Australia හි අධ්යාපනය ලබන්න බලාපොරොත්තු වෙන සිසුන්ට මෙන්ම education agents ලටත් ගොඩක් වැදගත් වෙන නිවේදනයක් Australian Department of Home Affairs විසින් නිකුත් කරලා තියෙනවා. Student visa applicants ලගේ ‘Genuine Student’ requirement එක සහ ‘Financial capacity’ framework එක තවත් ශක්තිමත් කරන්න අවශ්ය reforms (වෙනස්කම්) කිහිපයක් ගැන ඔවුන් මේ දිනවල මහජන අදහස් විමසීමක් (public consultation) ආරම්භ කරලා තියෙනවා.
අලුත් වෙනස්කම් මොනවාද?
2026 ඔක්තෝබර් 30 වෙනිදා Assistant Minister Julian Hill පවසන පරිදි Australia රජයේ ප්රධාන අරමුණ වෙන්නේ උසස් තත්වයේ අධ්යාපනයක් ලබාගැනීමට එන “Genuine Students” (සැබෑ සිසුන්) ආකර්ෂණය කර ගැනීමයි. ඒ හරහා Student visa program එකේ integrity එක ආරක්ෂා කිරීම මෙම යෝජනාවල ප්රධාන අරමුණක් වෙනවා.

මෙම Consultation එකේ ප්රධාන අවධානය යොමු වන කරුණු මොනවාද?
Genuine Student Requirement- සිසුන්ව ඇගයීමට ලක් කරන Ministerial Direction 106 යාවත්කාලීන කිරීම හරහා applicants ලට සහ education providers ලට පැහැදිලි අවබෝධයක් ලබා දීම.
Financial Capacity Framework- සිසුන්ට ඔවුන්ගේ tuition fees සහ living costs පියවා ගැනීමට ඇත්තටම ප්රමාණවත් මුදල් (genuine and sustainable access to funds) තියෙනවද යන්න තහවුරු කිරීමේ ක්රමවේදය ශක්තිමත් කිරීම.
Evidence Level 3 Countries- දීර්ඝකාලීන වෙනස්කම් සිදුවන තුරු, අතුරු පියවරක් (interim measure) විදිහට Evidence Level 3 රටවල primary applicants ලගේ financial evidence requirements තවත් දැඩි කිරීම.
තාම Final Decisions අරගෙනද?
නැහැ. මේ discussion paper එකේ තියෙන කිසිම දෙයක් ගැන තාම අවසන් තීරණයක් අරගෙන නැහැ. මේ consultation එක හරහා ලැබෙන අදහස් (feedback) සලකා බලලා තමයි රජය ඉදිරි පියවර ගන්නේ.

ඔබේ අදහස් යොමු කරන්නේ කොහොමද?
ඔබටත් මේ ගැන අදහස් දක්වන්න අවශ්ය නම් ඔවුන්ගේ “Strengthening the Genuine Student requirement and financial capacity framework” consultation paper එක අධ්යනය කරලා written submissions යවන්න පුළුවන්.
අවසන් දිනය (Deadline): 2026 නොවැම්බර් 23, සඳුදා 12:00 pm AEDT වලට පෙර
Email කළ යුතු ලිපිනය: student.visa.consultation@homeaffairs.gov.au
Email Subject එක: Student Visa Consultation – [ඔබේ අංශය හෝ ආයතනය]
ඇතුලත් කළ යුතු දේවල්: ඔබේ/ආයතනයේ නම, contact details, අදාළ sector එක (හෝ expertise එක), සහ අදාළ ප්රශ්න වලට පිළිතුරු.
මෙම අදහස් දැක්වීම් වලදී ඔබ ලබාදෙන personal details සහ submissions කිසිවක් Department website එකේ ප්රසිද්ධ කරන්නේ නැති බවටත් ඔවුන් සහතික කරලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදී මේ සම්බන්ධයෙන් stakeholder webinar එකකුත් පවත්වන්න Home Affairs Department එක සැලසුම් කරලා තියෙනවා.
මේ ගැන වැඩිපුර විස්තර දැනගන්න පිවිසෙන්න- https://www.homeaffairs.gov.au/help-and-support/how-to-engage-us/consultations/consultation-on-proposed-reforms-to-the-genuine-student-requirement-and-financial-capacity-framework