Australia වල මාර්ග ආරක්ෂාව (Road Safety) පහුගිය දශක කිහිපය පුරාවටම පැවතුනේ සතුටුදායක තත්වයකයි. Seatbelts සහ drink-driving නීති නිසා 1970 ගණන් වල ඉඳන් road accidents අඩු වෙමින් තිබුණා. නමුත් 2020 වසරේ ඉඳන් මේ තත්වය සම්පූර්ණයෙන්ම කණපිට හැරිලා. මේ වෙද්දී Australia ව පසුගිය අවුරුදු 15 ඇතුළත වාර්තා වුණු වැඩිම රිය අනතුරු මරණ සංඛ්යාව (Highest number of road deaths) කරා ගමන් කරමින් ඉන්නවා.
2030 වෙද්දී road fatalities හරි අඩකින් අඩු කිරීමේ National Target එකක් තිබුණත් ඉදිරියට එය අපහසු විය හැකිය.

මේ විදිහට එකපාරටම Accidents වැඩි වුණේ ඇයි?
වාහන ඉස්සරට වඩා ගොඩක් Safe වෙලා තියෙද්දීත්, පාරවල් හැදීමට විශාල මුදලක් වියදම් කරද්දීත් මෙහෙම වෙන්නේ ඇයි? Researchers ලා පෙන්වා දෙන ප්රධාන හේතු කිහිපයක් තියෙනවා,
අවුරුදු 20කට කලින් accidents වලට ප්රධානම හේතුව වුණේ බීමත්කම. ඒත් දැන් ඒ තැනට Drugs (මත්ද්රව්ය) ඇවිල්ලා. Fatal crashes (මාරක අනතුරු) වලට සම්බන්ධ අයගෙන් 17% කගේම ඇඟේ මත්ද්රව්ය තිබිලා අහුවෙලා තියෙනවා.
දැන් ගොඩක් අය පාවිච්චි කරන වාහන (SUVs, Utes වගේ) size එකෙන් ලොකුයි වගේම බරයි. මේවා ඇතුළේ ඉන්න drivers ලට safe වුණාට පාරේ යන අයට ගොඩක් අනතුරුදායකයි. Research වලට අනුව වාහනේ උස 10cm කින් වැඩිවෙනකොට, අනතුරකදී pedestrian (පදිකයෙක්) මැරෙන්න තියෙන risk එක 11% කින් ඉහළ යනවා.
Australia වල speed limits 1970 ගණන් වලින් පස්සේ ලොකුවට වෙනස් වෙලා නැහැ. ජනගහනය සහ වාහන ප්රමාණය වැඩි වෙලත් මේ පරණ වේග සීමාවන්ම පාවිච්චි කිරීම ලොකු අවදානමක්. (උදාහරණයක් විදිහට Spain වගේ රටවල් urban areas වල වේග සීමාව 30 km/h දක්වා අඩු කරලා මරණ ගොඩක් අඩු කරගෙන තියෙනවා.)
මෙම තත්වය නිසා ගොඩක්ම අමාරුවේ වැටිලා ඉන්නේ Vulnerable road users ලා. ඒ කියන්නේ පාරේ පයින් යන අය (pedestrians), බයිසිකල් පදින අය (cyclists) සහ මෝටර් බයිසිකල් පදින අයයි.
Australia ව කලින් ලෝකේ හොඳම road safety තියෙන රටවල් 10 (OECD top 10) ඇතුළේ හිටියත් දැන් ඒක top 20 වලටම වැටිලා.

රජයේ අවසාන ඉලක්කය වෙලා තියෙන්නේ 2050 වෙද්දී Road deaths බිංදුව (Zero fatalities) කිරීමයි. මේකට ප්රධාන වශයෙන්ම බලාපොරොත්තු තියාගෙන ඉන්නේ AI තාක්ෂණයෙන් වැඩ කරන Autonomous and connected vehicles හරහායි. මොකද මනුස්සයෙකුට වඩා ඉක්මනට පාරේ යන කෙනෙක්ව detect කරන්න මේ වාහන වලට පුළුවන් වෙනවා.නමුත් මේ අලුත් වාහන ලෝකෙටම ව්යාප්ත වෙන්න තව සෑහෙන කාලයක් යනවා. ඒ නිසා එතකන් මේ අහිමි වෙන ජීවිත බේරගන්න නම් රජය විසින් නිවැරදි Data මත පදනම් වුණු අලුත් Road Safety policies ගෙන ඒම අත්යවශ්ය වෙලා තියෙනවා.
-ABC News-