ඕස්ට්‍රේලියාවේ ඔයාගේ Job එකට ලොකුම demand එකක් තියෙන්නේ කොහෙද? City එකේද? Regional වලද?

Australia වල labour market එක තාමත් resilient මට්ටමක තිබුණත් යම්තාක් දුරට softening conditions දකින්න ලැබෙනවා. අලුත්ම “australian labour market for migrants-october 2026.” වාර්තාවට අනුව August 2026 වෙද්දී national trend unemployment rate එක 4.6% දක්වා වැඩි වෙලා තියෙනවා (මීට පෙර අවුරුද්දේ එය 4.3% ක් ලෙසයි සටහන් වුණේ).

job opportunities ගැන කතා කරද්දී occupation එක අනුව ලොකු වෙනසක් දකින්න පුළුවන්. August 2026 න් අවසන් වුණු වසර තුළ medical practitioners සහ nurses ලගේ advertised vacancies 19.2% කින් ඉහළ ගිහින් තියෙනවා. නමුත් ඒ කාලයේදීම education professionals ලගේ vacancies 18.5% කින් පහළ බැහැලා තියෙනවා.

Permanent employer-sponsored skilled visas වලින් ලොකු ප්‍රමාණයක් ලැබිලා තියෙන්නේ on-shore applicants ලටයි. මින් බහුතරයක් Professional, Scientific සහ Technical Services industry එකේ රැකියා සඳහා නිකුත් කරලා තියෙනවා. Major cities ඇතුළත මේ skilled migrants ලා distribution වෙලා ඉන්න විදිය occupation එක අනුව වෙනස් වෙනවා.

උදාහරණයක් විදියට Software Engineers ලා සහ External Auditors ලා ගොඩක්ම inner-city areas වල concentrated වෙලා ඉද්දි, Chefs, Carpenters, Motor Mechanics සහ Registered Nurses ලා major cities වල අනිත් areas පුරාම විසිරිලා ඉන්නවා.

Regional Australia වල workforce needs සම්පූර්ණ කරන්නත් මේ visas ලොකු දායකත්වයක් දෙනවා. Outer regional areas වල ප්‍රධාන වශයෙන්ම visa grants ලැබිලා තියෙන්නේ nurses, chefs සහ mechanics ලටයි. ඒ වගේම remote සහ very remote areas වල වැඩිපුරම primary visas නිකුත් කරලා තියෙන්නේ Health Care and Social Assistance, සහ Accommodation and Food Services කියන industries වලටයි. මීට අමතරව Mining industry එකත් remote areas වල කැපී පේනවා, විශේෂයෙන්ම East Pilbara කලාපය ඇතුළත Diesel Motor Mechanics ලට ලොකු ඉල්ලුමක් තියෙන බව වාර්තා වෙනවා.

සම්පුර්ණ වාර්තා කියවීම සදහා : https://www.jobsandskills.gov.au/publications/australian-labour-market-migrants-october-2026

 

 

 

Don't forget to share this post!

Recent Posts