ඕස්ට්‍රේලියාවේ ඊළඟ Federal Election එකට තව අවුරුදු දෙකක් විතර කල් තිබුණත් එරට ප්‍රධාන දේශපාලන පක්ෂ දැනටමත් තමන්ගේ Immigration Policies ඉදිරිපත් කරලා ඉවරයි. බොහෝ දෙනාගේ අවධානය යොමු වෙලා තියෙන ප්‍රධාන topic එකක් තමයි මේ Net Overseas Migration (NOM) එහෙමත් නැත්නම් රටට එන සහ රටින් යන අයගේ ශුද්ධ අගය අඩු කරන එක.
පක්ෂ වල සැලසුම් මොනවාද? මේවා ඇත්තටම ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල්ද?
Labor Party එකේ සැලසුම මොකක්ද?
Labor රජය බලාපොරොත්තු වෙන්නේ 2027-28 වෙද්දී NOM අගය 225,000 දක්වා අඩු කරන්නයි. ඒ සඳහා ඔවුන් ගෙනෙන ප්‍රධාන වෙනස්කම් කිහිපයක් තියෙනවා.
Healthcare, construction, education සහ law enforcement වගේ අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර වල visa applicants ලාට මුල් තැන දෙනවා.
අත්‍යවශ්‍ය නොවන අනෙකුත් visa applications process වෙන එක ටිකක් slow කරනවා.
මේ visa වලට apply කරන අයගේ wait times මාස 3ක් දක්වා දික් කරනවා වගේම, 2nd සහ 3rd year visa සඳහා regional work requirements එක්ක අලුත් ballot system එකක් හඳුන්වා දෙනවා.
International students ලා එක course එකකින් තව course එකකට මාරු වෙමින් දිගටම රටේ රැඳෙන්න හදන “visa hopping” ක්‍රමය සීමා කරනවා.

The Coalition පක්ෂයේ සැලසුම
ප්‍රධාන විපක්ෂය වන Coalition එකේ නායක Angus Taylor කියන විදිහට, ඔවුන්ගේ ඉලක්කය තමයි 2028-29 පළමු අවුරුදු දෙක ඇතුළත NOM අගය 100,000 දක්වා දැවැන්ත ලෙස අඩු කරන එක. මේක ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ ලොකුම immigration cut එක විදිහටයි සැලකෙන්නේ.
ඔවුන් බලාපොරොත්තු වෙන්නේ Bridging සහ Protection visas 400,000 ඉඳන් 20,000 දක්වා අතිශයින්ම අඩු කරන්නයි.
International students ලාට graduate වුණාට පස්සේ දෙන Temporary Graduate Visas 10,000 කට සීමා කරන්නත් ඔවුන් සැලසුම් කරනවා.
කෙසේ වුවත්, දැනටමත් Bridging visas වල ඉන්න අයට මේ නීති බලපාන්නේ නැති වෙන්න (grandfathered) කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.
One Nation සහ The Greens පක්ෂ කියන්නේ මොනවාද?
One Nation පක්ෂයේ සැලසුම තමයි ඉදිරි අවුරුදු 3 ඇතුළත temporary visa holders ලා ගණන 750,000 කින් අඩු කරන එක. ඒ වගේම Annual student visa cap එක 115,000 කටත්, Graduate visas 20,000 කටත් සීමා කරලා NOM අගය 130,000 ක ceiling එකක තියාගන්න ඔවුන් යෝජනා කරනවා.
නමුත් The Greens පක්ෂය නම් මේ Numbers hyper focus ක්‍රමයට කැමති නැහැ. ඔවුන්ගේ නායක David Shoebridge පවසන්නේ මේ විදිහට හිතෙන හිතෙන ඉලක්කම් දෙන එකෙන් වැඩක් වෙන්නේ නෑ වගේම අනිත් පක්ෂ මේ numbers දිගින් දිගටම වෙනස් කරමින් ඉන්නවා කියලයි.
Experts ලා මේ ගැන මොකද කියන්නේ?
Immigration ගැන හොඳටම දන්න experts ලා දෙන්නෙක් වන Abul Rizvi (හිටපු senior immigration official) සහ Anna Boucher (University of Sydney) මේ ගැන දක්වන්නේ වෙනස්ම අදහසක්.
Rizvi කියන විදිහට Labor party එක දැනට තියෙන ඉහළ visa refusal rate එකත් එක්ක ඔවුන්ගේ 225,000 ඉලක්කයට යන්න ලොකු chance එකක් තියෙනවා.හැබැයි Coalition එකේ 100,000 ඉලක්කය නම් near impossible දෙයක් කියලයි ඔහු කියන්නේ. මොකද Bridging visas වල වැඩිපුරම ඉන්නේ students ලා, ඕස්ට්‍රේලියානු පුරවැසියන්ගේ partners ලා, වයසක දෙමාපියන් සහ asylum seekers ලා. මේ අයගේ visas එකපාරටම cancel කරලා රටින් යවන්න නීතියෙනුත් බැහැ වගේම ඒක ප්‍රායෝගිකත් නැහැ. ඔහු ගණන් බලන විදිහට Coalition එකට උපරිම අඩු කරන්න පුළුවන් 200,000 ට විතරයි.
මේ විදිහට එකපාරට Migration අඩු කළොත් අනිවාර්යයෙන්ම Aged care වගේ අංශ වල ලොකු workforce shortages එන්න පුළුවන් කියලා Rizvi අනතුරු අඟවනවා.
Anna Boucher පෙන්වා දෙන විදිහට UK, Canada වගේ රටවල් වලත් migration අඩු කරාම ලොකු labour shortages ආවා. ඒ වගේම Bridging visas වගේ දේවල් cut කළොත් වෙන්නේ paper එකේ විතරක් migration ගාණ අඩුවෙලා, හොරෙන් රටේ ඉන්න අය (undocumented migrants) වැඩි වෙන එකයි.
දේශපාලන පක්ෂ කොහොම numbers පෙන්නුවත් ඕස්ට්‍රේලියාවේ strong labour market එකත් එක්ක එකපාරටම migration අඩාල කරන එක එතරම් පහසු දෙයක් නොවේ.