ඕස්ට්‍රේලියාවේ Weekend එකට අඩු ගානට Luxury Trip එකක් යමුද? Best Budget-Friendly Trips 10ක්!

Weekend එකේ ලොකු ගාණක් වියදම් කරන්නේ නැතුව ලස්සන trip එකක් යන්න කමැති? Australia වල ඉන්න ඔයාට අතේ තියෙන මුදලට උපරිම වටිනාකමක් දෙන සුපිරිම day-trip destinations 10ක් ගැන අලුත්ම research එකකින් හෙළි වෙලා තියෙනවා. Car subscription company එකක් වන Rollin’ විසින් සිදු කළ මේ අධ්‍යනයට අනුව මේ හැම ගමනක්ම adults දෙන්නෙකුට $100 කට වඩා අඩු මුදලකින් නිම කරන්න පුළුවන්. විශේෂත්වය කියන්නේ මේ ගාණට fuel, food, attraction tickets සහ national park fees යන සියල්ලම ඇතුළත් වීමයි.

ලිස්ට් එකේ තියෙන සුවිශේෂීම තැන් කීපයක් මෙන්න:
Williamstown, SA ($66.04):
මේ ලිස්ට් එකේ අඩුම වියදමකින් යන්න පුළුවන් destination එක තමයි මේ. Adelaide ඉඳන් ලේසියෙන්ම යන්න පුළුවන් මේ ගමනේදී ගොඩක් අය ආස කරන ‘Whispering Wall’ එකේ අමුතු අත්දැකීම විඳගන්න පුළුවන්. ඒ වගේම Barossa Valley එක පැත්තේ රවුමක් දාන්නත් මේක නියම spot එකක්.

Perth Hills, WA ($72.15):
Perth වල ඉඳන් ළඟ නිසා මේ ගමනට petrol වලට යන්නේ $8.68ක් වගේ ඉතාම පොඩි ගාණක්. ඉතුරු වෙන සල්ලි වලින් ඔයාට Kalamunda වල තියෙන shops, galleries සහ සති අන්තයේ තියෙන farmers market වල ඇවිදලා enjoy කරන්න පුළුවන්.

Warburton, VIC ($72.23):
City traffic එකෙන් මිදිලා නිදහසේ forest trails වල ඇවිදින්න ලොකු ගස් කොළන් එක්ක nature එක enjoy කරන්න කැමති අයට මේක හොඳම තේරීමක්.

Coastal Escapes (Bribie Island & Goolwa):
ඔයා beach පැත්තට සහ coastal areas වලට කැමති නම්, Queensland වල Bribie Island ($76.59) සහ South Australia වල Goolwa ($86.24) කියන්නෙත් මේ top 10 list එකට ඇතුළත් වෙන ලස්සනම destinations දෙකක්.

Huon Valley, TAS ($93.78):
මේ ලිස්ට් එකේ ගොඩක් තැන් වල free attractions තිබුණත් Huon Valley හි තියෙන Wooden Boat Centre එකට ඇතුල් වෙන්න $32ක ticket එකක් ගන්න වෙනවා. ඒ කොහොම වුණත් මුළු ගමනටම යන total cost එක තාමත් $100ට අඩුයි.

The Top 10 Most Affordable Day Trips in Australia
budget-friendly තැන් 10 සහ adults දෙන්නෙකුට යන සම්පූර්ණ වියදම:

Williamstown, SA – $66.04

Perth Hills, WA – $72.15

Warburton, VIC – $72.23

Murray Bridge, SA – $73.41

Bribie Island, QLD – $76.59

Ross, TAS – $77.25

Goolwa, SA – $86.24

The Entrance, NSW – $89.04

Torquay, VIC – $93.40

Huon Valley, TAS – $93.78

ගමන අතරමගදී කන බොන දේවල් වලට යන වියදම පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන් වුණත් මේ estimates වලට අනුව පැහැදිලි වෙන ලොකුම දේ තමයි luxury getaway එකක් වගේ දැනෙන ලස්සන weekend trip එකක් යන්න ඔයාගේ wallet එක හිස් කරන්නම ඕනේ නැහැ කියන එක!

Don't forget to share this post!

Recent Posts