Exams ඉවර වේගෙන එන කාලෙත් එක්කම summer නිවාඩු කාලේ ඔයාගේ bank balance එක වැඩි කරගන්න, අලුත් යාලුවෝ අඳුරගන්න වගේම resume එක build කරගන්න summer job එකක් කියන්නේ නියම අවස්ථාවක්. Holidays පටන් ගන්න කලින්ම අනිත් අයට වඩා ඉස්සරහින් ඉඳලා job එකක් හොයාගන්න විදිය ගැන අපි බලමු.
1. University එකේ Career Service එකෙන් පටන් ගන්න
Job websites වලට යන්න කලින් ඔයාගේ university එකේ careers team එක meet වෙන්න appointment එකක් දාගන්න. මේක ගොඩක් දුරට free service එකක්.
Careers advisers ලට පුළුවන් ඔයාගේ resume එක check කරන්න, වැරදි හදන්න, cover letter එකක් ලියන්න වගේම interview practice කරන්නත් උදව් වෙන්න.
සමහර universities වලම වෙනම job boards තියෙනවා students ලවම hire කරන්න බලාගෙන ඉන්න employers ලත් එක්ක. ඔයාගේ resume එක අදාළ job එකට ගැලපෙන විදියට (tailor කරලා) හදාගන්න අමතක කරන්න එපා.
2. Job Searching පටන් ගමු
Resume එක ready වුනාට පස්සේ Seek, Indeed සහ LinkedIn වගේ platforms වල accounts හදාගෙන profile එක update කරන්න.
Jobs search කරද්දී ‘casual’ හෝ ‘part-time’ විදියට filter කරලා email alerts on කරගන්න. එතකොට අලුත් jobs ආපු ගමන් ඔයාගේ inbox එකටම දැනගන්න පුළුවන්.
හැම job එකටම එකම resume එක යවන්න එපා. Job advertisement එකේ තියෙන keywords පාවිච්චි කරලා අදාළ role එකට ගැලපෙන විදියට resume එක වෙනස් කරලා යවන්න.
3. Seasonal සහ Christmas Casual Roles ගැන අවධානය යොමු කරන්න
Summer කියන්නේ hospitality, retail සහ tourism industries වලට ගොඩක් busy කාලයක්. Cafes, restaurants, සහ shops මේ කාලෙට extra staff hire කරනවා.
සමහර වෙලාවට shop windows වල තියෙන job advertisements දැක්කම, කෙලින්ම ගිහින් කතා කරලා (walking in) resume එක දෙන එකත් ගොඩක් සාර්ථක වෙන්න පුළුවන්.
Paid work එකක් ඉක්මනටම හොයාගන්න බැරි වුනොත් volunteering කියන්නෙත් හොඳ backup option එකක්. ඒ වගේම regional areas වල part-time වැඩ කරන එකත් ඔයාට travel කරන්න පුළුවන් නම් හොඳ අවස්ථාවක්.

4. Paperwork සහ ඔයාගේ Rights ගැන අනිවාර්යයෙන් දැනගන්න
TFN (Tax File Number): ඔයාගේ පළවෙනි shift එකට කලින් හරියට tax ගෙවන්න අනිවාර්යයෙන්ම Tax File Number එකක් හදාගන්න.
Visa Conditions: Semester එක යන කාලේදී ඔයාට සති දෙකකට (fortnight) වැඩ කරන්න පුළුවන් උපරිම පැය 48යි. හැබැයි scheduled course breaks (නිවාඩු කාලේදී) ඔයාට unlimited hours වැඩ කරන්න පුළුවන්.
Pay Rates: ඔයාට නියමිත පඩිය ලැබෙන්න ඕනේ. 2026 July 1 ඉඳන් Australia වේ national minimum wage එක පැයකට $26.44 ක් වෙනවා. Casual employees ලට ඒක පැයකට අවම $33.05 ක් වෙනවා. ගොඩක් jobs මීට වඩා ගෙවනවා. පඩි ගැන මොනවාහරි අසාධාරණයක් දැනෙනවා නම් Fair Work Ombudsman හරහා දැනුවත් වෙන්න පුළුවන්.
Summer job එකකින් සල්ලි හොයනවාට වඩා local work experience එකක් හදාගන්න පුළුවන්. ඒ නිසා අදම university careers appointment එකක් දාගෙන apply කරන්න පටන් ගන්න.
Source: Insider Guides – How to Find a Summer Job in Australia as an International Student