ඕස්ට්‍රේලියාවේ ගෙවල් ගැන දුන් අලුත්ම තක්සේරුව!ඕනෙම දේකට මේ ගෙවල් ඔට්ටුද?

ඔස්ට්‍රේලියාව කියන්නේ ලස්සන රටක් වුණාට natural disasters (ස්වාභාවික විපත්) වලින් නම් කිසිම අඩුවක් නැති රටක්. ඉතින් මේ එන විපත් වලට මුහුණ දෙන්න දැනට තියෙන සහ අලුතින් හදන ගෙවල් කොයි තරම් සූදානම්ද? මෑතකදී AHURI (Australian Housing Urban Research Institute) එකෙන් නිකුත් කරපු අලුත්ම report එකකට අනුව නම් තත්වය ඒ තරම් හොඳ නැහැ. අනාගතයේදී ගංවතුර (floods), ලැව්ගිනි (bushfires) සහ දරාගන්න බැරි රස්නයක් (heatwaves) ආවොත් නිවාස වලට මොකද වෙන්නේ කියන එක ගැන මේ රිපෝට් එකෙන් ලොකු අවධානයක් යොමු කරලා තියෙනවා.

2050 වෙනකොට තත්වය තවත් දරුණු වෙන්න පුළුවන්!
AHURI පර්යේෂකයන් පෙන්නවා දෙන්නේ 2050 වෙනකොට කාලගුණික තත්වයන් තවත් නරක අතට හැරෙන්න පුළුවන්. ඒ නිසා දැනට අලුතින්ම හදන ගෙවල් පවා මේ අනාගත අභියෝග වලට මුහුණ දෙන්න ප්‍රමාණවත් නැහැ. මේකට විසඳුමක් විදිහට අලුත් ගෙවල් වල designs සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නත්, පරණ ගෙවල් වලට අලුත් අංග එකතු කරන්නත් (retrofitting) සිද්ධ වෙනවා.

වාර්තා වලට අනුව නිවාස වලට කරන්න වෙන ප්‍රධාන වෙනස්කම් කිහිපයක් :

ගංවතුරක් ආවොත් වතුර පිරිලා ගෙදරට හානි වෙන්නේ නැතුව, ලේසියෙන්ම වතුර බැහැලා යන විදිහට (controlled water ingress) ගෙවල් හදන්න ඕනේ. එහෙම නැත්නම් Queenslander-style එකට ගෙවල් උස්සලා හදන්න වෙනවා.

ලැව්ගිනි වලින් එන ගිනි පුපුරු (ember attacks) නිවසට ඇතුල් වෙන්න බැරි විදිහට design කරන්න වෙනවා.

රස්නේ කාලෙට AC එකක් නැතුව වුණත් ගෙදර ඇතුළේ ඉන්න පුළුවන් වෙන විදිහට (Thermal resilience) හොඳ insulation සහ වාතාශ්‍රය (cross ventilation) තියෙන්න ඕනේ.

වියදම වැඩි වුණත් අනාගතේට ලාභයක්!
මේ වගේ වෙනස්කම් කරන්න ගියාම ලොකු ගාණක් (hundreds of thousands of dollars) වියදම් වෙන්න පුළුවන්. නමුත් Adelaide University එකේ Senior Research Fellow කෙනෙක් වෙන Dr. Michaela Lang පවසන්නේ, මේ නිසා අනාගතයේදී insurance costs සහ repair වියදම් ගොඩක් ඉතුරු කරගන්න පුළුවන් වෙනවා.

උදාහරණයක් විදිහට Sydney වල ජීවත් වෙන Geoff Webster එයාගේ අවුරුදු 60ක් පරණ ගෙදරට solar panels, battery එකක්, double glazing සහ wall insulation දාලා renovate කරලා තියෙනවා. මේකට තව අමතරව ඩොලර් දස දහස් ගාණක් ගියත්, දැන් එයාගේ current බිල quarter එකකටම $200යි. දවල්ට AC එක දැම්මත් ඒකට හරියන්න solar එකෙන් කරන්ට් එක හැදෙන නිසා එයාට ලොකු බරක් නැහැ.

අලුත් නීති නිසා ගෙවල් වල ගණන් තවත් වැඩි වෙයිද?
මේ ඔක්කොම හොඳ අදහස් වුණත් Master Builders chief executive Denita Wawn නම් කියන්නේ මේ වගේ අලුත් නීති ගේන්න කලින් දෙපාරක් හිතන්න ඕනේ කියලයි.

Pandemic එකෙන් පස්සේ දැනටමත් ගෙවල් හදන වියදම 53% කින් වැඩි වෙලා තියෙනවා. ගෙවල් හදන අලුත් නීති රීති (National Construction Code) නිසා දැනටමත් අලුත් ගෙදරකට ඩොලර් දස දහස් ගාණක් අමතරව එකතු වෙනවා. “අන්තිමට මේ හැමදේකම බර වැටෙන්නේ ගෙවල් ගන්න ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ගේ කරපිටට” කියලා ඇය අනතුරු අඟවනවා.

කෙසේ වුවත් අනාගතේ එන ස්වාභාවික විපත් වලින් බේරෙන්න නම් අපේ ගෙවල් වල quality එක වැඩි කරන එක අනිවාර්යයි. නමුත් ඒක සාමාන්‍ය මිනිස්සුන්ට දරාගන්න පුළුවන් විදිහට balance එකේ කරන එක තමයි රජයේ වගේම ප්‍රතිපත්ති හදන අයගේ ලොකුම අභියෝගය වෙනවා.

 

Don't forget to share this post!

Recent Posts