ඔක්තෝබර් 31 කියන්නේ ලෝකෙ බොහෝ දෙනෙක් Halloween සමරන දවස. නමුත් ඕස්ට්රේලියා වල Halloween කියන්නේ නිකම්ම American විලාසිතාවක් copy කිරීමක් නෙවෙයි. එය දැන් ඕස්ට්රේලියාවේ local twists එක්ක සමරන සුවිශේෂී event එකක් බවට පත්වෙලා තියෙනවා.
Halloween වල පටන් ගැනීම
ගොඩක් අය හිතන්නේ Halloween කියන්නේ American දෙයක් කියලා වුණාට, මෙහි ආරම්භය 1840 ගණන් වල ඇමරිකාවට ආපු Irish immigrants ලා හරහා සිදුවූවක්. ඊටත් කලින් pre-Christian කාලයේ “Samhain” කියන Irish Pagan New Year festival එකෙන් තමයි මේක ආරම්භ වෙලා තියෙන්නේ. අද භාවිතා කරන Jack-o’-lanterns (වට්ටක්කා ලාම්පු) සහ trick-or-treating වගේ දේවල් පවා Scottish සහ Irish folklore වලින් පැවත එන චාරිත්ර වෙනවා.

Australia වලට ආවේණික Halloween Traditions
ඕස්ට්රේලියාවේ Halloween සැමරීම ඇමරිකාවට වඩා ටිකක් වෙනස්. ඕස්ට්රේලියාවේ ළමයි trick-or-treating යන්නේ ගොඩක් වෙලාවට දහවල් කාලයේ (daylight hours). ගෙවල් වල trick-or-treaters ලාව පිළිගන්න කැමති බව පෙන්වන්න letterbox එකේ තැඹිලි පාට බැලුන් (orange balloons) ගැටගසා තැබීම මෙහි දක්නට ලැබෙන unique ලක්ෂණයක්. තවද එක ගෙදරක decorations දැක්කම අනිත් අයත් ඒක follow කරන එකෙන් මුළු පාරම එකතුවෙලා මේක ලොකු social event එකක් විදියට සමරනවා.
මේ කාලේදී Health සහ Wildlife Safety ගැනත් හිතන්න.ඒ විතරක් නෙමෙයි සතුන්ට හානි කරන Decorations Fake spider webs වගේ decorations භාවිතා කිරීමෙන් වළකින්න. මේ කාලය ඕස්ට්රේලියාවේ කුරුල්ලන්ගේ nesting season එක නිසා, මේ කෘතීම දැල් වල පැටලිලා කුරුල්ලන්ට, වවුලන්ට (bats) සහ possums වැනි සතුන්ට ජිවිත හානි පවා සිදුවිය හැකියි.

Halloween කාලයට Horror films වලට තියෙන ඉල්ලුම විශාලයි. අද වෙද්දී Horror genre එක කියන්නේ බිලියන ගණනක industry එකක්. A24 වගේ studios මගින් දැන් නිකම්ම ලේ හැලෙන ෆිල්ම්ස් වෙනුවට psychologically rich films නිර්මාණය කරනවා. ලෝක ප්රසිද්ධ වුණු Talk to Me නිර්මාණය කළ Australian නිවුන් අධ්යක්ෂකවරුන්ගේ අලුත්ම ෆිල්ම් එක වන Bring Her Back (2025) සහ Australian නළු Jacob Elordi රඟපාන Frankenstein (2025) වැනි නිර්මාණ හරහා ඕස්ට්රේලියානු සිනමාවත් මේ trend එකේ පෙරමුණ ගෙන සිටිනවා.
Happy Halloween 2026! 🎃