2026 සැප්තැම්බර් මාසයේ නිකුත් කළ Recruitment Experiences and Outlook Survey (REOS) දත්ත වලට අනුව ඔස්ට්රේලියාවේ සේවකයින් බඳවා ගැනීම (recruitment) තරමක් අඩු වී තිබුණත් සුදුසු සේවකයින් සොයාගැනීමේ අපහසුතාවය (hiring difficulties) තවදුරටත් වැඩි වී තිබෙනවා.
මෙම වාර්තාවේ සඳහන් වන පරිදි Recruitment සහ Hiring Difficulties වල දැන් තත්වය
සැප්තැම්බර් මාසයේදී employers ලාගෙන් 47% ක් සේවකයින් බඳවා ගනිමින් සිටි අතර එය පසුගිය වසරට සාපේක්ෂව 3% ක අඩු වෙලා තියෙනවා.තවද බඳවා ගැනීම් සිදු කරන employers ලාගෙන් 45% කටම සුදුසු සේවකයින් සොයාගැනීම අපහසු වී තිබෙනවා (මෙය පසුගිය වසරට වඩා 3% ක වැඩිවීමකි).

වඩාත්ම බලපෑමට ලක්වූ රැකියා සහ කර්මාන්ත (Industries)
Technicians සහ Trades Workers අංශයේ පුරප්පාඩු සම්පූර්ණ කිරීම ඉතාමත් අසීරු වෙලා තියෙනවා. Employers ලාගෙන් 65% කටම සේවකයින් සොයාගැනීම අමාරු වී ඇති අතර 60% ක් vacancies මාසෙකට වඩා fill නොවී පවතීනවා.
Accommodation & Food Services වැඩිම recruitment rate එකක් වාර්තා වෙන්නේ මෙම අංශයෙනි (66%).
Manufacturing සහ Construction මෙම අංශවල පිළිවෙලින් 58% ක් සහ 56% ක් ලෙස ඉහළ hiring difficulties වාර්තා වී තිබෙනවා.

ප්රාදේශීය වෙනස්කම් (Regional Differences)
Major cities (ප්රධාන නගර) වලට වඩා Outer Regional සහ Remote areas වල recruitment (53%) සහ hiring difficulty (53%) යන දෙකම ඉහළ මට්ටමක පවතිනවා. කෙසේ වෙතත් Inner Regional Australia හි recruitment activity එක පසුගිය වසරට වඩා 5% කින් (52% දක්වා) වර්ධනය වී තිබීම විශේෂත්වයකි.
ඉදිරි මාස 3 සඳහා 19% ක් employers ලා තමන්ගේ staff එක වැඩි කරන්න බලාපොරොත්තු වන අතර, 3% ක් පමණක් staff එක අඩු කිරීමට අපේක්ෂා කරයි. නමුත් staff එක වැඩි කිරීමට බලාපොරොත්තු වන ප්රතිශතය පසුගිය වසරට වඩා 4% කින් අඩු වෙලා තියෙනවා.
ඔස්ට්රේලියාවේ රැකියා අවස්ථා පැවතියත් විශේෂයෙන්ම Trades, Manufacturing සහ Construction වැනි අංශ සඳහා සුදුසු නිපුණතා (skills) ඇති සේවකයින් සොයාගැනීම employers ලාට විශාල අභියෝගයක් වී තිබෙනවා.
සම්පුර්ණ වාර්තාව කියවන්න යොමුවන්න.
https://www.jobsandskills.gov.au/data/recruitment-experiences-and-outlook-survey/spotlight-articles