ඕස්ට්‍රේලියා වල part-time Jobs වලට හොඳම කාලේ Summer එකද? වැඩියෙන්ම vacancies තියෙන Fields මෙන්න

University යන්න කලින් කීයක් හරි ඉතුරු කරගන්න වගේම, තමන්ගේ අතේ තියෙන වියදමට අමතර ආදායමක් හොයාගන්න හිතන කෙනෙක්ට Summer job එකක් කියන්නේ හොඳම විසඳුමක් වෙනවා. මේ seasonal jobs වලින් ඔබට මුදල් උපයන්න පුළුවන් වෙනවා වගේම ඔබ වැඩ කරන්න කැමති මොන වගේ ක්ෂේත්‍ර වලද කියලා හඳුනාගන්නත් ලොකු අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම ඔබේ අනාගත career එකට හොඳ ආරම්භයක් ගන්නත් මේක උදව්වක් වෙනවා.

Summer කාලය රැකියාවක් හොයාගන්න හොඳම කාලයක් වෙන්නේ ඇයි?
Seek ආයතනයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Blair Chapman පවසන පරිදි නත්තල් සහ Summer කාලය ලං වෙද්දී hospitality, retail සහ tourism යන ක්ෂේත්‍රවල රැකියා අවස්ථා විශාල වශයෙන් වැඩි වෙනවා.

Retail සහ Warehouse රැකියා: නොවැම්බර් මුල සිටම Black Friday sales නිසා retail ක්ෂේත්‍රයේ රැකියා වැඩි වෙනවා. ඊට අමතරව online shopping ඉහළ යාම නිසා warehouse හෝ “pick-packer” රැකියා සඳහාත් ලොකු ඉල්ලුමක් ඇති වෙනවා.

දේශීය සංචාරක කර්මාන්තය (Domestic Tourism): living cost ඉහළ යාම සහ ගුවන් ටිකට්පත් මිල අධික වීම නිසා ගොඩක් අය විදේශගත වෙනවා වෙනුවට තමන්ගේ රට ඇතුළෙම නිවාඩුව ගත කරන්න පෙළඹෙනවා. ඒ නිසා domestic tourism හරහාත් රැකියා අවස්ථා බිහි වෙනවා.

Second Job සොයන්නන්: වර්තමානයේ පවතින ආර්ථික පීඩනය නිසා තරුණ අය විතරක් නෙවෙයි, තමන්ගේ ආදායම වැඩි කරගන්න second job එකක් හොයන වැඩිහිටි පිරිස පවා මේ seasonal jobs වලට යොමු වෙනවා.

වැටුපට අමතරව ලැබෙන වාසි මොනවාද?

  • Teamwork සහ Time management skills දියුණු වෙනවා.
  • Communication සහ People skills වර්ධනය වෙනවා.
  • තමන්ගේ Confidence එක ගොඩක් වැඩි වෙනවා.
  • තමන් වැඩ කරන්න කැමති දේවල් මොනවාද කියලා අඳුරගන්න ලැබෙනවා.
  • ඒ වගේම වැඩ කරන්න අකමැති දේවල් මොනවාද කියලත් තේරුම් යනවා.
  • Problem-solving හැකියාවන් වර්ධනය වෙනවා.
  • සල්ලි හොයන්න මිනිස්සු විඳින මහන්සිය හොඳටම තේරුම් යනවා.
  • තමන්ගේ University life එකේ වටිනාකම හොඳින් අවබෝධ වෙනවා.
  • අනාගත Career එකට හොඳ Experience එකක් එකතු වෙනවා.
  • අලුත් සමාජයක් එක්ක ගැටිලා ජීවිතේට අලුත් අත්දැකීම් ලැබෙනවා.

රැකියාවකට Apply කරද්දී උපායශීලීව හිතන්නේ කොහොමද?
University of Melbourne හි සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් වන Irma Mooi-Reci පවසන්නේ තරුණ පිරිස summer employment ගැන මීට වඩා “strategically” හිතන්න ඕනේ කියලයි. රැකියාවක් හොයන්න කලින් ඔබ ඔබෙන්ම මේ ප්‍රශ්න අහන්න ඕනේ, ඔබට ඕනේ ඔබේ බිල්පත් ගෙවාගන්න මුදල් හොයාගන්න විතරද? එහෙමත් නැත්නම් CV එකට අත්දැකීමක් සහ reference එකක් එකතු කරගන්නද? නැත්නම් ඔබේ පළමු ස්ථිර රැකියාවට (permanent job) යන පාර හදාගන්නද?

ඔබේ අනාගත career goals වලට ගැළපෙන සහ අනාගත සේවායෝජකයෙක් (employer) වටිනාකමක් දෙන විදිහේ අත්දැකීමක් ලැබෙන රැකියාවක් තෝරාගන්න එක ගොඩක් වටිනවා. වර්තමානයේ job market එක සහ Artificial Intelligence (AI) ගැන පැතිරෙන විවිධ බියගැන්වීම් වලට බය නොවී, තමන් කැමති සහ ආශාවෙන් කරන්න පුළුවන් දෙයක් තෝරාගෙන ඒ හරහා උපරිමයෙන් ඉගෙන ගන්න කියලා මහාචාර්ය Mooi-Reci උපදෙස් දෙනවා.

Summer Job එකක් හොයාගන්නේ කොහොමද? (සහ සූරාකෑම් වලින් බේරෙන්නේ කොහොමද?)
රැකියාවක් හොයද්දී social media සහ job boards වල පළ වෙන දැන්වීම් බලනවාට අමතරව ඔබේ ප්‍රදේශයේ තියෙන ව්‍යාපාරික ස්ථාන වලට කෙලින්ම ගිහින් ඇබෑර්තු තියෙනවද කියලා අහන එකත් සාර්ථක ක්‍රමයක් වෙනවා. ඊට අමතරව, බොහෝ රැකියා දැන්වීම් පළ කරන්නත් කලින් පිරවෙන “hidden job markets” තියෙන නිසා ඔබ රැකියාවක් හොයන බව ඔබේ යාළුවන්ට සහ දන්නා හඳුනන අයට (personal networks) දැනුම් දීලා තියෙන එක ගොඩක් වැදගත් වෙනවා.

  • ඔබ තරුණ නම් හෝ මීට කලින් රැකියාවක් කරලා නැත්නම්, workplace rights සහ responsibilities ගැන දැනුවත් වෙලා ඉන්න එක අනිවාර්ය වෙනවා:
  • අඩු වැටුප් සහ නරක සේවා තත්ත්වයන්ගෙන් වළකින්න: සූරාකෑමට (exploitative) ලක් වෙනවා කියලා හිතෙන රැකියා ප්‍රතික්ෂේප කරලා වෙනත් විකල්ප වලට යන්න.
  • වැඩ කරන පැය ගණන සටහන් කරගන්න: ඔබ වැඩ කරන සෑම පැයකම වාර්තාවක් ඔබ ළඟ තබාගන්න.
  • Pay slips පරීක්ෂා කරන්න: ඔබට ලැබෙන වැටුප් පත්‍රිකා (pay slips) හොඳින් පරීක්ෂා කර බලලා, යම් වැරැද්දක් තියෙනවා කියලා හිතෙනවා නම් ඒ ගැන ප්‍රශ්න කරන්න බය වෙන්න එපා.

ඔබේ රැකියා අයිතිවාසිකම් ගැන වැඩිදුර තොරතුරු සහ සහාය ලබාගන්න අවශ්‍ය නම් Fair Work Ombudsman වෙබ් අඩවියට පිවිසෙන්න පුළුවන්. https://www.fairwork.gov.au/

Don't forget to share this post!

Recent Posts