සමහර අය Driving ඉගෙන ගන්න ටිකක් බය වෙනවා ඒ වගේම ඉගෙන ගන්න යන්නත් ලොකු වියදමක් දරන්නත් සිද්ද වෙනවා. නමුත් මේ තත්ත්වයට සාර්ථක විසඳුමක් ලබා දෙමින් වික්ටෝරියානු ප්‍රාන්තයේ Learner drivers ලා සහ ඔවුන්ගේ supervising drivers ලා (දෙමාපියන් හෝ භාරකරුවන්) සඳහා නොමිලේ විනාඩි 60ක professional driving session එකක් ලබා දීමේ වැඩසටහනක් පවත්වාගෙන යනවා.
Department of Transport and Planning සහ Transport Accident Commission ආයතනවල එකමුතුවෙන් දියත් වන මේ වැඩසටහන හරහා පවුල් 15,000 කට පමණ ප්රතිලාභ ලැබෙනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනවා.

මේ වැඩහටහන හරහා ලැබෙන Key Benefits
- සාමාන්‍යයෙන් professional driving lesson එකක් සඳහා ඩොලර් 100කට ආසන්න මුදලක් වැය වෙනවා. Cost of living එක්ක අරගල කරන පවුල් වලට මෙය විශාල සහනයක්.
- නවක රියදුරන් සඳහා අත්‍යවශ්‍ය road safety skills ලබා දීම.
- පැය 120 ක practice requirement එක සම්පූර්ණ කිරීම සඳහා learners ලාට සහය වීමට supervising drivers ලා තුළ ආත්ම විශ්වාසය ගොඩනැගීම.
සුදුසුකම් (Eligibility Criteria)
ආරම්භයේදී මෙම වැඩසටහන වයස අවුරුදු 16-19 කාණ්ඩයට පමණක් සීමා වී තිබුණත්, මේ වන විට එහි සුදුසුකම් පුළුල් (Expanded) කරලා තියෙනවා.
නවතම නිල තොරතුරු වලට අනුව ඔබ පහත සුදුසුකම් සපුරා තිබිය යුතු වෙනවා.
- Victorian learner permit එකක් හිමි අයෙකු වීම.
- වයස අවුරුදු 16 ත් 21 ත් අතර වීම.
- පැය 10 ත් 50 ත් අතර driving practice එකක් සම්පූර්ණ කර තිබීම.
- Lesson එක සඳහා fully licensed supervising driver කෙනෙක් (ඔබව වැඩිපුරම supervise කරන පුද්ගලයා) අනිවාර්යයෙන්ම සහභාගී වීම.
මේක ඇයි වැදගත් වන්නේ ?
සංඛ්‍යාලේඛන වලට අනුව, පළමු අවුරුද්ද ඇතුළත P-plate drivers ලා බරපතල අනතුරකට (serious crash) ලක්වීමේ සම්භාවිතාව සාමාන්‍ය රියදුරෙකුට වඩා 4 ගුණයකින් වැඩියි. 2007 වසරේ සිට ක්‍රියාත්මක වන Victoria’s Graduated Licensing System එක හරහා මේ වන විටත් තරුණ රියදුරන්ගේ අනතුරු 40% කින් පමණ අඩු කරගන්නට හැකි වී තිබෙනවා. මෙම ‘myLearners Free Lesson’ වැඩසටහන එම සාර්ථකත්වයේ තවත් එක් වැදගත් පියවරක්.
මෙම වැඩසටහනට සම්බන්ධ වී accredited instructors ලා බවට පත්වීම සඳහා driving instructors ලාටද නොමිලේ පුහුණුවීම් ලබාගත හැකියි.

අයදුම් කරන ආකාරය (How to Register)
ලියාපදිංචි වීම: http://mylearnersdrive.com.au වෙබ් අඩවියට පිවිස register වන්න.
FLID එක ලබාගැනීම: ලියාපදිංචි වූ පසු ඔබට Free Lesson ID (FLID) එකක් SMS එකක් හරහා ලැබෙනු ඇත.
http://mylearnersdrive.com.au
Book කිරීම: ඔබේ ප්‍රදේශයේ සිටින accredited instructor කෙනෙක්ව වෙබ් අඩවිය හරහා සොයාගෙන FLID එක ලබා දී ඔබේ lesson එක book කරගන්න.