ඕස්ට්‍රේලියාවේ අයට නත්තලට සුපිරිම chance එකක්! Real Christmas Tree එකක් ගෙදරටම ගෙන්න ගමුද?

නත්තලට තව සති 6ක් පමණක් ඉතිරි වී ඇති මේ කාලයේ artificial trees වලට වඩා නැවුම් සුවඳක් තියෙන Real Christmas tree එකක් ගෙදර තියාගන්න කැමති අයට අපූරු ආරංචියක් Amazon Australia විසින් අරගෙන ඇවිත් තියෙනවා. ඔබේ කාලය ඉතිරි කරමින් පළමු වතාවට Amazon ආයතනය ඕස්ට්‍රේලියාවේ විශාලතම Christmas tree farm එක වන Yeowarra Tree Farm (regional Victoria) සමඟ එක්වී අඩි 6ක් උසැති සැබෑම ‘radiata pine’ නත්තල් ගස් කෙලින්ම ඔබේ නිවසටම ගෙනැවිත් දීමට කටයුතු සූදානම් කර ඇත. මේ සඳහා Harris Farm Markets හි සහයෝගය ද Amazon වෙත ලැබී තිබෙනවා.

දැනට මේ සේවාව ලබා දෙන්නේ Metro Sydney, Melbourne සහ Brisbane යන නගර සඳහා පමණක් ඩිලිවරි කරනවා. Amazon Prime members ලා සඳහා ඩොලර් 199කට සහ Non-Prime members ලා සඳහා ඩොලර් 249කට මෙම ගස් order කළ හැක. මේ මිල ගණන් වලට delivery charges ද ඇතුළත් වේ. ඔබේ ගස November 27 සහ December 13 අතර කාලය තුළ නිවසටම deliver කෙරෙනු ඇත (checkout එකේදී delivery date එක බලාගත හැක). මේ වන විටත් Pre-orders open කර තියෙනවා. මෙම Real Christmas Trees limited ප්‍රමාණයක් පමණක් ඇති බැවින්, මෙම අවස්ථාව මඟහැර නොගැනීමට නම් ඉක්මනින් ඔබේ order එක place කරන ලෙස ඔවුන් දැනුම් දී සිටිනවා.

– TimeOut Australia-

Don't forget to share this post!

Recent Posts