන් අයින් වෙන්න ඕනේ වුනොත් ඒකට “safety net” එකක් විදිහට මේ සල්ලි පාවිච්චි කරන්න පුළුවන් (ඉස්සර මේවට කිව්වේ ‘running away money’ කියලා).

2. BFA එකක් හදාගන්න (Get a Binding Financial Agreement)

සාමාන්‍යයෙන් අපි මේකට Prenup කියලා කිව්වට, Australia වල නීතියට අනුව මේකට කියන්නේ BFA (Binding Financial Agreement) කියලා. සමහරු හිතනවා මේකක් හදන්නේ වෙන් වෙන්න බලාගෙන ඉන්නවා කියලා. හැබැයි ඇත්තටම ඒකෙන් කියවෙන්නේ “අපි කවදාහරි වෙන් වෙන්න වුනොත් ඒක දෙන්නටම fair විදිහට, නීතිමය ප්‍රශ්න නැතුව විසඳගන්න ඕනේ” කියන එකයි .Australia වලදී ඔයාලා De facto හිටියත්, බැඳලා අවුරුදු ගාණක් වුනත් මේ වගේ legal agreement එකක් හදාගන්න පුළුවන්. හැබැයි මේක අනිවාර්යයෙන්ම proper channels හරහා (legal & financial advice අරගෙන) කරන්න ඕනේ.

3. Maintain the ability to earn an income

Australia වල තියෙන living cost එකත් එක්ක පවුලේ එක්කෙනෙක් විතරක් earn කරන එක (breadwinner කෙනෙක් මත depend වෙන එක) ලොකු risk එකක්. හදිස්සියේවත් ඒ කෙනාට අසනීපයක් වුනොත්, එහෙමත් නැත්නම් AI නිසා job එක නැති වුනොත් මොකද කරන්නේ?
ඒ නිසා ඔයා full-time වැඩ කරන්නේ නැති කෙනෙක් වුනත්, Australia වල තමන්ගේ field එකේ අලුත් දේවල් ඉගෙන ගන්න එක, CPD (Continuing Professional Development) requirements complete කරන එක, networking events වලට යන එක වගේ දේවල් වලින් ඔයාගේ earning potential එක දිගටම maintain කරගන්න.

4. Financial Abuse ගැන අවධානයෙන් ඉන්න

Financial abuse කියන්නේ relationship එකක තියෙන්න පුළුවන් ලොකුම red flag එකක්. Australia වල statistics වලට අනුව කාන්තාවන් 6 දෙනෙක්ගෙන් එක්කෙනෙක් සහ පිරිමි අය 14 දෙනෙක්ගෙන් එක්කෙනෙක් තමන්ගේ ජීවිත කාලය ඇතුළත මේ තත්වයට මුහුණ දෙනවා. ඔයාගේ සල්ලි පාලනය කරන්න හදනවා නම්, ඔයාගේ financial decisions වලට බාධා කරනවා නම් ඒක acceptable නෑ. Power of attorney වගේ documents වලට sign කරද්දී ගොඩක් පරිස්සම් වෙන්න.

ඔයා මේ වගේ තත්වයකට මුහුණ දෙනවා නම්,Australia වල උදව් ගන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා.

1800RESPECT (1800 737 732) – National Helpline

Lifeline (131 114)

Centre for Women’s Economic Safety

හැබැයි මතක තියාගන්න, සල්ලි ගැන පොඩි පොඩි රණ්ඩු ඇතිවෙන එක normal. එහෙම ප්‍රශ්න තියෙනවා නම් Relationships Australia හරහා හරි ඔයාගේ employer දෙන EAP (Employee Assistance Program) හරහා හරි relationship counselling වලට යන එක ගොඩක් වටිනවා (Divorce වෙනවට වඩා).

Relationship එකක් කියන්නේ ලොකු responsibility එකක්. Australia වල life එක enjoy කරන ගමන් මේ financial tips ටික පාවිච්චි කරලා ඔයාගේ future එකත් safe කරගන්න!

-ABC News-

 

Don't forget to share this post!

Recent Posts