Monetary Policy Board එක විසින් 2026 නොවැම්බර් 03 ගනු ලැබූ තීරණයකට අනුව cash rate target එක 25 basis points වලින් ඉහළ දමා තිබෙනවා. මේ අනුව නව පොලී අනුපාතය 4.85% ක් දක්වා ඉහළ ගොස් ඇත.
හදිසි වැඩි කිරීමට හේතුව?
ප්‍රධානතම හේතුව වන්නේ දිගින් දිගටම ඉහළ යන Inflation (උද්ධමනය) පාලනය කිරීමයි. මැදපෙරදිග යුධමය තත්ත්වය නිසා ඉහළ ගිය ඉන්ධන සහ අනෙකුත් භාණ්ඩ මිල ගණන් මෙයට සෘජුවම බලපා තිබෙනවා. මෙහි ඇති අනෙක් පුදුම සහගත කාරණය නම්, AI-related investments නිසා තාක්ෂණික භාණ්ඩවල මිල සීඝ්රයෙන් ඉහළ යාමත් මේ උද්ධමනයට ප්‍රබල හේතුවක් වීමයි. මේ තත්ත්වය මත, 2027 අවසන් වනතුරුත් inflation එක ඔවුන්ගේ ඉලක්කගත 2%–3% සීමාවට ගෙන ඒමට නොහැකි වනු ඇති බවට අනුමාන කෙරෙනවා.

Economy එකට සහ ඔබට වෙන දේ
මේ වනවිටත් ආර්ථිකය ක්‍රමයෙන් slow වෙමින් පවතිනවා. Housing prices සැලකිය යුතු ලෙස පහත වැටී ඇති අතර unemployment rate (විරැකියාව) ඉහළ ගිහින්. අනිත් පැත්තෙන්, data centres වැනි දේවල් ඉලක්ක කරගත් business investments වල වර්ධනයක් දක්නට ලැබුණත්, මේ ඉහළ යන interest rates නිසා නිවාස ඉදිකිරීම් (dwelling investment) සහ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා වියදම් (household consumption) තවදුරටත් අභියෝගයකට ලක්වෙනවා.

මෙය ඒකමතිකව ගත් තීරණයක් නොවෙයි. Board members ලා 6 දෙනෙක් rates 4.85% දක්වා වැඩි කිරීමට vote කරද්දී, තවත් 3 දෙනෙක් vote කර ඇත්තේ අනුපාතය කලින් තිබුණු 4.60% ම තබා ගැනීමටයි. එහෙත්, දිගින් දිගටම පවතින ගෝලීය අර්බුද මැද inflation එක පාලනය කරලා price stability එකක් ඇති කිරීම ඔවුන්ගේ ප්‍රධානම mandate එක වී තිබෙනවා.